Tuesday, July 16, 2024

ලලිත් පිංතු ඝාතනය නීතියේ ආධිපත්‍ය බිදවැටීමේ සංකේතයක්; පරීක්ෂනය රහස් පොලීසියට දෙන්න – සේනක පෙරේරා

ඡායාරූපය: ලලිත් පිංතු සහ  ඔහු විසින් සිරගෙදරදී ලියා පළ කරන ලද පොත.

අපරාධ සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගරගතව සිට ඇප පිට නිදහස් කරන ලද ලලිත් පිංතු නම් පුද්ගලයාට ඊයේ එනම් ජූලි 17වනදා පොලීසිය විසින් වෙඩි තබා මරා දැමීම ගැන පරීක්ෂනය සීදුව පොලීසියෙන් ඉවත් කොට රහස් පොලීසියට බාර දිය යුතු යැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා ප්‍රකාශ කරයි.

මෙම මනුෂ්‍ය ඝාතනය මෙයට පෙර සිදුවූ අපරාධ සැකකරුවන් අනීතිකව ඝාතනය කිරීමේ තවත් පුරුකක් යැයි සැකයක් ඇතිවීම සාධරණ බව කියන නීතිඥ සේනක පෙරේරා ඝාතනය සිදුවූ ස්ථානයේ සීසීටීවී යනාදිය පරීක්ෂා කර බැලීම අවශ්‍ය බවද ප්‍රකාශ කරයි.

මිනිස් ඝාතන හයක්, කොල්ලකෑම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවකු සීදුව බේස්ලයින් පාරේදී විශේෂ කාර්ය බළකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර තිබේ. (ලංකාදීප වාර්තාව)

පොලිසිය විසින් වාහනයක ගමන් ගනිමින් සිටි ලලිත් පිංතුට පොලිසිය වෙඩි තැබුවේ ආත්මාරක්ෂාවට යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර ඇතත් එම පුද්ගලයා විසින් පොලිසියට වෙඩි තැබු බවක් එක එල්ලේ කියා නැත. වෙඩි වැදුණු කිසිදු පොලිස් නිලධාරියකු ගැනද වාර්තාවක් නැත.

එමෙන්ම වාර්තා වී ඇති අන්දමට වාහනයේ ගමන්ගත් අනෙක් දෙදෙනාට පොලිස් වෙඩි තැබීමෙන් තුවාල සිදුවූ බවත් හෝ සදහන් කර නැති බවත් දැනට වාර්තා වී ඇත්තේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවෙහි සිටින බව පමණක් බවත් නීතිඥ සේනක පෙරේරා ප්‍රකාශ කරයි.

තවද පොලිසිය ඔහුට වෙඩි තබා ඇත්තේ ඔහු ගමන්ගත් වාහනය හඹා ගොස් එය නතර කර ගැනීමෙන් පසුය.

මෙළෙස ඝාතනය කරන ලද ලලිත් පිංතු පතාලයට සම්බන්ධ අපරාධකරුවකු බව පෙන්නුම් කිරිමට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කරුණූ ඉදිරිපත් කරන නමුත් මෙයට පෙර සිදුවූ අනීතික මනුෂ්‍ය ඝාතන සාධාරණ කිරීමටද ඔහු මෙලෙස කරුණූ ඉදිරිපත් කළ බව නීතිඥ සේනක පෙරේරා සදහන් කරයි.

මෙරට ඉහළම අධිකරණයෙන් මිනීමරුවකු බව තහවුරු කල දුමින්ද සිල්වාට මහජන මුදල් මගින් වැටුප් ලබා දෙන  රාජ්‍ය ආයතනයක් සභාපතිකම් පිරිනමන ආණ්ඩුවක් ලලිත් පිංතුලාට කිසිදු නීතියක් නැතිවම මරණය අත්කර දීමෙන් පෙනී යන්නේ  පාතාල භුමිකාව වෙනස්  කිරීමේ නාමයෙන් නීතියේ ආධිපත්‍යයට පයින් ගසා කටයුතු කරන බව යැයිද සේනක පෙරේරා සඳහන් කරයි.

වසර තුනකට ඉහතදී  ලලිත් පිංතු විසින් සිරගෙදරදී  “රට කරවන්ට නම්” පොතක් ද  ලියා පළ කරන ලදී.

මෙම ඝාතනය රාජ්‍ය ත්‍රස්තවාදයේම කොටසක් ලෙස සැළකිය යුතු යැයි  ජනබල පවුර සංවිධානයේ ක්‍රියාධරයකු වන සුදේශ් නන්දිමාල් පවසයි. ජනබල පවුර සංවිධානයේ සභාපතිනිය වන අශීලා දන්දෙණිය සදහන් කරන්නේ මෙම ඝාතනය විසින් රටේ නීතියේ අධිපත්‍ය බිදවැටීම පෙන්නුම් කරන බවයි. ඇය තවදුරටත් සඳහන් කරන්නේ අපරාධකරුවක්ට දඩුවම් දීමට අධිකරණය තිබියදී එවැනි සැකකරුවන් මහමඟ ඝාතනය කිරීමද අපරාධයක් බවයි.

.

 

Archive

Latest news

Related news