Wednesday, May 1, 2024

ගෝටාගේ “ඉටුකමේ” බිලියන 1.5ක් තියාගෙන රාජපක්ෂවරු කොවිඩ් මැඩලීමට එන්ජීඕ ආධාර යදියි!

ඉටුකම නම් ජනාධිපති රාජපක්ෂගේ කොවිඩ් අරමුදලේ රැපියල් බිලියන 1.5ක් තරම් ඉතිරිව තිබියදී ආණ්ඩුව වසංගතය මැඬළීම පිනිස දේශීය සහ විදේශීය රාජ්‍ය නොවන සංවිධාන වලින් මුල්‍ය ආධාර අයැද සිටින බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ජනාධිපති රාජපක්ෂ යටතේ ඇති ඉටුකම අරමුදලින් තවම වැය කර ඇත්තේ සියයට 27ක් පමණි.

ජනාධිපති රාජපක්ෂ යටතේ ඇති රාජ්‍ය නොව සංවිධාන ලේකම් කාර්යාලයේ ප්‍රධානී රාජා ගුණරත්න පසුගියදා රාජ්‍ය නොව සංවිධාන අන්තර් ජාල රැස්වීමකට කැඳවා මෙම ඉල්ලීම කර තිබේ.

රාජා ගුණරත්න මෙරට රෝහල් සදහා අත්‍යවශ්‍ය උපකරණ ලැයිස්තුවක්ද රාජ්‍ය නොවන සංවිධාන වෙත ලබා දී තිබේ.

ඔහු කියා ඇත්තේ මෙම වසර සඳහා ඉතිරිව ඇති මුදල් ආණ්ඩුවට ලබා දෙන ලෙසය. පසුගිය කාලය පුරා රට පුරා යමින් රාජා ගුනරත්න රාජ්‍ය නොව සංවිධාන වෙත නිල නොවන තහංචි පනවමින් සිටියේය. දිස්ත්‍රික්ක මට්ටමින් පවත්වන ලද රැස්වීම්වලදී ඔහු කියා සිටියේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ජාලගතවීම් ඇතුළත් කරන ව්‍යාපෘතිවලට අවසර නොදෙන බවය.

ඔහුගේ මෙම ඉල්ලීම රාජ්‍ය නොව සංවිධාන සතු අරමුදල් රජයට ගැනීමේ කූඨ වැඩසටහනක් විය හැකි යැයි ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත අදහස් දැක්වූ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාධර පිරිස් පැවසූහ. සිය අරමුදල් නිශ්චිත වැඩ සටහන් සඳහා ලැබි ඇති බැවින් ඒවා රාජි ගුණරත්නට අනුව වියදම් කළ නොහැකි බවද ඔවුහු පවසති.

රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගියදා ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ වසංගතය මැඩළීම සදහා ආණ්ඩුවට ඇති තරම් මුදල් තිබෙන බවයි.

ඒ කොතෙක්ද යක් තවමත් මෙරටට නොපැමිණි ගිලන් රථ 10යක් සඳහා රාජපක්ෂවරු රුපියල් 194,000,000.00 ගෙවීමට සැළසුම් කර තිබේ. එසේ නමුත් මෙම ගිලන් රථ මිලට ගැනීමේ ක්‍රමවේදය පැහැදිළි කිරීමට ආණ්ඩුව අසමත් වී තිබේ.

මෙරට පාර්ලිමේන්තු මංත්‍රීවරුන් සහ වරියන් වාර්ශිකව මිලියන ගණනින් වරප්‍රසාද මුදල් ලබා ගන්නා නමුත් එම වරප්‍රසාද අතහැරීමට කිසිදු දේශපාලනඥයකු මේ දක්වා යෝජනාවක්වත් ගෙනැවිත් නැත.

Archive

Latest news

Related news