Thursday, March 28, 2024

සෞඛ්‍ය ලේකම් ජෙනරල් මුණසිංහගෙන් කොවිඩ් තොරතුරුවලට තහංචියක්

ඡායාරූපය ඉන්ඩියන් එක්ස්ප්‍රෙස් අසුරෙනි.

එන්න එන්නම උත්සන්න වන වසංගතය හමුවේ  ඒ පිළිබඳව  තොරතුරු අනාවරණය වීම වැළැක්වීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ.

එම ලිපියෙහි මැය වන්නේ  “ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීම” ය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් එස්. එච්. මුණසිංහ විසින්  මැයි 19 දාතම සහිතව නිකුත් කරන ලද ලිපියකින් කියවෙන්නේ නිසි අවසරයකින් තොරව  රටෙහි පවත්නා කොවිඩ් තත්වය ගැන ජනමාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කළ හොත් විනයානුකූල පියවර ගන්නා බවයි.

මෙය පැහැදිළිවම මහාජනයාගේ තොරතුරු දැනගැනීමේ අයිතියට වැට බැදීමකි.

මෙම ලිපිය මගින්  පළාත් සෞඛ්‍ය ලේකම්වරු, සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සියලු ම ආයතන ප්‍රධානීන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරු හා සියලු නිලධාරීන් වෙත දන්වා ඇත්තේ රජය අපහසුතාවයට සහ විවේචනය කරන අදහස් දැක්වීමට විරුද්ධව පියවර ගන්නා බවයි.

මෙවැනි පුවත්වලට තහංචි වැටෙනු ඇත

මේ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හා මේජර් ජනරාල් එස්. එච්. මුණසිංහගේ අනුමැතියකින් තොරව කිසිදු ප්‍රකාශයක් නිකුත් කිරීමට හැකියාවක් නැති වනු ඇති අතර මහජනයාට තොරතුරු සැපයූ මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් සහ පරීක්ෂකවරියන් සහ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරියන් වැනි අයට මුඛ වාඩම් දැමෙනු ඇත.

උත්සන්න වන වසංගත තත්වය ගැන මහජනයාට මින් පසු දැන ගත හැකි වනු ඇත්තේ ආණ්ඩුවට අවාසියක් නොවන පුවත් පමණක් විය හැකිය.

මෙම තහංචි පණවන ලද ලිපිය පහත දැක්වේ.


 

කොරෝනා ගැන මාධ්‍යයට කතා කල දොස්තරව කරුණු විමසන්න කොළඹට කැඳවයි

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් අනතුරු හැඟවීම් සිදුකරමින් මාධ්‍ය වෙත අදහස් දැක්වීම සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා හම්බන්තොට කලාප සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චමල් සංජීව මහතා වහාම කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශය වෙත කැඳවා ඇතැයි වාර්තා වනවා.

කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසරයකින් තොරව මාධ්‍ය වෙත අදහස් පලකිරීමෙන් වලකින ලෙස පසුගියදා නිවේදනයක්ද නිකුත් කිරීමට එම අමාත්‍යංශය ක්‍රියාකලා.

පසුගිය මැයි මස 09 වනදා දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන සිරස් තලය වන “එන්නත නොගත්තොත් හතරවන රැල්ලක්” යනුවෙන් වන පුවතද, වෛද්‍ය චමල් සංජීව විසින් සකස් කල ලිපියක් බවයි වාර්තා වන්නේ.

NewsHub

Archive

Latest news

Related news