හැන් ලේ සිය කතාව අතරතරු කදුළු පිසින පින්තූරය Miss Grand Myanmar මුහුණු පොතිනි.
පසුගිය 03දා සවස නෙලුම් පොකුණ රගහලේදී පැවති ලෝක විවාහක රූ රැජිණ තරඟාවලිය වෙනුවෙන් වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ අවසන් තරඟය අවසන් වූයේ ඔටුනු පොරයක් ලෙසිනි. ජයග්‍රාහිකාව ලෙස තෙරුණු පුෂ්පිකා ද සිල්වා දික්කසාදවු තැනැත්තියක් ලෙස හෙළා දුටු සංවිධායිකාවක් ඇයගේ ජයග්‍රහනයේ කිරුළ බලයෙන්ම උදුරා දෙවැනි තැන දිනු තරගකාරියට කිරුල පැළදවූයේය.
පුෂ්පිකාද සිල්වා පළමුතැනට නොපැමිණයේ නම් දික්කසාද ප්‍රශ්ණයක් පැන නගින්නේ නැත. කැරොලින් ජූරි බලා සිට ඇත්තේ ඇය පරදිනු ඇතැයි සිතාය. පසුව ඔටුන්න ලබා ගැනිමට පොලීසි යෑමට ද සිදුවිය.
ඒ සසිරිබර ශ්‍රී ලංකාවේය.
එසේ නමුත් මිලිටරි කුමන්ත්‍රණයක් මගින් බලය අල්ලා ගෙන දැනට හය සියයකට ආසන්න විරෝධතාකරුවන් අමු අමුවේ ඝාකනය කර ඇති මියන්මාරයේ රූ රැජින සිය කිරුළ පාවිච්චි කළේ එකී විසකුරු මිලිටරියට එරෙහිව ලෝක ජනමතය ගොඩ නැගීමටය. ඇය 22 හැවිරිදි පැසි පන්දු ක්‍රීඩිකාවක්ද වන හැන් ලේය.
තමාගේ මෙම ස්ථාවරය නනිසා මියන්මාරයෙහි ජීවත්වන සිය මා පියන් ඇතුළු පවුලේ අයට කරදරයක්් වනු ඇතැයි තමා බියට පත්ව සිටින බවද ඇය මාධ්‍ය හමුවේ තිබේ. අඩුම වශයෙන් මාස තුනකට මා ආපසු නොයන බව ඇය ප්‍රකාශ කරයි.
යැන්ගොන්හි දර්ශනවාදය හදාරන හැන් ලේ කියන්නේ මිලිටරි ජුන්ටාව පරාජය කිරීමට මියන්මාර ජනයා පෙළ ගැසී සිටින බවයි. ඇය මියන්මාර බස, චීන බස මෙන්ම ඉංග්‍රිසි බසද චතුර ලෙස කතා කරයි.
ඇයගේ කතාව දැන් ලොව පුරාම පැතිර ගොස් තිබේ. ඇය කිරුළ දිනා ගත්තේ තරඟකාරියන් 64 දෙනෙකු අතරිනි. කිරුළට වඩා වැදගත් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය බව ඇය ක්‍රියාවෙන් පෙන්වා තිබේ.
ජීවිතය විදීමත් අයිතීන් සඳහා සටන් කිරීමත් එක්ව ගමන් කළ හැකි බව හැන් ලේ විසින් යළි වරක් පෙන්වා තිබේ. ඇය රූ රැජින තරඟයකට සහභාගි වූ පමණින් ම=සමාජයට ඉහලින් සිටින තාරකාවක්වීමට ඇයට අවශ්‍ය නොවීය.
දෙමසකටත් වඩා කාලයක් පුරා දෛනිකව මිලිටරි ජුන්ටාව සමඟ නිරායුධව සටන් කරන මියන්මාර ජනයාගේ ධෛර්ය හැන් ලේ විසින්ද සංකේතමත් කරයි.