Thursday, April 25, 2024

අධිකරණ විනිසුරු ප්‍රකාශ එළෙසින්ම වාර්තා කිරීම මාධ්‍යයේ අයිතියක්; මාධ්‍යට සීමා දාන්න අපට බැහැ! – ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය

විනිසුරුවන් සහ නීතියින් අතර අධිකරයෙහි දී සිදුවන අදහස් හුවමාරු ඇතුළුව අධිකරණ කටයුතු පිළිබඳ තත්‍ය කාලීන වාර්තාකරණය, කතා කිරීමේ නිදහස සඳහා ඇති අයිතියේ කොටසක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් මගින් ප්‍රකාශ කර තිබෙ.

තමිල්නාඩුවෙහි කොවිඩ් වසංගතයේ දෙවන රැල්ලට මැතිවරණ කොමිසම වගකිව යුතු බවට මදුරාසි මහාධිකරණය විසින් කරන ලද වාචික නිරීක්ෂණවලට එරෙහිව පසුගිය සතියේ මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිළි කර තිබුණි.

තමිල්නාඩු පාර්ලිමේන්තු මැතිවරණයේදී පෙළපාලි සහ මහජන රැස්වීම්වලට ඉඩදීම සම්බන්ධයෙන් මැතිවරන කොමසමේ නිලධාරීන්ට “මිනීමැරුම්” චෝදනා කළ යුතු බව තම්ල්නාඩු මහාධිකරණ විනිසුරුවරුන් පවසා තිබුණි. කොවිඩ් රෝගීන් ඉහළ යාමටැතිවරණ කොමිසම සම්පූර්ණයෙන්ම වගකිව යුතු බව එම විනිසුරුවන් ප්‍රකාශ කර තිබුණි.

මාධ්‍යය එම ප්‍රකාශය වාර්තා කිරීම තහනම් කිරීම මදුරාසි මහාධිකරණය ප්‍රතික්ෂේප කිරීමටත් එම ප්‍රකාශ ඉල්ලා අස්කර ගැනීමට එම විනිසුරුවරයින් අසමත්වීමටත් විරුද්ධව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සමේ දී කොමිසම පවසා තිබුණේ මදුරාසි මහාධිකරණයේ එකී වාචික අදහස් කොමිසම හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය කෙරෙහි ජනතාවගේ විශ්වාසයට බලපානු ඇති බවයි. එමෙන්ම මෙම අදහස් “අපකීර්තිමත් හා නින්දා සහගත” බව ද එය දක්වා තිබුණි.

දැනටමත් කොමිසමේ නිලධාරීන්ට විරුද්ධව මනීමැරැම් නඩු පවරා ඇති බවද එහි සඳහන් විය.

මෙම නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු චන්ද්‍රචුඩ් කියා සිටියේ මෙම නඩුව ව්‍යවස්ථාදායක බලධාරී ආයතන දෙකක් වන මහාධිකරණය සහ මැතිවරන කොමිසම අතර ඇති සියුම් ලෙස බල තුලනය මතුපිටට ගෙනැවිත් ඇති බවයි. එමෙන්ම අධිකරණ කටයුතු අවංකව හා සාධාරණව තත්‍ය කාලීනව වාර්තා කිරීමට මාධ්‍යයට ඇති බලය ද මෙම නඩුවේ කැපී පෙනෙන බවත් ඔහු සඳහන් කළේය.

ළමා ලිංගික අපයෝජන හා විවාහ ගැටලු හැරුණු විට මාධ්‍ය නිදහස  අධිකරණ කටයුතු දක්වා විහිදිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය සිය නඩු තීන්දුවෙන් පවසා තිබේ.

අධිකරණ කටයුතු සමාජ මාධ්‍ය විසින් සජීවීව වාර්තා වන ආකාරය තමා නිරීක්ෂනය කර ඇති බව පැවසූ විනිසුරු චන්ද්‍රචුඩ් මෙසේද කීවේය. “මෙම තථ්‍ය කාලීන වාර්තාකරණය විවෘත අධිකරණ කටයුතු පිළිබඳ සංකල්පයේ දිගුවකි. සමාජ මාධ්‍ය ඇතුළු අන්තර්ජාලය විසින් තොරතුරු විකාශනය කරන ආකාරය නවීකරණය කර විප්ලවීය වෙනසක් සිදු කර ඇත.  මාධ්‍යය ගැන පැමිණිලි කිරීම හා සිමා පැනළුිමට යෝජනා කරනවාට වඩා ආන්ඩුක්‍රම ව්‍යවස්ථා බලධාරීන්ට කළ හැකි හොඳ දේ තිබේ.”

මෙය අපගේ ව්‍යවස්ථාමය සාරධර්ම සැමරීමකි. එය අධිකරණය ශක්තිමත් කරයි නඩු විභාගය වාර්තා කිරීම වාරණය අපට හැකියාවක් නැත අධිකරණ කටයුතු සිදුකරන ආකාරය සෑම අධිකරණයකටම සුවිශේෂී වේ” යැයි විනිසුරු චන්ද්‍රචුඩ් නිරීක්ෂණය කළේය.

මහාධිකරණයේ ක්‍රමවේදය “රළු සහ නුසුදුසු” නමුත් එය සෘජුවම වැරදක් කර නැත. නමුත් එය නියෝගවලට අනුකූල වීම සහතික කළ යුතුව තිබුණි. විනිසුරු ඩුල්ල සහ විනිශ්චය යන දෙකෙහිම භාෂාව ව්‍යවස්ථාමය වටිනාකම් කෙරෙහි සංවේදී විය යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුව පවසා තිබේ.

ද හින්දු පවත් පතෙහි පළ වූ වාර්තාවක්  ඇසුරිණි

Archive

Latest news

Related news