Tuesday, July 16, 2024

“ආච්චි අම්මා” හෙඩිමට ස්විස් පත්තර සමාව ගනී.

පළපුරුදු නයිජීරියානු දේශපාලනඥවරියක සහ ආර්ථික විද්‍යාඥවරියක ආච්චි අම්මෙකු ලෙස බැහැර කළ ස්විට්සර්ලන්ත පුවත්පත් කිහිපයක් පසුදා එම වරද සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව අයද සිටියාය.

ස්විස් ජරමානු ප්‍රාන්තයන්හි පුවත්පත් තුනක් පළකරන සමාගමක් සීඑච් සමාගම මෙම සමාව ඇයැදීමකරන ලද්දේ ලෝක වෙළඳ සංවිධානයේ (WTO) පළමු කාන්තා හා පළමු අප්‍රිකානු අධ්‍යක්ෂ ජනරාල්වරිය වන එන්ගෝසි ඔකොන්ජෝ-ඉවාලා Ngozi Okonjo-Iweala සම්බන්ධයෙනි. ඇය එම සමාව යැදීම පිළිගත්තේය.

නයිජීරියාවේ මුදල් හා විදේශ කටයුතු අමාත්‍යවරිය ලෙස වසර 25 ක් සහ ලෝක බැංකුවේ වසර 25 ක් සේවය කිරීමෙන් පසු 66 හැවිරිදි එන්ගෝසි ඔකොන්ජෝ ජිනීවාහි පිහිටි ලෝක වෙළඳ සංවිධානයේ නව ප්‍රධානි තනතුරෙහි සඳුදා වැඩ භාර ගත්තේය.

ඇයගේ පත්වීම කල් යමින් තිබුණේ ඇමෙරිකා එක්සත් ජනපදය එම පත්වීම අනුමත නොකර තිබූ නිසාය. ජනාධිපත ජෝ බයිඩන් පත්වූ වහාම ඇයගේ පත්වීම ස්ථිර විය.

පෙබරවාරි 9 වන දින ජර්මානු බසින් පළවන ආර්ගුවර් සයිතුං, ලුසර්නර් සයිතුං සහ සෙන්ට් ගැලර් Aargauer Zeitung, Luzerner Zeitung and St. Galler Tagblatt යන ටැබ්ලොයිඩ් පුවත්පත් සහ ඒවායේ අන්තර්ජාල සංස්කරණයන්ද ඇයගේ පත්වීම සම්බන්ධ ලිපියට දී තිබූ සිරස්තලය වූයේ “මෙම ආච්චි ලෝක වෙළඳ සංවිධානයේ ලොක්කී වනු ඇත ” යනුවෙනි.

විරෝධතා පළවත්ම පසුව එම සිරස්තලය වෙනස් කරන ලදි.

එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනයන්හි ස්ත්‍රී ප්‍රධානීන් ගණනාවක් සහ ජිනීවාහි තානාපතිවරුන් 120 කට වැඩි පිරිසක් එම සිරස්තලය “ආක්‍රමණශීලී, ලිංගික සහ ජාතිවාදී” බවට ලිපියක් අත්සන් කරන ලදී.

එවිට ස්විට්සර්ලන්ත සිඑව් පුවත්පත් සමූහය නිවේදනයක් නිකුත් කරමින් සමාව ඉල්ලා සිටියේය.

“මෙම සිරස්තලය නුසුදුසු හා නොගැලපෙන එකක් විය … මෙම කර්තෘමය වැරැද්දට අපි සමාව අයදිමු,” යනුවෙන් සමූහයේ විදේශ අංශයේ ප්‍රධාන කර්තෘ සැමුවෙල් ෂූමාකර් පෙබරවාරි 26 වන දින කරන ලද ප්‍රකාශයේ සඳහන් විය.

එම වාර්තාව ලියූ ජිනීවාහි ඔවුන්ගේ වාර්තාකරුවන ජෑන් ඩර්ක් හර්බර්මන් සිරස්තලයට කිසිදු ආකාරයකින් වගකිව යුතු නොවන බව එම නිවේදනය මගින් අවධාරණය කරන ලදී. ්‍එම සිරස්තරලයට ඔහු වගකිවයුතු වූයේ නම් ජිනීවාහි මාධ්‍ය ප්‍රජාව සහ තානාපති ප්‍රජාව අතර ඔහුට අපකීර්තියක් අත්වන්නට ඉඩ තිබුණි.

සිරස්තලය වෙනස් කර තිබුණේ සුපුරුදු පරිදි පුවත්පතෙහි කර්තෘවරුන් විසිිනි.

සමාව යැදීම පිළිගනිමින් ට්විටර් පණිවඩයක් නිතුක් කළ එන්ගෝසි කියා සිටියේ “මෙම පුවත්පතේ ජාතිවාදී හා ලිංගිකවාදී සිරස්තලය හෙළාදකිමින් පෙත්සමට අත්සන් තැබූ මගේ සහෝදරියන්, එක්සත් ජාතීන්ගේ ස්ත්‍රී නායිකාවන් සහ ජිනීවාහි තානාපතිවරුන් 124 දෙනාට ස්තූතිවන්ත වන” බවයි.

“මෙම දේ සිදුවන විට සිදු වූ විට අප ඒවාට විරුද්ධව නැගිය යුතුයි” කියාද ඇය කියා සිටියේය.

තමන් හිටපු ඕස්ට්‍රේලියානු අගමැතිනි ජූලියා ගිලාර්ඩ් සමඟ සම-රචනා කරන ලද “කාන්තා හා නායකත්ව පොතේ “නායකත්ව තනතුරු භාර ගන්නා විට කාන්තාවන් මුහුණ දෙන ඒකාකෘති” පිළිබඳව තමන් හරියටම කතා කළේ මෙවැනි වාර්තාකරණයන් ගැන බවද ඇය කියා සිටී.

ඇය විසින් යවන ලද ට්විටර් පණිවඩය පහත දැක්වේ.

Archive

Latest news

Related news