Wednesday, May 8, 2024

එල්ටීටීඊ පොලිස් සමාන නිලඇදුම් පරිසර බලකායට දුන්නැයි යාපන නගරාධිපති අත්අඩංගුවට

අද උදෑසන (09.04.2021) අලුයම 2.30 ට පමණ යාපනයේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන්  ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු නිතිඥයකුද වෙයි.

ඔහුට විරුද්ධව නඟා ඇති චෝදනාව වන්නේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය යළි නැගිටවීමට තැත් කිරීමයි. අත්අඩංගුවට න්නා ලද මනිවන්නන් වැඩිදුර විමර්ශනය සඳහා වාවනියව වෙත ගෙන යන ලද බව වාර්තා වේ.

ිශ්වලිංගම් මනිවන්නන් පාර්ලිමේන්තු මංත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් නායකත්වය දරන දෙමළ ජාතික මහජන පෙරමුණෙහි ජාතික සංවිධායකද වේ. දෙමළ ජාතික සන්ධානයට වැඩි බලය ඇති යාපන නගර සභාවෙහි ඔහු නගරාධිපති බවට පත්වූයේ ශ්‍රීලනිප මෙන්ම ඊපීඩීපී මංත්‍රීවරුන්ගේද සහායෙනි.

මහමග කෙළ ගැසීම සහ කසල දැමීම වැනි වැනි පාරිසරික උල්ලංඝනයන් එරෙහිව දඩුවම් පැනවීම සඳහා මේ සතියේ දියත් කරන ලද යාපනය මහ නගර සභාවේ පරිසර කාර්ය සාධක බලකායේ නිල ඇඳුම් පිළිබඳ පරීක්ෂණයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.

කාර්ය සාධක බලකාය විසින් පැළඳ සිටි නිල ඇඳුම් කලින් එල්ටීටීඊයේ පොලිස් බලකාය විසින් පැළඳ සිටි ඇඳුම් වලට සමාන බව ශ්‍රී ලංකා පොලිසිය චෝදනා කරය‍‍‍‍ි.

දෙරණ නාලිකාවෙහි ඉංග්‍රිසි පුවත්පත වන ද මොර්නිං වාර්තා කර ඇත්තේ නගරාධිපතිවරයා ඒල්ටීටීඊ පොලිස් නිල ඇදුම් සහිත පොලීස් ඒ්කකයක් ගොඩ නඟා ඇති බවයි.

යාපනය නාගරික කොමසාරිස්වරයා බදාදා රාත්‍රියේ පොලිසිය කැඳවා නිල ඇඳුම් සම්බන්ධයෙන් පැය 3 ක් පමණ ප්‍රශ්න කර තිබේ.  කාර්ය සාධක බලකායේ රාජකාරි නවතා දමා එහි නිල ඇඳුම් භාර දෙන ලෙස ද පොලිසිය කොමසාරිස්වරයාට නියෝග කලේය. පොලීසියට එවැනි අයිතියක් නැතැයි යාපන ආංචි මාර්ග සඳහන් කරයි.

පොලිස් ලදුපත

පොලිසිය පවසා ඇත්තේ  නිල ඇඳුම සහ පරීක්ෂණයේ ඉතිරි කොටස කොළඹට භාර දෙන බවයි.

බ්‍රහස්පතින්දා රාත්‍රී 8 ට පමණ මනිවන්නන් සහ නාගරික මංත්‍රී වර්දරාජා පාර්තිපන් යාපනය පොලිසියට කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්ණ කරන ලදී. ඉන්පසු නගරාධිපතිවරයා ටී.අයි.ඩී.ය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පාර්තිපන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම් සිදු වූ අතර අලුයම 3 ට පමණ ඔහු නිදහස් කරන ලදී.

මීට පෙර බ්‍රහස්පතින්දා සවස නගරාධිපති මනිවන්නන් මෙම චෝදනාවන්ට පිළිතුරු දීම සදහා මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර, නිල ඇඳුම් ඇත්ත වශයෙන්ම කොළඹ මහ නගර සභාව විසින් මෙහෙයවනු ලබන ඊට සමාන කාර්ය සාධක බලකායක් විසින් පැළඳ සිටින ඇඳුම් වලට සමාන බව පැහැදිලි කළේය.

නගරාධිපතිවරයා කියා සිටියේ නිල ඇඳුමේ එල්ටීටීඊ සම්බන්ධයක් නැති බවත් සමාජ මාධ්‍ය කුමන්ත්‍රණ න්‍යායන් පදනම් කරගෙන පොලිසිය චෝදනා කරන බවත්ය.

එදිනම වාර්තාවූ තවත් සිදුවිමක් වූයේ එල්ටීටීඊ නායක ප්‍රභාකරන්ගේ ජායාරෑපයක් සිය ජංගම දුරකථනයේ තබාගෙන සිටි දෙමළ තරුණයකු යාපනයේදී අත් අඩංඟුවට ගත් බවයි.

එල්ටීටීඊ සංවිධානය සහමුලින්ම විනාශ කළ බවට රටට සහ ලෝකයට ප්‍රකාශ කළ රාජපක්ෂවරු නිල ඇදුමක් නිසා යළි එල්ටීටීඊය බිහිවනු ඇතැයි සිතීම කොතරම් හාස්‍ය ජනකදැයි නම සඳහන් කිරීමට අකමැති වූ දෙමළ නීතිඥවරයකු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ කිසිදු නීතියකින් ඇදුම් තහනම් කර නැත. එබැවින් මෙම අත් අඩංඟුවට ගැනීමට කිසිදු නීතිමය පදනමක් නැතැයි ද ඔහු ප්‍රකාශ කලේය.

ජායාරූප සහ  යම් යම් කරුණූ ටැමිල් ගාර්ඩියන් අඩවියෙනි. පරිවර්ථනයක් නොවේ.එල්ටීටීඊ

Archive

Latest news

Related news