Tuesday, May 7, 2024

ඒකාබද්ධ ඉල්ලීම: නඩු නැතිව හිජාස් හිස්බුල්ලා සිරගත කර දින 500ක්; වහාම නිදහස් කරනු! 

2021 අගෝස්තු 26 වන දිනට හිජාස් හිස්බුල්ලා සිරගත කර දින 500ක් ගත වී ඇත. හිස්බුල්ලා මහතා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නීතිඥයකු වන අතර මුස්ලිම් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටී අයෙකි.

පහතින් අත්සන් කරන ලද අපි, මෙම ඉල්ලීම නැවත අවධාරණය කරන අතර, හිස්බුල්ලා මහතා වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසත්, ඔහුට එරෙහි සියලු චෝදනා ඉවත් කරන ලෙසත් ලංකා රජයෙන් ඉල්ලා සිටිමු.

හිස්බුල්ලා මහතාව 2020 අප්‍රේල් මස 14 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී. මුලින්ම ඔහුට පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ බවට බොරු චෝදනා එල්ල විය. ඔහු ත්‍රස්ත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වැරදිකරු බවට මහජන මතයක් (හැඟීමක්) ඇති කිරීම සඳහා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ඔහුට එරෙහිව නපුරු (සාවද්‍ය) හා ඉතා අගතිගාමී වැරදි ප්‍රචාරයක් දියත් කරන ලදී. ඔහු අත්අඩංගුවට ගෙන මාස දහසයකටත් වැඩි කාලයක් ගත වී ඇතත්, කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවකට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් කිසිදු අධිකරණයකට ඉදිරිපත් කර නොමැත.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත සහ අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අධිචෝදනා පත්‍රය හිස්බුල්ලා මහතාට දැන් භාරදී ඇත. අධිචෝදනා පත්‍රයට අනුව හිස්බුල්ලා මහතා පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ චූදිතයකු නොවේ. නමුත් මෙම නීති උල්ලංඝනය කරමින් සිසුන්ට යම් යම් ප්‍රකාශ සිදු කළ බවට පමණක් චෝදනා එල්ල වේ. අධිචෝදනා පත්‍රය සඳහා ඇති එකම සාක්ෂිය නම්, හිස්බුල්ලා මහතා මඩකලපුවේ විශ්ව විද්‍යාලයක් හිමි පුද්ගලයකු ලෙස (එකම නමක් ඇති ප්‍රකට දේශපාලඥයකුට පැහැදිලි ඇගවිමකි) විස්තර කර ඇති එක් දරුවකුගේ ප්‍රකාශයක් බව පෙනී යයි. තවද, විනිසුරුවරයාට විශ්වාසයෙන් යුතුව ලබා දී තිබියදීත්, එම දරුවා විසින්ම මහේස්ත්‍රාත්වරයාට කළ තවත් ප්‍රකාශයක අඩංගු කරුණු කෙසේ මාධ්‍ය වෙත කාන්දු වූයේද යන්න පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. එම විමර්ශනය පොලීසිය නිසියාකාරව කරගෙන ගොස් නැත. හිස්බුල්ලා මහතාට එරෙහිව අසත්‍ය ප්‍රකාශ සිදු කිරීමට බල කළ බවට, ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් (ඒ සමඟම අධිචෝදනා පත්‍රය පදනම් කරගත් ප්‍රකාශය කළ දරුවා අත්අඩංගුවට ගනු ලැබීය.) තවත් ළමුන් හතර දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර තිබේ. හිස්බුල්ලා මහතා සම්බන්ධයෙන් අසත්‍ය සාක්ෂි ලබා ගැනීමේ උත්සහයකදී, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ට වධ හිංසා පමුණුවනු ලැබූ බවට ගුරුවරුන් දෙදෙනෙකු ඇතුළු සෙසු සාක්ෂිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කර ඇත.

2021 ජූලි 14 වෙනිදා ඔහු ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් හෘද සාක්‍ෂියේ සිරකරුවෙකු ලෙස පිළිගන්නා ලදී. හෘද සාක්‍ෂියේ සිරකරුවෙකු යනු නිර්වචනයට අනුව, අපරාධයක් නොකළ සහ හෘද සාක්ෂියට එකඟව තබාගත් විශ්වාසයන් නිසා හෝ ජනවාර්ගික හෝ ආගමික අනන්‍යතාවයට අදාළ වෙනස් කිරීම් හේතු කොටගෙන සිරගතව සිටින පුද්ගලයෙකු බව අපි සටහන් කරමු. එබැවින් හිස්බුල්ලා මහතා හෘද සාක්ෂියේ සිරකරුවෙකු ලෙස පිළිගැනීම ඔහුගේ නිර්දෝෂීභාවය නැවත තහවුරු කරන වැදගත් වර්ධනයකි.

හිස්බුල්ලා මහතා වහාම නිදහස් කරන ලෙසත්, ඔහුට එරෙහි සියලු චෝදනා ඉවත් කරන ලෙසත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන කිහිපයක් ඉල්ලා ඇත. නීතිඥයකු ලෙස කටයුතු කිරීම සහ මුස්ලිම් අනන්‍යතාවය හේතුවෙන් ඔහු වැරදි ලෙස සිරගත කර ඇති බව ශ්‍රී ලංකාවේ ශාස්ත්‍රාලීය ප්‍රජාව සහ සිවිල් සමාජ සංවිධානද පිළිගෙන ඇති අතර, ඔහු වහාම නිදහස් කරන ලෙසද ඉල්ලා ඇත.

හිස්බුල්ලා මහතාගේ නඩුව සහ ඒ හා සමාන වෙනත් නඩු, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුවන බරපතල මානව හිමිකම් අපයෙදුම් (උල්ලංඝනය කිරීම්) සංකේතවත් කරන ලෙසට, මානව හිමිකම් කවුන්සලයේ සහ යුරෝපා කොමිසමේ සාමාජිකයින්ගෙන් අපි ඉල්ලා සිටිමු.

පහතින් අත්සන් කරන ලද අපි, මෙම ඉල්ලීම නැවත අවධාරණය කරන අතර, හිස්බුල්ලා මහතා වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසත්, ඔහුට එරෙහි සියලු චෝදනා ඉවත් කරන ලෙසත් ලංකා රජයෙන් ඉල්ලා සිටිමු.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය සහ යුරෝපා කොමිසම විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව දැනට සමාලෝචනය කෙරෙමින් පවතින බව අපි සටහන් කරමු. මෙම ආයතන දෙකම විසින් සටහන් කර ඇති බරපතලම අපයෙදුමක් නම්, හිස්බුල්ලා මහතා වැනි මානව හිමිකම් ආරක්ෂකයින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන දිගු කාලීනව රඳවා තබා ගැනීමට පහසුකම් සැලසෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අඛණ්ඩව භාවිත කිරීම. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු විභාගයට පෙර සහ නඩු විභාගයේදී දමිළ පුද්ගලයින් දීර්ඝ කාලයක් රඳවාගෙන සිටී බව ඉස්මතු කිරීමට අපි අපේක්ෂා කරන්නෙමු. සමහර අවස්ථා වලදී, අවුරුදු පහළොවක් දක්වා වූ රැඳවුම් කාලයෙන් පසු රැඳවියන් නිදොස් කොට නිදහස් කර ඇත.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිසංස්කරණය කරන බවට ශ්‍රී ලංකා රජය පුන පුනා පොරොන්දු වූ අතර එම පොරොන්දු නිරන්තරයෙන්ම ප්‍රතික්ෂේප කළේය. මෙම නිතිය යටතේ අසාධාරණ ලෙස සිරගත කර සිටින අයව වහාම නිදහස් කිරීමෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් රජය සිය යහපත් විශ්වාසය පෙන්නුම් කරන බවට අවධාරණය කරන ලෙසට අපි ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටිමු. ඇත්තම කාරණය නම්, හිස්බුල්ලා මහතාගේ ඇපයට එකඟ වීම පවා රජය ප්‍රතික්ෂේප කිරීම ආණ්ඩුවේ නරක විශ්වාසය පෙන්නුම් කරයි.

හිස්බුල්ලා මහතාගේ නඩුව සහ ඒ හා සමාන වෙනත් නඩු, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුවන බරපතල මානව හිමිකම් අපයෙදුම් (උල්ලංඝනය කිරීම්) සංකේතවත් කරන ලෙසට, මානව හිමිකම් කවුන්සලයේ සහ යුරෝපා කොමිසමේ සාමාජිකයින්ගෙන් අපි ඉල්ලා සිටිමු. හිස්බුල්ලා මහතා වහාම නිදහස් කිරීමට හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යෙදවීමෙන් වැළැකීමට ශ්‍රී ලංකා රජයට බල කරන ලෙස අපි ඒ අනුව කවුන්සලයේ සාමාජික රාජ්‍යයන්ගෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවේ සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිමු.

මෙය 75 පුද්ගලයින් හා 23 ආයතන විසින් අනුමත කරන ලදි. එම ලැයිස්තුව මෙහි අගට ඇත:Immediate Release of Lawyer and Prisoner of Conscience Hejaaz Hizbullah – 26Aug2021 (Sinhalese)

 

Archive

Latest news

Related news