Tuesday, July 16, 2024

පාසල් 2000කට වැඩි ප‍්‍රදේශවලට අන්තර්ජාල ආවරණ නෑ, පරිගණක සාක්ෂරතාවය 23% යි, වතුකරයේදී 12% – සමිති, ඇමැතිට කියති.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ම දත්තවලට අනුව දිවයිනේ පාසල් 2000 කට වැඩි ප‍්‍රමාණයක් පවතින ප‍්‍රදේවලට අන්තර්ජාල ආවරණ නොමැති බව තහවුරු කරගෙන ඇත. එසේම ශී‍්‍ර ලංකාව තුළ පරිගණක සාක්ෂරතාවය පවතින්නේ 23% ක් වැනි අඩු ප‍්‍රතිශතයකට බවත්, වතුකර ප‍්‍රදේශවලදී එය 12% ක් තරම් අවම මට්ටමක් බව අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුසිල් ප්‍රේමජයන්තට ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු-විදුහල්පති වෘත්තීය සමිති  අද පෙන්වා දෙන ලදී.  මෙම සාකච්ජාව පැවැතියේ 020.03.12 දින කෝවිඞ් 19 වසංගත තත්වය මත මුලින්ම පාසල් වැසීමෙන් අනතුරුව වසරකුත් මාස 3 කට පසුවය.  මෙයට පෙර වෟත්තීය සමිති විසින් මෙම කරුණූ පෙන්වා ධී තිබූ නමුත් ආණෟඩ්ව ඒ් ගැන උනන්දුවක් දැක්වූයේ ද නැත.

අද පැවැති සාකච්ජාව ගැන ලංකා ගුරු සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනය පහත  දැක්වේ.

අසාර්ථක  online   අධ්‍යාපනයට විකල්පයක් පිළිබඳව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජන්ත මහතා හා වෘත්තීය සමිති අතර සාකච්ඡාවක්

කෝවිඞ් 19 වසංගත තත්වය මත බිඳවැටී ඇති පාසල් අධ්‍යාපනය පවත්වාගෙන යාමට සිදුකරනු ලබන අසාර්ථක  online  අධ්‍යාපනය වෙනුවට විකල්ප වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත මහතා  සහ ලංකා ගුරු සංගමය ඇතුළු ගුරු-විදුහල්පති වෘත්තීය සමිති අද (2021.06.11) දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්වීය. 2020.03.12 දින කෝවිඞ් 19 වසංගත තත්වය මත මුලින්ම පාසල් වැසීමෙන් අනතුරුව වසරකුත් මාස 3 කට පසු වෘත්තීය සමිති සමග මෙම ගැටලූව පිළිබඳ සාකච්ඡා සිදු කරන බව වෘත්තීය සමිති විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.

වසරකට වැඩි කාලයක් අති බහුතරයක් ළමුන්ට අධ්‍යාපන අවස්ථා අහිමි වී තිබියදී මේ සම්බන්ධයෙන් විකල්ප අධ්‍යාපන කි‍්‍රයාවලියක් පිළිබඳව සාකච්ඡා ප‍්‍රමාදවීම පිළිබඳව ද පෙන්වා දෙන ලදී. පාසල් අධ්‍යාපනය පවත්වාගෙන යාම වෙනුවෙන් දැනට සිදු කරන  online  අධ්‍යාපනයේ අසාර්ථක භාවය වෘත්තීය සමිති විසින් පෙන්වා දුන් අතර, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ද එය පිළිගන්නා ලදී. අධ්‍යාපන අමාත්‍යාංශයේ ම දත්තවලට අනුව දිවයිනේ පාසල් 2000 කට වැඩි ප‍්‍රමාණයක් පවතින ප‍්‍රදේවලට අන්තර්ජාල ආවරණ නොමැති බව තහවුරු කරගෙන ඇත. එසේම ශී‍්‍ර ලංකාව තුළ පරිගණක සාක්ෂරතාවය පවතින්නේ 23% ක් වැනි අඩු ප‍්‍රතිශතයකට බවත්, වතුකර ප‍්‍රදේශවලදී එය 12% ක් තරම් අවම මට්ටමක් බවත් මෙහිදී අවධානයට ගන්නා ලදී.

online  අධ්‍යාපනය, බිඳවැටුණු පාසල් අධ්‍යාපනයට එකම විකල්පය ලෙස පැවතීම තුළින් විශාල පිිරිසකට අධ්‍යාපනය අහිමි වී ඇති බවත්, ඔවුන්ට අධ්‍යාපනය ලැබී ඇත්තේ 2020 සහ 2021 වසරවලදී පාසල් පැවැත්වූ සීමිත දින ගණන තුළ දී බවත් වෘත්තීය සමිති විසින් පෙන්වා දෙන ලදී.

මෙම තත්වයට විකල්පය ලෙස රූපවාහිනී වැඩසටහන් සකස්කර ඊට අදාළ ඉගෙනුම් කට්ටලයක් ද සිසුන්ට ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී. එහිදී ලංකා ගුරු සංගමයේ නියෝජිතයින් පෙන්වා දෙනු ලැබුවේ දැනට සිදුකරනු ලබන  online  ඉගැන්වීම් එම රූපවාහිනී වැඩසටහන් පවතින වේලාවලදී නොකළ යුතු බවත්, රූපවාහිනිය මගින් අධ්‍යාපන වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී පවතින පන්තිකාමර ඉගැන්වීම් රටාවෙන් පරිබාහිරව ප‍්‍රාසාංගිකව වැඩසටහන් සැකසීමට රූපවාහීනී අධ්‍යාපන වැඩසටහන් නිෂ්පාදකයන්ගේ සහ ඒ සම්බන්ධයෙන් නිපුණතාවයක් ඇති අය සමග සාකච්ඡා කර එම වැඩසටහන් සිසුන්ට ආකර්ශනීය වන ලෙස සකක් කළ යුතු බවත්ය. එසේම සිසුන්ගේ මානසික ආතතිය අවම කිරීම සඳහා ද සිසුන්ට සහභාගි විය හැකි විවිධ වැඩසටහන් රූපවාහිනිය ඔස්සේ ඉදිරිපත් කළ යුතු බව ද අප විසින් පෙන්වා දෙන ලදී.

මේ වන විට දුරස්ථ අධ්‍යාපනය සම්න්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය තුළ කටයුතු සිදුකරන්නේ එහි තොරතුරු හා තාක්ෂණ ඒකකය විසිනි. එහෙත් එය කළ යුත්තේ තොරතුරු තාක්ෂණය අංශය නොව අධ්‍යාපන තාක්ෂණය සම්බන්ධ දැනුම ඇති අය විසින් බව අප විසින් පෙන්වා දෙනු ලැබූ අතර, අධ්‍යාපන තාක්ෂණය යනු වෙනම විෂයක් බව ද පෙන්වා දෙන ලදී. අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරන අධ්‍යාපන තාක්ෂණය විෂයක් ලෙස හැදෑරූ නිලධාරීන්ගෙන් සමන්විත අධ්‍යාපන තාක්ෂණ අංශයක් ස්ථාපිත කර ඒ මගින් දුරස්ථ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සිදු කළ යුතු බව පෙන්වා දුන් අතර, අමාත්‍යවරයා ද ඒ සම්බන්ධයන් එකඟතාවය පළ කළේය.

බිඳවැටුණු පාසල් අධ්‍යාපනය පවත්වාගෙන යාම සඳහා ‘ෆයිබ ඔප්ටික්’ තාක්ෂණය සිසුන්ට ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇති බව මෙහිදී අමාත්‍යවරයා විසින් සඳහන් කළේය. වෘත්තීය සමිති යෝජනා කර සිටියේ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලට පෙනී සිටීමට නියමිත ලක්ෂ 8 ක් පමණ වන පිරිසගෙන් හඳුනාගත්  පහසුකම් නොමැති සිසුන්ටවත් ආරම්භයක් ලෙස දුරස්ථ ඉගෙනුම් සම්පත් කඩිනමින් ලබාදෙන ලෙසයි.

එසේම පවතින තත්වය තුළ සුදුසු පරිදි විෂයමාලා සංශෝධනයක් සිදුකළ යුතු බව ද පෙන්වා දුන් අතර, බිඳවැටී ඇති පාසල් අධ්‍යාපනය පවත්වාගෙන යාමට අදාළව නව කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් තිබෙන බව සුසිල් පේ‍්‍රම්ජයන්ත අමාත්‍යවරයා පැවසීය. දැනටමත් වසරකට වැඩි කාලයක් ප‍්‍රමාද වී ඇති මෙම කටයුතු කඩිනමින් කළ යුතු බවද මෙහිදී වෘත්තීය සමිති විසින් පෙන්වා දෙන ලදී.

ජෝසප් ස්ටාලින්

Archive

Latest news

Related news