Thursday, May 2, 2024

උද්ඝෝෂනය අවසන් වී ආපසු යමින් සිටි ගුරුවර-ගුරුවරියන් අත්අඩංඟුවට ගැනීම බිය වැද්දවීමේ මුල් පියවරක්

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයට සම්බන්ධ ගුරුවර ගුරුවරියන් ඇතුලු හතලිස් දෙදෙනෙකු  අද  පොලිසිය අත්අඩංඟුවට ගත්තේය.

එළෙස අත් අඩංඟුවට ගත් උද්ඝෝෂකයින් හමුවී පැමිණි ජනතා නීතිඥයෝ එකතුවේ නිතිඥ සේනක පෙරේරා ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත පැවසුවේ මෙම සියළුම දෙනා අත්අඩංඟුවට ගෙන ඇත්තේ ඔවුන් ආපසු යමින් සිටියදී බවයි.

මෙළෙස අත්අඩංඟුවට ගෙන ඇත්තේ උද්ඝෝෂනයේ ප්‍රධානීන් නොවන බවත් ඉන් පැහැදිළි වන්නේ බිය ගැන්වීම  මෙහි අරමුණ යැයි සැක කළ හැකි බවය.

ඒ සඳහා සාක්ෂියක් ලෙස පහත සඳහන් විඩියෝව ඔහු දක්වයි. මෙම වීඩියෝව උද්ඝෝෂනයට වි ආපසු යමින් සිටි ගුරුවරයින් කිහිප දෙනෙකු අත්අඩංඟුවට ගැනීමේ අවස්ථාවකි.

 

එසේ නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන පවසා ඇත්තේ  විරෝධතාවය අතරතුර කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කිරීමේ චෝදනාව යටතේ විරෝධතාකරුවන් පැමිණි වාහන 10 ක් ද පොලිසිය භාරයට ගත් බවය.

මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර ගුරුවරුන් 26 දෙනෙක් සහ සහ ගුරුවරියන් 16 දෙනෙකු සිටින බව වාර්තාවේ. ඉතිරි 06 දෙනා සිවිල් පුද්ලයින්ය.

මෙම සියලු දෙනාම ඇන්ටිජන් ටෙස්ට් පරීක්ෂාවට ලක් කරන ලද අතර එහ ප්‍රතිපලය වූයේ කොවිඩි නෙගටිව් බවද දැන ගන්නට තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියන්නිනේ නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගත් බවත් අයුතු ජනරාශිය වැනි දණ්ඩ නීති සංග්‍රහය යටතේ වැරදි සඳහා ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කරන බවයි.

සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු ඔවුන්  අධිකරණයට ඉදිරිපත් කැරෙනු ඇත්තේ හෙට (05) යැයි ද නීතිඥ සේනක පෙරේරා සඳහන් කරයි.

මේ වනවිට එම ගුරුවර-ගුරුවරියන්න්ගේගේ දුරකථන පවා විසන්දි කරවා ඇති බවත් මෙවැනි බියගුලු අත්අඩංගුවට ගැනීම්වලට ගුරු අරලයේ නිරත ගුරුවර-ගුරුවරියන් බිය වැද්දිය නොහැකි බවත් ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසා තිබේ.

තවදුරටත් ඔහු සඳහන් කරන්නේ දුරබැහැර සිට පැමිණි ගුරුවරු අත්අඩංගුවට ගැනීමට අවශ්‍යතාවයක් නැති බවත් මෙම ගුරුවරු සියලු දෙනා පැමිණියේ පුද්ගලික රථවාහනවලින් බවත් ඒ අනුව කිසිවෙකුත් කිසිම නිරෝධායන නීතියක් උල්ලංඝණය කර නැති බවත්ය.

මේ තාත් විරෝධතාවයන්ට ඉඩදී සිටි රාජපක්ෂ ජය උද්ඝෝෂන මර්දනය කිරීමට සැරසෙන බවට මෙය ඉඟියක් යැයි ගුරු සංගම් ක්‍රියාකාරිනියෝ ප්‍රකාශ කරති.

Archive

Latest news

Related news