Monday, May 20, 2024

මාධ්‍යවේදී මලික අබේකෝන්  නිදහස් කර ඔහුට පහරදීම පරීක්ෂණයක් පැවැත්වනු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ඡාායරූපය: මලික අබේකෝන් (මැක්කා)

නිදහස් මාධ්‍යවේදියෙකු සහ ඡායාරූප ශිල්පියෙකු වන මලික අබේකෝන් අත්අඩංගුවට ගැනීම සහ පහර දීම පොලීසිය විසින් කරන ලද පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එය දැඩි සේ හෙළා දකී.

අප්‍රේල් මස 07 වැනිදා කොළඹදී පැවති සෞඛ්‍ය සේවක විරෝධතා ව්‍යාපාරයක් අතරතුරදී මරදාන පොලීසිය විසින් මලික අබේකෝන් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය වෙත රැගෙන ගිය ඔහුට අවස්ථා කිහිපයකදී අමානුෂික ලෙස පහර දී ඇත.

මලික අබේකෝන්ට පහරදීමක් සිදුව නොමැති බවට වන වෛද්‍ය වාර්තාවක් ද සමඟ අප්‍රේල් මස 08 වනදින ඔහුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර වින්දිතයාගේ පාර්ශ්වයෙන් මතු කළ විරෝධතා හමුවේ බන්ධනාගාර වෛද්‍ය නිලධාරිවරයා මගින් යළිත් වෛද්‍ය වාර්තාවක් කැදවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා මලික අබේකෝන් මේ මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා, වගකිවයුතු නිලධාරීන්ට ඒරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාට අවධාරණය කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මලික අබේකෝන් වහාම නිදහස් කරන ලෙසට බල කර සිටී.

Archive

Latest news

Related news