Tuesday, July 16, 2024

පොලීසිය තාරක ඝාතනය කළේ තමන් ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා සිටීමෙන් පසු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියයි!.

ඡායාරූපය, පොලිස්පතිගේ සිනහව පිටුපස ඝාතන එකපිට එක.

පොලිස් අත්අඩංඟුවේ සිටි  තාරක විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක ඝාතනය කරන ලද්දේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති  ඔහුගේ ආරක්ෂාව තහවුරු කරන සේ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටීමෙන් පසුව බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

තවද ඊට පෙර දින ඝාතනය කරන ලද මෙලන් මබූලා වෙනුවෙන් ඔහුගේ නීතිවේදීන් විසින් ද පොලීසියට දන්වා තිබූ බවත් එම නිවේදනය සදහන් කරයි.

මෙම ඝාතනයන් දෙකම නීතියට පිටින් කරන ලද ඝාතන බව පෙන්වා දෙන නීතිඥ සංගමය ඉදිරියේදී මෙවැනි ඝාතනයක්ට ඉඩ නොතබන ලෙස ඉල්ලා සිටී. තවද ඉදිරියෙහි මෙවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීමට තමන් සියලු පියවර ගන්නා බවද එහි දැක්වේ.

මෙම නිවේදනය අනුව පෙනෙන්නේ, පොලිස්පතිවරයාට පවා පාලනය කළ නොහැකි ඝාතන සංස්කෘතියක් ශ්‍රී ලංකා පොලීසියෙහි ඇති බව මේ සම්බන්දයෙන් අදහස් දක්වන දේශපාලන අංශ පවසති. එවැනි රහසිගත ඝාතන කන්ඩායමක් පොලීසිය යටතේ ක්‍රියාත්මක වන්නේ නම් එය ඉකාම බියකරු වර්ධනයක් විය හැකි බව ද ඔවුහු පෙන්වා දෙති.

කණගාටුවට කාරණයක් වන්නේ සිය ඉල්ලීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ගත් පියවරක් වී ද නැත්ද යන්න නීතිඥ සංගමය විසින් විමසා නොතිබීම බවත්, පෙනෙන අන්දමට නීතිඥ සංගමය කර ඇත්තේ හුදෙක් ඊමේලයක් යවා කිදා ගැනීම බවත් එම පිරිස් පෙන්වා දෙති.

නීතිඥ සංගමයේ නිවේදනය ( එහි සිංහල භාෂා අඩුපාඩු ද ඇතිවම පහත දැක්වේ)

 

Archive

Latest news

Related news