Monday, May 20, 2024

සමලිංගිකත්වය නිසා වධයට පැමිණ වූ නාසි යුද කේත ලිහූ ගනිතඥ ඇලන් ටියුරින් පවුම් 50 නෝට්ටුවට

ජායාරූපය: පවුම් 50 නෝට්ටුවේ ටියුරින්ගේ රූපය

ගණිතඥ ඇලන් ටියුරින් සමරන නව මුදල් නෝට්ටුවක සැලසුම එංගලන්ත බැංකුව විසින් ඊයේ එළිදක්වන ලදී. ඇලන් ටියුරින් යනු ඔහු දෙවන ලෝක යුද්ධය ජයග්‍රහණය කිරීමට බ්‍රිතාන්‍යයට හැකියාව ලබාදුන් ගනිතඥයාය. දෙවන ලෝක යුද සමයෙහි දී ජර්මානු රහස් කේත විසඳීමට සමීකරණයක් ලියුවේ ඔහුය.

1936 දී ඔහු නාසි ජර්මානුන්ගේ, යුද සන්නිවේදන එනිග්මා කේතය තේරුම් ගැනීමට භාවිතා කරන යන්ත්‍ර සඳහා තාක්ෂණික චිත්‍රයක් ඔහුඉදිරිපත් කළේය. එම ගණිතමය සූත්‍ර, නවීන පරිගණක විද්‍යාවට අඩිතාලම බවට ද පත්විය. එනිග්මා නම් යන්ත්‍රයක් විසින් නිපදවනු ලබන කේත ලිහීමට ටියුරින් සංඛ්‍යා විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව සහ එතෙකුදුත් හදුනාගෙන නොතිබූ තිබු පරිඝනක විද්‍යාව භාවිත කළේය.

නූතන පරිඝනක විද්‍යාවෙහි පියා ලෙස සලකනු ලබන්නේ ඔහුය.

හු සිය සොයා ගැනීම පිනිස පෝලන්ත විද්‍යාඥයින් විසින් ඒ වනවිටත් කර තිබූ පරයේෂන උපයෝගී කර ගත් අතර ඒ සඳහා සිය සගයින් සමග එක්ව කටයුතු කළේය.

එසේ නමුත් පසුගාමී බ්‍රිතාන්‍ය රජය සම ලිංගික හැසීරිමක් හේතුවෙන් 1952 ඔහු වධයට පැමිණුවේය. එළෙස වරදකරුකර දරුණු මානසික සහ ශාරීරික වධයට පැමිණවීමේ හේතුවෙන් ඔහු අවසානයේදී සිය දිවි නසා ගත්තේ වයස 43 දීය.

සිය සුත්‍රය ඉදිරිපත් කිරීමේ දී ඇලන් ටියුරින් මෙසේ සටහනක් යෙදීය. “මෙය ඉදිරියේදී සිදුවීමට නියමිත දේ පිළිබඳ පුරෝකථනයක් පමණක් වන අතර සිදුවීමට යන දෙයෙහි සෙවනැල්ල පමණි.” දැන් එම සටහන පවුම් 50නොට්ටුවට ද ඇතුලක් කර තිබේ.

(L-R) Keira Knightley, Matthew Beard, Matthew Goode, Benedict Cumberbatch, and Allen Leech star in THE IMITATION GAME.

ඇලන් ටියුර්නගේ ජීවිත කතාව අළලා නිපදවන ලද ද ඉමිටේෂන් ගේම් නම් සිනමා පටය ඉතා අනුවේදනීය එකක.

බ්‍රිතාන්‍ය ආන්ඩුව විසින් ඔහුගේ ජීවිත තොරතුරු විනාශ කරන ලද අතර මෙම සිනමා පටය එහුගේ ජීවිත කතාව අතුලත් Alan Turing: The Enigma, The Imitation Game පොත ඇසුරෙන් නිපදවන ලදී.

ටියුරින් ඉද්රපත් කළ සූත්‍රය සගින් නාසි ජර්මානු නාවික සන්නිවේදනයන් විකේතනය බ්‍රිතාන්‍යට හැකි විය. මගින් මිත්‍ර පාක්ෂික යුද නැව්වලට ජර්මානු යූබෝට්ටු මඟ හැරීමට හැකි විය. දෙවැනි ලෝක යුද්ධයෙහි තීරණාත්මක සටනක් වූ අත්ලාන්තික් සටනේදී මෙම වාසිය මිත්‍ර පාක්ෂික හමුදාවන්ට මහත් වාසියක් බවට පත් විය.

සිනමා පටයයෙහි දැක්වෙන ටියුරින් නිපදවූ තේක ලිහීමේ යන්ත්‍රය

ටියුරින් සිය කටයුතු ඉදිරියට ගෙන යමින් නාසි ජර්මනිය සකස් කළ වඩාත් සූක්ෂම ලොරෙන්ස් කේතාංකය බිඳ දැමීමට තුඩු දුන් තාක්‍ෂණයක් ද දියුණු කළේය.

1952 දී සම ලිංගික චර්යාවක් වෙනුවෙන් බ්‍රිතාන්‍ය අධිකරණය විසින් වරදකරු කරන ලද ඔහුට සිරගත වීම වළක්වා ගැනීම සඳහා ස්ත්‍රී හෝමෝන එන්නත් කර ගැනිමට බල කරන ලදී. ඒ ඔහුගේ ලිංගික ක්‍රියාකාර්ත්වය අඩපන කිරීමේ අරමුනිනි. තවද ඔහුට බ්‍රිතාන්‍යයේ බුද්ධ් අංශ සමඟ වැඩ කිරීමට තිබූ ආරක්ෂක අවසරය අහිමි කරන ලදී.

සම ලිංගිකත්වය 1967 වන තෙක් බ්‍රිතාන්‍යයේ නීති විරෝධී විය.

ටියුරින් 1954 දී සයනයිඩ් ගැනීමෙන් වයස අවුරුදු 41 දී සිය දිවි නසා ගත්තේය.

ඔහුගේ මරණය පෙර සිදු වූ බ්‍රිතාන්‍ය අධිකරණය විසින් ඔහු වරදකරු කිරීම 2013 දී එලිසබෙත් රැජින විසින් ඉවත් කර රාජකීය සමාවක් ලබා දෙන ලදී.

ඔහු සමලිංගිකයෙක් වූ අතර, එහි ප්‍රතිලයක් ඔහුට බිහිසුණු වධහිංසාවන්ට ලක්විය.අපගේ නව පොලිමර් පවුම් 50 ක මුදල් නෝට්ටුවේ ඔහුගේ ජායාරූපය ඇතුලත් කිරීමෙන් අපි ඔහුගේ ජයග්‍රහණ සහ ඔහු සංකේතවත් ක සාරධර්ම සමරන්නෙමු” යැයි එංගලන්ත බංකුවේ අධිපති බෙයිලි සඳහන් කර තිබේ.

මෙම මුදල් නොට්ටුව නිකුත් කිරීම සහ විවිධත්වයට ගරු කිරීම වෙනුවෙන් ඊයේ ලන්ඩනයේ ත්‍රෙඩ්නීඩල් වීදියේ පිහිටි එහි ප්‍රධාන ගොඩනැගිල්ලෙහි සමලිංගිකත්වය උත්කර්ශයට නංවන දේදුනු ධජය නංවා තිබුණි.

Archive

Latest news

Related news