Monday, May 20, 2024

මරා දැමූ කොස්ගොඩ තාරක හදිසියේ පෑලියගොඩට මාරු කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

පසුගිය දා පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලද කොස්ගොඩ තාරක පෑලියගොඩ පොලිස් අපරාධ කොට්ඨාශයට බාර දෙන ලද්දේ ජනාධිපති රාජපක්ෂගේ නියෝගයක් අනුව බව අධිකරණයට ඉදිරිපත් කරන ලද ලියැවිල්ලකින් හෙළිදරව් වේ.

එම නියෝගය අනුව මෙම මස 12වැනි දින සිට කොස්ගොඩ තාරක පසුව ඔහු ඝාතනය කරන ලද පොලිස් කොට්ඨාශයට මාරු කර තිබේ.

එම නියෝගය පහත දැක්වේ:

ඊට හේතුව වශයෙන් ජනාධිපති රාජපක්ෂ දක්වා ඇත්තේ ඔහු බන්ධනාගාරයේ  සිට අපරාධ ක්‍රියාවන් සංවිධානය කරන බවයි. එසේ නමුත් ඔහු ඒ වන විට රඳවා සිටියේ බන්ධනාගාරයක නොව අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවෙහිය.

එනයින් කොස්ගොඩ තාරක පෑලියගොඩ අපරාධ අංශයට මාරු කිරීමට හේතුව වශයෙන් ජනාධිපති රාජපක්ෂ දක්වා ඇති හේතුවෙහි අවුල් සහගත බවත් තිබේ.

ජනාධිපති රාජපක්ෂගේ නියෝගයෙන් කොස්ගොඩ තාරක මාරු කරන විට ඔහු රඳවා සිටිය නිල යුතු ස්ථානය වූයේ ද අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවයි. ඔහුට නව රැඳවුම් නියෝගයක් නිකුත් කර රැඳවුම් ස්ථානය වෙනස් කළ හැකිව තිබුණේ මැයි 21දාය.

සඟවා ඇති ආයුධ ලබාගැනීම පිණිස යැයි ඔහු පිටතට ගෙන ගොස් ඝාතනය කරන ලද්දේ ජනාධිපති රාජපක්ෂ විසින් ඔහු පෑලියගොඩ අපරාධ කොට්ඨාශයට මාරු කරන ලද දිනට පසුදා අලුයමය.

එයට පෙර මැයි 12වන දින ම පෑලියගොඩ අපරාධ අංශය යටත් සිය පුත්‍රයා මරා දැමෙනු ඇතැයි බියට පත්වූ ඔහුගේ මව පොලිස්පතිවරයාට සහ මානව හිමිකම් කොමිෂන් සභාවට සිය නීතිඥයා මගින් තාරක ගේ ජීවිතය ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලා සිටියේය. එහිලා නීතිඥ අනෝජ් හෙට්ටිආරච්චි දක්වන්නේ මෙම මාරු කිරීම හදිසියේ කරන ලද එකක් බවයි.

එම ලිපිය පහත දැක්වේ.

ඔහු පෑලියගොඩ අපරාධ අංශයට මාරු කරන ලද්දේ ආයුධ පෙන්වීමට යැයි ගොන ගොස් මරා දැමීමට බවට වූ සැකය එදිනම තහවුරු විය.

මේ අතර කොස්ගොඩ තාරක පොඩි ලැසී නම් තවත් අපරාධ සැකකරුවකු සමඟ එක්ව ජනාධිපති රාජපක්ෂ ඝාතනය කරන බවට ප්‍රකාශ කර ඇතැයි ජනමාධ්‍ය වාර්තා කර තිබුණි.

එම වාර්තාව පහත දැක්වේ:

කොස්ගොඩ තාරකගේ මරණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වගකිය යුතු බව දක්වමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙහි සභාපති නීතිඥ සේනක පෙරේරා විසින් පොලිස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම පැමිණිල්ලේහි මෙසේ සදහන් වේ:

‘ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ගේ අපරාධ විමර්ශකයා වශයෙන් පොලිසිය කටයුතු කරනු ලබයි. ඒ අනුව මෙකී අපරාධ විමර්ශන කාර්යයන් විධිමත්ව සහ කාර්යක්ෂමව කරගෙන යෑම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහය, පොලිස් ආඥා පනත ඇතුළු අනෙකුත් ව්‍යවස්ථාපිත නීති මගින් ශ්‍රී ලංකා පොලිසියට බලය ලබාදී තිබේ. ඒ අනුව සිදුවීමට ඉඩ තිබෙන අපරාධයක් හෝ සිදු වූ අපරාධයක් සම්බන්ධයෙන් මුල් තොරතුරක් හෝ පැමිණිල්ලක් ලැබුණු විට එකී සිද්ධිය හෝ අදාළ තොරතුර සම්බන්ධයෙන් අවධානය යොමු කර ඉක්මනින් හා උද්යෝගයෙන් කටයුතු කළ යුතු වේ.
ඒ අනුව පසුගිය 2021.05.12 වැනි දින නීතිඥ අනෝජ් හෙට්ටිආරච්චි විසින් පොලිස්පතිතුමා වෙත ලිපියකින් ඉල්ලා ඇත්තේ රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ සිටින තාරක ධර්මකීර්ති විජේසේකර නමැති සැකකරුට එල්ල වී ඇති ජීවිත තර්ජන සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙසයි. එසේ තිබියදී මෙකී සැකකරු එදින රාත්‍රියේදී මීරිගම ප්‍රදේශයේදී ඝාතනය වී ඇත.’

එම පැමිණිල්ල පීඩීඑෆ් ගොනුවක් ලෙස මෙහි කියවන්න. Senaka;s letter re IGP

Archive

Latest news

Related news