Wednesday, May 1, 2024

බියජනක බ්‍රිතාන්‍ය ප්‍රභේදය සහ සීග්‍රගාමී ඉන්දියානු ප්‍රභේදය ඇතුලු නව කොරෝන වයිරස ප්‍රභේද 6ක් ලංකාවේ !

කොරෝනා ප්‍රභේද පිළිබඳ පරීක්ෂණ පවත්වන මහාචාර්ය නීලිකා මලවිගේ, ආචාර්ය චන්දිම ජීවන්දර ඇතුළු ශ්‍රී ජයවර්ධනපුර පර්යේෂණ කණ්ඩායම විසින් රට තුළ පැතිරෙන කොරෝනා ප්‍රභේද හයක් දැනට සොයාගෙන ඇති බව වාර්තා වේ.

ඊට B 1.617  ඉන්දියන් ප්‍රභේදය ද B 1.351 දරන අකුණු අප්‍රිකානු  ප්‍රභේදය ද ඇතුළත්ය. මෙම ප්‍ර‌භේද දෙකම සිග්‍රයෙන් පැතිරෙන ප්‍රභේද දෙකකි. ඒ වඩාත්ම භයානක බ්‍රිතාන්‍ය ප්‍රභේදය වන B 1.1.7 අමතරවය.

දූපත් රාජ්‍යක් වන ශ්‍රී ලංකාවට මෙම ප්‍රභේද  ඇතුල්වීමට රාජපක්ෂවරුන්ගේ නොසැකිළිමත් පාලනය වගකිය යුතුය. සංචාරක ව්‍යාපාරය පණ ගැන්වීමට යැයි කියා ගෙන්වූ යුක්රේනියානුවන්ද ඉන්දියානුවන්ද මගින් මෙම ප්‍රභේද මෙරටට ඇතුළුවන්නට ඇතැයි සැක කෙරේ.

රාජපක්ෂවරුන් දිගමෙ උත්සාහ කළේ පැනි සහ මුට්ටි මගින් වසංගතය මැඩපවත්වන බවට ව්‍යාජ අදහසක් රටෙහි ඇති කිරීමටය. ලංකාවට එන්නත් අවශ්‍ය නැතැයි කී වාසුදේව වැන ලැජ්ජා නැති දේශපාලඥයෝ පෝලිම් පැන ජනතාවට කලින්ම  එන්නත් ලබා ගත්හ.

රාජපක්ඹවරුන් එන්නත් ලබා ගත්තේ කරවරදාක දැයි පෙන්වන කිසිදු ජායාරූපයක් නැත්තේ සියල්ලන්ටම කලින්  හොර රහසේ එන්නත ලබාගත් නිසාය යන සැකයද රටෙහි තිබේ.

ජයවර්වධනපුර සරසවියේ වෛද්‍ය විද්‍යා අශයට අනුව වඩාත්ම වේගයෙන් ව්‍යාප්ත වන සහ මාරාන්තික B 1.1.7 ප්‍රභේදය කොළඹ, කළුතර, මහනුවර, කුරුණෑගල, පොලොන්නරුව සහ මන්නාරම යන දිස්ත්‍රික්ක වලින් සොයාගෙන ඇත.

B 1.428 යනුවෙන් හඳුන්වන ඩෙන්මාර්ක් /යුරෝපීය ප්‍රභේදයක් යාපනය නල්ලූර් පොකුරකින්ද B 1.525 නයිජීරියන් ප්‍රභේදය කළුතර බණ්ඩාරගමින් සහ කොළඹින් සොයාගත් බව වාර්තා කරයි.

කොළඹ නවලෝක රෝහලේ සාම්පල තුළ B 1.617 ඉන්දියන් ප්‍රභේදය ද B 1.351 දකුණු අප්‍රිකානු ප්‍රභේදය ද හමු වී ඇත.කොළඹ සහ මඩකලපුව ප්‍රදේශවල PCR සාම්පල තුළ B 1.411 යනුවෙන් හදුන්වන ශ්‍රී ලාංකික ප්‍රභේදය හමුවී තිබේ.

පසුගිය අප්‍රේල් 30 වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමට ලැබුණු PCR සාම්පලවලින් මෙම තොරතුරු සොයාගෙන තිබේ. අප්‍රේල් 8 වෙනිදා බ්‍රිතාන්‍ය ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වන බව සිය පර්යේෂණ තුළින් දැනගත් වහාම තමන් තැති ගැන්මට පත් වූ බව ආචාර්ය චන්දිම ජීවන්දර ප්‍රකාශ කර තිබුණි. මෙම තොරතුරු ලැබුණු වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධන බලකායට වාර්තා කිරීමට පර්යේෂණ කණ්ඩායම කටයුතු කර තිබුණි. එහෙත් පසුගියදා රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ මෙම නව ප්‍රභේදය පිළිබඳව අප්‍රේල් අග වන තුරුත් පර්යේෂණ කණ්ඩායම ස්ථිරව යමක් ප්‍රකාශ නොකළ බවයි.

එසේ නමුත් ජයවර්ධනපුර සරසවියේ වෛද්‍ය විදයා අංශය මගින් අද දින නිකුත් කරන ලද නිවේදනය මගින් ඉහත කී තොරතුරු ප්‍රකාශයට පත් කර තිබේ.

Lanka Truth ද ඇසුරිනි.

Archive

Latest news

Related news