Monday, May 20, 2024

මියන්මාර ජනයා නව මං කරා හැරෙත්දී ජුන්ටාව අත්අඩංඟුවට ගැනිමට යන මාධ්‍යවේදිනියන්/වේදීන් ප්‍රසිද්ධ කරයි

මියන්මාර හමුදා ජුන්ටාව දැන් අත් අඩංගුවට ගැනීමට නියමිත ජනමාධ්‍යවේදිනියන් සහ මාධ්‍යවේදීන්ගේ ලැයිසතුවක් ප්‍රසිද්ධියට පත්කර තිබේ. මේවන විට එරට මාධ්‍යවෙිදිනියන් සහමාධ්‍යවේදීන් 20 දෙනෙකුට වඩා දැනටමත් සිටින්නේ ජුන්ටා අත්අඩංඟූවේය.

ජෙනරාල් මින් අවුන්ග් හේලින්ග් එරට පාලනය අල්ලා ගත්දා සිට, හමුදා බලධාරීන් ක්‍රමයෙන් සියළුම සන්නිවේදන හා තොරතුරු ඔවුන්ගේ පාලනය යටතට ගෙන ඇත. පුද්ගලික අයිතිය ඇති රූපවාහිනී සහ ගුවන් විදුලි ප්‍රවෘත්ති මධ්‍යස්ථාන අත්හිටුවා ඇත. විකාශනය කළ හැක්කේ විනෝදාස්වාදය දෙන වැඩසටහන් පමණි. විදේශීය රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකා ලබා ගැනීම සඳහා භාවිතා කළ හැකි චන්ද්‍රිකා දීසි මාර්තු මුල සිට සමහර ප්‍රදේශවල තහනම් කර ඇත.

අන්තර්ජාල ප්‍රවේශ විය දැන් කළ හැක්කේ ස්ථාවර දුරකථන මාර්ග සම්බන්ධතාවයකින් පමණකි. වයි ෆයි සබඳතා අහෝසි කර තිබේ. ස්ථාවර දුරකතණ මාර්ග හරහා ලබාගත හැකි අන්තර් ජාල සබඳතා සෑම දිනකම අළුයම 1 සිට පෙ..9.00 දක්වා විසන්ධි කැරේ,

මෙම දුෂ්කරතා තිබියදීත් මියන්මාරයේ විරෝධාර ජනයා වෙනත් ක්‍රම හරහා අන්තර් ජාලයට ප්‍රවේශ වෙමින් සිය අරගලයේ තොරතුරු ප්‍රචාරය කරති.  මෙම වාරණයන් සහ මර්දනයන් පරාජය කරමින් තමන්ගේම ප්‍රචාරඛ මාධ්‍යන් එරට ජනයා සොයා ගමිනින් සිටිති.

රහසිගතව මුද්‍රණය කර බෙදා හරින පුවත්පතක්.ප්‍රවෘත්ති හා තොරතුරු මත පූර්ණ පාලනයක් පැනවීමට මියන්මාර හමුදාව ගන්නා මෙම උත්සාහයන්ට ප්‍රතිචාර දක්වන ලෙස දේශසීමා රහිත වාර්තාකරුවන් (ආර්එස්එෆ්) ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිට තිබේ.

පසුගිය සති දෙක තුළ අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය මාධ්‍යවේදියන්ගේ ලැයිස්තු ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මාධ්‍යවේදීන් වඩාත් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම ආරම්භ වී තිබේ.

ඔවුන් විසිනකරන ලද එකම වරදවන්නේ පෙබරවාරි 1 වන දින මිලිටරි කුමන්ත්‍රණයට එරෙහිව එරට ජනයා ගෙනයන අඛණ්ඩ විරෝධතා වාර්තා කිරීමයි.

සෑම ඒකාධිපති ආන්ඩුවක් මෙන්ම මිලිටර් ජුන්ටාවද සත්‍ය වාර්තා කිරීම දක්වා ඇත්තේ ජාතික ආරක්ෂාවට විරුද්ධවීම සහ රාජ්‍යයේ ස්ථාවරත්වයට හානි කිරීම ලෙසය.

මේ අතර නීත්‍යනුතූල මැතිවරණයකින් බලයට පත් ආන්ඩුවවේ ප්‍රධානීන් අත්අඩංඟුවට ගනිමින් මිලිටරි කුමන්ත්‍රණයක් මගින් බලයට පත් පුන්ටාව හෙළාදැකීමට ශ්‍රී ලංකාන්ඩුව තවමත් පියවර ගෙන නැත.

රාජ්‍ය ස්ථායිතාවයට බලපාන පරිදි ප්‍රවෘත්ති පතුරවන්නන්ලෙස දක්වා ඇති නව ලැයිස්තුව සෑම සන්ධ්‍යාවකම රූපවාහිනී ප්‍රවෘත්ති වැඩසටහන් ඔස්සේ විකාශනය කරන අතර එය මිලිටරි පාලනය යටතේ ඇති මුද්‍රිත මාධ්‍යවල පළ කරයි. එළෙස නම් කරන ලද අයට දණ්ඩ නීති සංග්‍රහයේ 505 ඒ වගන්තිය යටතේ චෝදනා ගොනු කෙරෙන බව එහි දැක්වේ. එය ත්‍රිවිධ හමුදාවේ අවශ්‍යතාවන්ට පටහැනිව තොරතුරු බෙදා හැරීමට ඬුවමක් ලෙස වසර තුනක සිර ඬුවමක් නියම කරනු ඇත.

මාධ්‍යවේදීන් පමණක් නොව මෙන්ම ප්‍රසිද්ධ නළු නිළියන්, ගායකයින් සහ සමාජ මාධ්‍යවේදීන් ද මෙම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

කුඩා පරිමාණයෙන් ප්‍රදේශිය වශයෙන් මෙවැනි පුවත්පත්ද දැන් විරෝධතාකරුවෝ බෙදා හරිති.

(RSF වාර්තාවක සඳහන් කරුණු ද ඇසුරිනි)

Archive

Latest news

Related news