Wednesday, April 24, 2024

ජේ.ආර්. ව්‍යවස්ථාවෙන් පසු මුල් වතාවට අල්ලස්කාර මංත්‍රීවරයකුට අසුන අහිමි වෙයි.

1978 ව්‍යවස්ථාවෙන් පසු ප්‍රථඹ වතාවට මැතිවරණ සමයකදී අල්ලස් දීම සනාථ වීම නිසා අධිකරණය මගින් මහජන නියෝජිතයකු අසුනින් පහ කර තිබේ.

1978 ව්‍යවස්ථාව මගින් සියයට සියයක සමානුපාතික මැතිවරණ ක්‍රමයක් හදුනවා දී අතුරු මැතිවරණ ක්‍රමය අහෝසි කරන ලදී.

වර්ථමානයෙහි පවතින  ක්‍රමය යටතේ  මහජන නියෝජිතයකුගේ අසුන ජන්ද පෙත්සමකින් අහෝසි වුව හොත් ඔහු නියෝජනය කළ පක්ෂයේ සම්පූර්ණ ලැයිස්තුවම අහෝසි නොවන බව මැතිවරණ පනතේ දක්වා තිබේ.

තවද එම අසුන වෙනුුුුුවෙන් පත් කරනු ඇත්තේ පොදු ජන පෙරමුණේ ලැයිස්තුවෙහි ඊළඟට සිටින අපේක්ෂකයාය.

මෙළෙස  අසුන අහිමි වූයේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොනරාගල දිස්ත්‍රික්කයට අයත් පළාත් පාලන ආයතනයකට තරග වැදුණු පොදු ජන පෙරමුණේ  අපේක්ෂකයෙකු වූ හර්ෂක ප්‍රිය දිසානායක ඡන්ද දායකයන්ට අල්ලස් ලබාදීම පිළිබඳව අධිකරණය හමුවෙහි වැරදිකරු වීම මගිනි.

මෙම නඩුකරය පවත්වා ගෙන ගියේ ඉතා දුෂ්කරතා මැද බවත්  මෙම සුවිශේෂි ජයග්‍රහණය සඳහා  තොරතුරු ලබා ගැනීමට තොරතුරු දැන ගැනීමේ පනත වැදගත් වූ බවත් ෆැප්රල් සංවිධානය සිය ප්‍රකාශයෙහි සඳහන් කරයි.

මෙම තීන්දුව ලබා දි ඇත්තේ  මොනරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක  ඊයේ එනම් සැප්තැම්බර් 13වනදාය.

පැෆරල් සංවිධානය විසින් පරාජිත එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක වනසිංහ මුදියන්සේලාගේ සාන්ත සමඟ එක්ව මෙම  නඩුව ගොනු කර තිබූණි. ඒ් සඳහා මැතිවරණ ක්‍රියා නිරීක්ෂන මධ්‍යස්ථානයේද සහාය ලැබී තිබේ.

අසුන අහිමි වූ පලාත් පාලන නියෝජිතයා‌ට අභියාචනයක් ඉදිරිපත් කිරීම පිනිස සි හයක කාලයක් තිබේ.

 

 

Archive

Latest news

Related news