Friday, April 26, 2024

යාපන නගරාධිපතිට ඇප දුන්නේ ජනාධිපතිද? අධිකරණයද? හිටපු මහ ඇමැති විග්නේශවරන් උත්තරයක් ඉල්ලයි!

පසුගිය 09දින පොලීසිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ යාපන නගරාධිපති විශ්වලංගම් මනිවන්නන් අත්අඩංඟුවට ගත්තේ එල්ටීටීඊ සංවිධානය යළි ගොඩනැගිමට යන්නේය යන චෝදනාව උඩය. ඔහු විසින් යාපන නගරයේ පරිසය බලකායකට ලබා දෙන ලද නිල ඇදුම මෙයට දස වසරකට පෙර පරාජය වූ එල්ටීටීඊ සංවිධානයේ පොලීසියේ ඇදුමම යැයි ශ්‍රී ලංකා පොලීසිය මෙන්ම රාජපක්ෂවාදී ජනමාධ්‍ය ද චෝදනා කළේය.

දෙරණ නාලිකාවේ අරැණ පුවත්පත කීයේ එල්ටීටීඊ නිල ඇදුමින් යාපන නගරාධිපති පොලීසියක් සදා ඇතැයි කියයා.

මෙම අත් අඩංඟුවට ගැනීමට විරුද්ධව දෙස් විදෙස් විරෝධතා පැන නැගුණි. මෙම අත්අඩංඟුවට ගැනීමට කිසිදු නීතිමය පදනමක් තිබුණේ ද නැත. ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනියද ට්වීට් පණිවඩයක් යවමින් අත්අඩංඟුවට ගැනීම විවේචනයට ලක්කළාය.

ආන්ඩුවේ තිනකරන් පුවත්පත දේවානන්දාගේ ප්‍රකාශය පළ කළේය.

මේ අතර රාජපක්ෂ ආන්ඩුවේ ඇමැතිවරයකු වන ඊපීඩීපී නායක ඩග්ලස් දේවානන්දා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් යාපන නගරාධිපතිට විරුද්ධව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු නොපවරනු ඇති බවත් ඔහුට සමාව දීමට ජනාධිපතිවරයා තීරනය කර ඇතැයි ද කීවේය.

ගජෙන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ පක්ෂයේ ජාතික සංවිධායක වන නමුත් මනිවන්නන් නගරාධිපති වුයේ නගර සභාවේ වැඩ් බලය ඇති දෙමළ ජාතික සංන්ධානයට විරුද්ධව ඩග්ලස් දේවානන්දාගේ පක්ෂයේ සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සහාය ඇතිවය.

දේවානන්නදාගේ ප්‍රකාශය පෙන්වන්නේ ඔහු මනිවන්නන් අත්අඩංඟුවට ගැනීම ගැන ජනාධිපති රාජපක්ෂ සමඟ සාකච්ජා කළ බවත් ඒ අනුව ඔහුට සාමාන්‍ය නීතිය යටතේ ඇප ලබාදීමට තීරණය කළ බවත්ය. වෙනත් වචනයෙන් කියන්නේ නම් පොලීසිය සහ අධිකරණය ජනධිපතිවරයාට අවශ්‍ය පරිදි කටයුතු කරන්නේද යන ප්‍රශ්ණය දැන් මතුව තිබේ.

පොලිසිය සහ අධිකරණය හරියටම ඩග්ලස් දේවාන්නදාගේ අනාවැකිය නිවැරදි බව සනාථ කරමින් සාමාන්‍ය නීතිය යටතේ මනිවන්න්නට ඇප ලබා දුන්නේය. ඊළඟ නඩු දිනය ජූනි මාසයේය. මනිවන්නන් ජනමාධයට ප්‍රකාශ කර ඇත්තේ එම නිිල ඇදුම් වෙනස් කරන්නටයැයි තමාට නියෝගයක් ලැබී නැති බවත් එම නිල ඇදුම් සකස් කරන ලද්දේ කොලඹ මහ නගර සභා නිල ඇදුමට සමානව බවත්ය.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිතුක් කරන උතුරු පළාත් හිටපු මහ ඇමැති විග්නේශවරන් කියන්නේ දේවානන්දාගේ ප්‍රකාශය පොලීසිය සහ අධිකරණය ජනාධිපතිවරයගේ කැමැත්ත අනුව ක්‍රියාකරන බව පෙනෙන බැවින් ඒ පිළිබඳව පැහැදිළි කිරීමක් අවශ්‍ය බවයි.

එම නිවේදනයේ සිංහල පරිවර්ථනයක් පහත දැක්වේ.

යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් සිකුරාදා රාත්‍රියේ යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් ඇප ලබා දීමට පෙර ගරු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබුණේ ජනාධිපතිවරයා මනිවානන්ට සමාව දීමට යන බවයි. ගරු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ (i) මනිවාන්නන් ඇප මත මුදා හරින බවයි (ii) ඔහුට සාමාන්‍ය නීතිය යටතේ නඩු පවරනු ලබන බවත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු නොකරන බවත්.

ගරු අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය, මේ රටේ උසාවි සහ පොලීසිය නාමික වශයෙන් පමණක් පවතින අතර ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ ආන්ඩුවේ අභිමතයන් හා මනාපයන් අනුව  ක්‍රියාත්මකවන්නේද යන ප්‍රශ්ණය මතු කරයි. ගරු ඇමතිවරයාගේ ප්‍රකාශයෙන් පෙන්වන්නේ මනිවන්නන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දේශපාලන හේතූන් මත බවයි. මනිවානන්ට සමාව දීමට ජනාධිපතිවරයා එකඟ වූයේ නම් එයින් අදහස් වන්නේ මනිවාන්නන් යම් වරදක් කර ඇති බවයි. නමුත් මනිවාන්නන් කිසිදු වරදක් කර ඇති බව පොලිසිය අධිකරණය හමුවේ ඔප්පු කර නොතිබුණි. එබැවින් මනිවානන්ට සමාව දීමටජනාධිපතිවරයා එකඟ වූයේ කුමන පදනමකින්ද?

ගරු අමාත්‍යවරයා පැවසූ පරිදි මනිවාන්නන් ඇත්ත වශයෙන්ම ඇප මත මුදා හැර ඇති අතර ඔහුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු ැවරූයේද නැත. නමුත් මට අසන්නට ලැබී ඇත්තේ පොලිසියේ සහ මනිවානන්ගේ නීතියින්ගේ තර්ක යාපනය අධිකරණය හමුවේ විභාග වූ බවත් පසුව අධිකරණය විසින් ඇප ලබා දීමට පමණක් තීරණය කළේ ඉන්පසු බවත්ය.

මනිවාන්නන් උසාවියට ගෙන යාමට පෙර ගරු අමාත්‍ය දේවානන්ද ප්‍රකාශ කර තිබුනේ ජනාධිපතිවරයා සමාව දීමට එකඟ වී ඇති බවත්, මනිවාන්නන්ට ඇප ලබා දෙනු ඇති බවත්. ඔහු ප්‍රකාශයට එකඟව පොලිසිය කටයුතු කරනු ඇති බවත් ය. පොලිස් දෙපාර්තමේන්තුවට සහ උසාවියට කොතරම් දුරට නිදහස අහිමි වී ඇත්ද යන්න මෙම සිදුවීම විසින් පෙන්නුම් කරයි. අධිකරණය සහ පොලිස් දෙපාර්තමේන්තුවට අපහාස කිරීමක් ලෙස මෙම ප්‍රකාශය සහ සිදුවීම් අපට සැලකිය හැකිය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ගරු අමාත්‍ය දේවානන්ද ප්‍රකාශයක් නිකුත් කිරීම අත්‍යවශය වේ. බලධාරීන්ගේ කැමැත්තට හා උමතුවට අනුව සාමාන්‍ය පුරවැසියන්ට හිරිහැර කිරීමට යන්නේ නම්, උසාවිවලින් ඇති ප්‍රයෝජනය කුමක්ද? අද මෙරට පොලිසිය යනු ජනතාවට සේවය කරන පොලිසියක්ද හෝ ජනාධිපතිගේ සේවකයෙක්ද?

මෙරට මහජනයාට මේ පිළිබඳ පැහැදිලි කිරීමක් අවශ්‍යය.

Archive

Latest news

Related news