Monday, May 20, 2024

පාතාලයට වඩා පාතාලයක් වෙන්න ආණ්ඩුවට බැහැ; රැදවියන්ගේ ජීවිතාරක්ෂාව සුරකිනු! – නීතිඥ සේනක පෙරේරා

පාතාලයට වඩා පාතාලයක් වීමට ආණ්ඩුවට අයිතියක් නැති බව පෙන්වා දෙන සිරකරු අයිතීවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා පොලිසිය විසින් අත්අඩංඟුවට ගෙක රඳවා සිටින රැදවියන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම ආණ්ඩුවේ වගකීම බව ‌අවධාරණය කරයි.

යමකු අත්අඩංඟුවට ගැනීම මෙන්ම එම තැනත්තා රිමාන්ඩ් බාරයට පත් කිරීම නීතිමය ක්‍රියාවළියක් බවත්  එම ක්‍රියාවළිය  කෙළෙසීම 1979 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් ආරම්භ වූ බවත් ඔහු ප්‍රකාශ කරයි. සැකකරුවකු රිමාන්ඩ් බාරයට පත් නොකර දීර්ඝ කාලයක් පොලිස් අත් අඩං‌ගුවෙහි රඳවා ගැනීමට එම පනත මගින් ප්‍රතිපාදන සළසා තිබේ.

තවද එසේ තිබියදීත් මෙරට නීතිය අනුව රිමාන්ඩ් බන්ධනාගාරගත කළ තැනැත්තෙක් තවදුරටත් රහස් පොලීසිය භාරයට නැතහොත් විධායක භාරයට පැනවීමේ නීතිමය ප්‍රතිපාදනයක් නැති බවත්   නැති ප්‍රතිපාදනයක් ඔස්සේ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යම් යම් පුද්ගලයින් තමන්ට බාර දෙන ලෙස  ඉල්ලා සිටිින බවත් නීතිඥ සේනක පෙරේරා ප්‍රකාශ කරයි.

පසුගිය කාලයේ එළෙස රහස් පොලීස් භාරයට ගත් පුද්ගලයින්ට වෙඩි තබා ඝාතනය කළ බවත් ඔහු සඳහන් කරයි.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා ‌මෙම අදහස් දැක්වූයේ ජුනි 16 බදාදා කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමිනි. එම වීඩියෝව පහත දැක්වේ:

Archive

Latest news

Related news