Monday, May 6, 2024

උග්‍රවන ආර්ථික අර්බූදය සහ ජීනීවා යෝජනාවෙන් ගත හැකි ප්‍රයෝජන – වික්ටර් අයිවන්

ඡායාරූපය: 1989-90 සමයේ ඝාතනය කරන ලද බවට කියැවෙන තරුණ තරුණියන් වෙනුවෙන් පවා ජිනීවා යෝජනායෙන් යුක්තිය ලබා ගැනීමට ඉඩ තිබේ. (ජායාරූය: අන්තර් ජාලයෙනි)

දැන් ලංකාව අභ්‍යන්තරික හා බාහිර වශයෙන් තිබෙන්නේ අසමත් බාවය පරිපූරණ භාවයට පත් කරගත් තත්වයකය. පාලනය තිබෙන්නේ විශාල ප්‍රමානයකට බිද වැටුන අරාජකත්වයකට ගිය තත්වයකය. රටේ රාජ්‍යය හා දේශපාලනය ක්‍රමය තිබෙන්නේද උපරිම මට්ටමකට ගරා හැලෙන තත්වයකට පත්වී කඩා බිද වැටෙන තත්වයකය. ආර්ථිකය තිබෙන්නේද බංකොලොත් භාවයට ගිය තත්ත්වයකය. භූ දේශපාලන අර්තයෙන් ලංකාව සිටින්නේද බොහෝදුරකට වටලනු ලැබූ තත්වයකය.

අරාජිකත්වය

රටේ ඇතිවී තිබෙන අරාජිකත්වය හා බංකොලොත් භාවය රටේ ජනතාවට දැනෙන, පෙනෙන හා ඔවුන් පීඩාවට පත් කරන යථාර්ථයක් බවට පත් වී තිබේ. ගෝඨාභය රාජපක්ෂ තනි සිංහල බොදු ඡන්ද වලින් තේරී පත්වූ ජනාධිපතිවරයෙකු ලෙස සැලකිය හැකිය. ඉන් පසු ඔහුගේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ද හිමි විය. එහෙත් මේ වන විට ජනාධිපති සේම එම ආණ්ඩුවද සිංහල බොදු ජනතාව අතර හිමිකර ගෙන තිබුන එම පිළිගැනීම මේ වන විට වාෂ්ප කරගෙන තිබෙන බව පැහැදිලිව පෙනේ. එහිම දක්නට තිබෙන තවත් ලක්ෂණයක් වනුයේ ඇතිවී තිබෙන එම පිරිහීමේ පරිමාවට ගැලපෙන ප්‍රමාණයකට කිසිදු විරුද්ධ පක්ෂ ව්‍යාපාරයක් තමන් ට තිබෙන මහජන පිළිගැනීම වර්ධනය කරගෙන නොතිබීමය. ලංකාවේ තිබෙන්නේ ජන නායකයකුගේ හෝ ආණ්ඩුවක අර්බුදයකට වඩා සියලු සාම්ප්‍රදායික නායකයින් හා සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ අසමත් භාවයට පත් කර තිබෙන ක්‍රමය පිලිබද අර්බුදයක් බව ඉන් තේරුම් ගත හැකිය.
සිවිල් පාලනය දුබල කිරීමට හේතු වන ආකාරයට හමුදා පාලනයකට බර තබන ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇතත් ඒ මගින් අපේක්ෂා කල කිසිදු අරමුණක් සපුරා ගැනීමට ජනාධිපතිවරයා සමත්වී නැත. ප්‍රධාන තනතුරු වලට පත් කර තිබෙන සිවිල් පුද්ගලයින් පමනක් නොව හමුදා නිලධාරීන් ද සැලකිය යුතු සංඛ්‍යාවක් එම තනතුරු අත් හැර ගොස් තිබේ. එය පෙනෙන්ට තිබෙන වැදගත් ප්‍රවනතාවක් ලෙස ද සැලකිය හැකිය.

රටේ සියලු කටයුතු සිදුවෙමින් තිබෙන්නේ අවිධිමත් හා විකාර රූපි ස්වරූපයකටය. රටේ කාර්යක්ෂම ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කර තිබෙනුයේ ක්ෂේත්‍ර තුනක පමන ය. ආණ්ඩුවේ ප්‍රධානීන්ට තිබෙන නඩු හබ වලින් ඔවුන් නිදහස් කිරීම, ආණ්ඩුවේ විරුද්ධවාදින්ට එරෙහිව කෙරෙන නඩු පැවරීම් හා විවිධ ක්ෂේත්‍ර වල සිදුවන වස්තු කොල්ලකෑම් යන අංශ පමණය.

මෙම අර්බුදය තුල අධිකරණයේ ක්‍රියාකාරිත්වයද කිසියම් විශාල ප්‍රමාණයකට හැකිලීමකට හා බිඳ වැටීමකට ලක්ව තිබෙන්නේ යැයි කිව හැකිය. නීතිය පසදලීමෙන් පුද්ගලයින්ට පමනක් නොව සමාජ- දේශපාලන ක්‍රමයටද ආරක්ෂාව ලබා දිය නොහැකි තත්වයකට ලංකා අධිකරණය පත්ව තිබෙන්නේ යැයි කිව හැකිය. ශානි අබේසේකරට මුහුන දෙන්නට සිදුවී තිබෙන ඛේද ජනක තත්ත්වය ඒ සදහා දැක්විය හැකි හොදම නිදර්ශනය ලෙස සැලකිය හැකිය. ඔහු සියලු පරීක්ෂණ සිදු කලේ නීතිපති දෙපාර්තමේන්තුවෙන්ද අධිකරණයෙන්ද අවශ්‍ය මග පෙන්වීම් ලබා ගනිමිනි. එම ආයතන ක්‍රම දෙකම ඔහුට ආරක්ෂාව ලබා දීමට සමත් වී නැත.

රටේ සියලු කටයුතු සිදුවෙමින් තිබෙන්නේ අවිධිමත් හා විකාර රූපි ස්වරූපයකටය. රටේ කාර්යක්ෂම ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කර තිබෙනුයේ ක්ෂේත්‍ර තුනක පමන ය. ආණ්ඩුවේ ප්‍රධානීන්ට තිබෙන නඩු හබ වලින් ඔවුන් නිදහස් කිරීම, ආණ්ඩුවේ විරුද්ධවාදින්ට එරෙහිව කෙරෙන නඩු පැවරීම් හා විවිධ ක්ෂේත්‍ර වල සිදුවන වස්තු කොල්ලකෑම් යන අංශ පමණය.

බංකොළොත් භාවය

ආර්ථිකයේ ඇති වී තිබෙන බංකොළොත් භාවය දැනටමත් ජනතාවට පෙනෙන, දැනෙන හා ඔවුන් පීඩාවට පත් කරන සාධකයක් ලෙස ක්‍රියා කරමින් පවතී. එම තත්ත්වය දරා ගෙන සිටිය නොහැකි තත්ත්වයක් දක්වාම වර්ධනය වනු ඇත. දැනටමත් ඩොලරයේ හුවමාරු අනුපාතිකය රුපියල් 200 ඉක්මවා ගොස් තිබෙන අතර මුදල් ඇමතිවරයා විසින්ම ප්‍රකාශ කර තිබෙන අකාරයට එම හුවමාරු අනුපාතිකය රුපියල් 350 දක්වාම ඉහල යනු ඇත. ඉදිරියේදී භාණ්ඩ මල්ලක් මිලදී ගැනීමට සල්ලි මල්ලක්ද අවශ්‍ය වනු ඇත. ආනයන භාණ්ඩ මිලදී ගැනීමට හැකිවනු ඇත්තේ ඒවා වෙළද පොළේ තිබෙන තාක් කල් පමණය. දැනටමත් ටයර හිඟයක ලක්ෂණ පෙනෙන්න්ට තිබෙන අතර කිසියම් අවස්ථාවක මෝටර්රථ වලින් කෙරෙන ප්‍රවාහනය මුළුමනින් බිඳ වැටෙන තත්ත්වයක් පවා ඇතිවිය හැකිය. දැනටමත් විශාල පිරිසකගේ රක්ෂා අහිමි වී තිබෙන අතර රක්ෂා අහිමි වී නැතත් උපයන ආදායම් හීනවී සිටින අයගේ සංඛ්‍යාව ඊටත් වඩා විශාලය. දැනටමත් මහජන විරෝධතා අරගලවල ලක්ෂණ මතුවී තිබෙන අතර එවැනි මහජන සටන් ඉදිරියේ විශාල ලෙස වර්ධනය වන තත්ත්වයක් ඇති විය හැකිය.

ලංකාවේ අර්බුදය ජයගැනීමට අවශ්‍ය කරන ප්‍රායෝගික දැකමක් නැති කම ආණ්ඩුවට පමණක් නොව විරුද්ධ පක්ෂ වලටද ආවේණික පොදු ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. ජාතිය ගොඩනගා ගැනීමට අසමත් වීම හා පාලන බලය සමග ක්‍රියාත්මක වූ වස්තු කොල්ලය ලංකාව මෙබඳු කාලකණ්ණි තත්ත්වයකට පත්වීම කෙරෙහි බලපා තිබෙන ප්‍රධානම සාධක දෙක ලෙස සැලකිය හැකිය. ජාතිය ගොඩනගා ගත යුතුව තිබෙන අතර ගරා හැලී බිදවැටී තිබෙන රාජ්‍යය හා දේශපාලන ක්‍රමය ප්‍රතිනිර්මාණය කරගත යුතුය. එහිදී මහා පරිමාණයෙන් සිදුකර තිබෙන මානවහිමිකම් ගැන සොයාබලන තැනකට යාම අත්‍යාවශ්‍ය වන අතර රාජ්‍යය පාලනයට නිත්‍ය ලක්ෂණයක් බවට පත් කර ගෙන තිබෙන පාලකයින්ට පොදුවස්තුව කොල්ල කෑමට ලැබී තිබෙන අයිතිය මුළුමනින් අහෝසි කිරීම ද අත්‍යාවශ්‍යය.

තමන්ගේ නොමනා ක්‍රියාකාරකම් නිසා රටේ ඇතිවී තිබෙන මහා විනාශය ගැන ආණ්ඩු පක්ෂය තුළ හෝ විරුද්ද පක්ෂ වල හෝ තවමත් ලොකු මනස්තාපයක් ඇතිවීනැත. මේ දෙපක්ෂයම පොදු වස්තුව කොල්ල කෑමට තිබෙන ගිජු බවද අතහැර නැත. දෙපාර්ශවය සිටින්නේ අවංකභාවය අහිමි කරගත් නිර්මාණශීලී ලෙස කල්පනා කිරීම අහිමි කරගත් අන්ත බංකොළොත් තත්ත්වයකය. සියලු විරුද්ධ පක්ෂ කල්පනා කරන බව පෙනෙන්නේ ඊලග ඡන්දයයකින් බලයට පත් වීම ලංකාවේ අර්බුදයයට තිබෙන විසදුම බවය.

එම යෝජනාව ආශ්‍රයෙන් ඇති වී තිබෙන වැදගත්ම ඵලයක් ලෙස සැලකිය හැක්කේ ලංකාව තුල සිදුවී තිබෙන හා සිදු වෙමින් තිබෙන මානවහිමිකම් උල්ලංඝනය කිරීම් ගැන කරන සොයා බැලීමේ කටයුතු විධිමත් කිරීම සඳහා 12 දෙනෙකුගේ කාර්‍ය මණ්ඩලයයක් සහිත ලංකාව පිලිබද කාර්‍යාලයක් මහා කොමසාරිස්වරියගේ කාර්‍යාලයේම ඇති කිරීමය. එම කාර්‍යාලයේ කටයුතු සදහා මාස 22 ක කාලයක සදහා ඩොලර් මිලියන 2.8 ක මුදලක් ද වෙන්කර තිබේ.

භු දේශපාලන යථාර්ථය නොසැලකීම

භු දේශපාලන විෂයේදී ලංකාව පවත්වාගෙන යන දැඩි චීන හිතවාදි ප්‍රතිපත්තිය ලංකාවේ අර්බුදය පුපුරනසුලු තැනකට තල්ලු කිරීමට හේතුවිය හැකිය. දැනටමත් ලංකාව ගැලවීම පහසු නැති චීන ණය උගුලක පැටලී සිටින්නේය. ලංකාව දූපතක් වශයෙන් පිහිටා තිබෙනුයේ ඉන්දියානු සාගරය පාලනය කළ හැකි මර්මස්ථානයකය . ඉන්දියාව ලංකාවේ ලඟම අසල්වැසියා ලෙස සැලකිය හැකිය. ඇය කලාපයේ ප්‍රධාන බලවතා සේන මහා බලවතකු ගේ තත්ත්වයට පත්වන්නට අපේක්ෂා කරන බලවතකු ලෙස ද සැලකිය හැකිය. ලංකාවේ පිහිටීම වෙනස් කල නොහැකිය. ලංකාව පිහිටා තිබෙන්නේ චීන කට ලග නොව ඉන්දියානු කට ලගය. එම තත්ත්වය තුල ඉන්දියානු අපේක්ෂා මුලු මනින් නොසලකා ක්‍රියා කරන චීන හිතවාදී පිළිවෙතක් ඉන්දියාවේ බලවත් කෝපයට හේතු විය හැකිය. ඉන්දියාව ලංකාවට ඇඟිලි ගසන ප්‍රතිපත්තියකට තල්ලු වුවහොත් එයට මුහුණදීමේ ඇත්ත හැකියාවක් ලංකාවට නැත.

ලංකාවට අදාලව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කමිටුවේ සම්මත වූ යෝජනාව දැනටත් ලොකු අර්බුදයක සිටින ලංකාව කෙරෙහි ලොකුවට බලපාන සංසිද්ධියක් ලෙස ක්‍රියා කරනු නොවැළැක්විය හැකිය. ලංකාව තවදුරටත් හිතුවක්කාරී ලෙස ක්‍රියා කරන තැනකට ගිය හොත් ලංකාවට එරෙහිව සම්බාධක පනවන තත්ත්වයක් ඇති විය හැකිය.

එම යෝජනාව ආශ්‍රයෙන් ඇති වී තිබෙන වැදගත්ම ඵලයක් ලෙස සැලකිය හැක්කේ ලංකාව තුල සිදුවී තිබෙන හා සිදු වෙමින් තිබෙන මානවහිමිකම් උල්ලංඝනය කිරීම් ගැන කරන සොයා බැලීමේ කටයුතු විධිමත් කිරීම සඳහා 12 දෙනෙකුගේ කාර්‍ය මණ්ඩලයයක් සහිත ලංකාව පිලිබද කාර්‍යාලයක් මහා කොමසාරිස්වරියගේ කාර්‍යාලයේම ඇති කිරීමය. එම කාර්‍යාලයේ කටයුතු සදහා මාස 22 ක කාලයක සදහා ඩොලර් මිලියන 2.8 ක මුදලක් ද වෙන්කර තිබේ.

ලංකාව පිළිබඳ කාර්‍යාල

එම කාර්‍යාලය ලංකාවේ කටයුතු කෙරෙහි එක ආකාරයකට නොව ආකාර ගණනාවකට බලපානු ඇත. එය විශාල වශයෙන් මානව හිමිකම් උදුරා ගනු ලැබ තිබෙන දෙමළ හා මුස්ලිම් ජනයාගේද පොදුවේ මානව හිමිකම් උල්ලංඝනයන්ට ගොදුරු වූ හා ගොදුරු වෙමින් සිටින සිංහල ජනතාවටද ආරක්ෂාව ලබාදෙන වැදගත් ආයතනයක් ලෙස ක්‍රියා කරනු ඇත.

දැන් සිංහල කැරලි දෙකකදී විවිධාකරයෙන් බැට කා යුක්තිය ඉටු කර ගැනීමට නොහැකි වී සිටින අයටද දෙමළ කැරැල්ලේදී මානව හිමිකම් උල්ලංඝනයන්ට ගොදුරු වූ අයටද ඉනපසු මානව හිමිකම් අහිමි කිරීම් වලට ගොදුරු වූ මුස්ලිම් වරුන්ටද සිය දුක්ගැනිවිලි ඉදිරි පත්කල හැකි වැදගත් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරනු ඇත.

කප්පම් ලබාගැනීම සදහා අත්අඩංගුවට ගෙන තරුණයින් 11 දෙනෙකු අතුරුදහන් කිරීමේ සිද්දිය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවි රාජ් මරා දැමීමේ සිද්දිය, ප්‍රගීත් එක්නැලි ගොඩ අත්අඩංගුවට ගෙන අතුරුදහන් කිරීමේ සිද්දිය , ජනාමාද්‍යවේදින් පැහැර ගෙන ගොස් ඔවුන්ට බිහිසුනු ලෙස පහරදීමේ සිද්ධීන්ට අදාල පරීක්ෂණ යටපත් කිරීමෙන් පීඩාවට පත් සියලු දෙනාටද යුක්තිය ඉටුකර ගැනීම සදහා එම කාර්‍යාලයේ සහාය ලබා ගත හැකිය.

විශේෂයෙන් නීතිඥ හිජාස් හිස්බුල්ලා, ශානී අබේසේකර වැනි අයට ඔවුන් ගේ ආරක්ෂාව සදහා මේ කාර්‍යාලයේ සහාය ලබා ගත හැකිය. එසේම නීතියට පටහැනි කොමිෂන් සභා ක්‍රමයක් මගින් ප්‍රජා අයිතිය අහිමි කරීමේ තර්ජනයට ලක්ව සිටින සියලු දේශපාලන නායකයින්ටද එම ප්‍රශ්නය විසඳා ගැනීම සදහා එම කාර්‍යාලයේ සහාය ලබා ගත හැකිය. එසේම සිවිල් හා දේශපාලන ප්‍රඥප්තිය යටතේ ජිනීවා මානව හිමිකම් කමිටුව ඉදිරියේ නඩු පවරා බරපතල මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදුවී තිබෙන බව පිළිගෙන නියම කල වන්දි මුදල් ලබා ගැනීමට නොහැකිවී තිබෙන මා, ටෝනි එම්මෑනුවෙල් ප්‍රනාන්දු, පාලිත බණ්ඩාරනායක වැන්නන්ටද තමන්ට යුක්තිය ඉටු කරන ලෙස එම කාර්‍යාලයෙන් ඉල්ලා සිටිය හැකිය.

ඊටත් අතිරේකව ලංකාවේ ඇතිවී තිබෙන කුණුවීම ජය ගැනීමට උනන්දුවක් දක්වන , ඒ සදහා අවශ්‍ය කරන විහ්‍යූමය ප්‍රතිසංස්කරණ ගැන උනන්දුවක් දක්වන, සැබෑ පරිවර්තනයක් ඇතිකර ගැනීම සදහා සහබාගී මහජන විව්‍යස්ථා සම්පාදනයක් ගැන උනන්දුවක් තිබෙන අයටද මෙම කාර්‍යාලයෙන් ඒ සදහා අවශ්‍ය මග පෙන්වීම් හා තාක්ෂණ සහාය ලබා ගැනීමට හැකි විය හැකිය.

අධිකරණයට එන අභියෝගය

මේ යෝජනාවෙන් ලොකුම අභියෝගය එල්ල වනු ඇත්තේ ලංකාවේ අධිකරණයටය. ලංකාවේ අධිකරණයට ජාත්‍යන්තර වශයෙන් තිබෙන්නේ හොද පිළිගැනීමක් නොව නරක පිළිගැනීමකි. මේ යෝජනාව ආශ්‍රයෙන් ලංකා අධිකරණය සඳහා ගොඩනැගෙන අලුත් තත්ත්වයන් තුළ ලංකාවේ ඉහලම අධිකරණයෙන් යුක්තිය ඉටුකර ගැනීමට නොහැකිවූ අවස්ථා වලදී ඒ අයට විදේශ රටක අධිකරණයට ඉදිරියට ගොස් යුක්තිය ඉටු කරවා ගත ගැකි විකල්ප ක්‍රමවේදයක් ස්ථාපිත වන තත්ත්වයක් ඇති විය හැකිය. ඒ සදහා යුරෝපා රටවල අධිකරණ වල දොරටු තත්වය විවෟත වනවාට අතිරේකව ඉන්දියානු අදිකරණයේ දොරටු විවෘත වන තත්ත්වයක් ඇති වුවහොත් එය පාලනය කළ නොහැකි මහා ප්‍රවාහයක් බවට පත්වනු නොවැලැක් විය හැකිය. මේ සංඥාව ලංකා අධිකරණය බාර ගනු ඇත්තේ කවර අකාරයටද?

(FB)

Archive

Latest news

Related news