පෙනෙන්නට තිබෙන නව පෙළ ගැසීම් අනුව කිසියම් දීර්ඝ කාලයක් අඩු වැඩි ප්‍රමානයකට අධ්‍යාත්මික වශයෙන් මරනයට පත්ව සිටි උතුරේ දෙමළ සමාජය නැවත නිදහසේ හුස්ම ගන්නට බලවත් උත්සාහයක නිරත් වී සිටින බව පෙනේ.
දෙමළ සමාජය පමනක් නොව සිංහල හා මුස්ලිම් සමාජයද දැන් දීර්ඝ කාලයක් තිස්සේ තිබෙන්නේ අඩු වැඩි ප්‍රමානයකට අද්ධ්‍යාත්මික වශයෙන් මරනයට පත් තත්වයකය. නැතහොත් ඔවුන්ගේ අධ්‍යාත්මය තිබෙන්නේ රෝගී තත්වයකය. එයද රටේ දැන් තිබෙන කාලකන්නි තත්වය කෙරෙහි බලපා තිබෙන වැදගත් හේතුවකි.
විකෘති තත්වයකට හෝ කිසියම් ප්‍රමානයකට මරනයට පත්ව තිබෙන සිංහල, දෙමළ හා මුස්ලිම් සමාජ අධ්‍යාත්මය නැවත කිසියම් විශාල ප්‍රමානයකට
ප්‍රකෘති තත්වයකට ගත හැකිවනු ඇත්තේ නිදහසේ හුස්ම ගැනීමට දරන බලවත් උත්සහායන්හි නිරතවීමෙනි.
වර්ග ආගම් කුල බේද නිසා ඇතිවූ ප්‍රචන්ඩ කැරලි කෝලාහල වලින් විනාශ වී තිබෙන ජීවිත සංඛ්‍යාව අති විශාලය. මරනයට පත් නොවී ජීවත් වීමට වාසනාව හිමිකරගත් අයද එම බිහිසුනු සමාජ වටපිටාව තුල අධ්‍යාත්මික වශයෙන් මරනයට පත්විය. කැරලිකරුවන්ද ඔවුන්ට එරෙහිව සටන් කල ආරක්ෂක හමුදාවන්ද උපරිම කෘරත්වයක් සමාජය මත මුදා හැරියේය.
එය කෙටි කාලින දෙයක් නොව දීර්ඝ කාලින දෙයක් විය. එම වටා පිටාව තුල හැම දෙයක්ම විකෘති වූ අතර සමාජයද විකෘර්ති විය.දැන් රටේ ඇතිවී තිබෙන කාලකන්නි බාවය එහි තරකානුකූල එලයක් ලෙස සැලකිය හැකිය.
සිංහල තරුන කැරලි දෙක
ප්‍රචන්ඩ කැරලි ගැසීම් පළමුව ඇතිවූයේ දෙමළ උතුරේ නොව සිංහල දකුනේය. ඒ කැරලි දෙකම විජේවීර ගේ ජවිපෙ විසින් මෙහෙයවන ලද කැරලි ලෙස සැලකිය හැකිය.
71 කැරැල්ලේ පරිමාව විශාල නොවූ අතර 87-89 දෙවැනි කැරැල්ලේ පරිමාව ඉතා විශාල විය.පලමු කැරැල්ලේ නායකයින් සියයට 95 කට ජීවත්වීමේ වාසනාව ලැබුන අතර දෙවැනි කැරැල්ලට නායකත්වය දුන් සියට 5 කට වත් ජීවත්වන්නට පුලුවන්කම ලැබුනේ නැත. පලමු කැරැල්ලේ මරනයට පත් අයගේ මුලු සන්කියාව 5000 කට අඩු වන අතර දෙවැනි කැරැල්ලේ මරනය පත් අය්ගේ මුලු සන්කියාව 50000 කට වඩා වැඩිය. කැරලිකරුවන් සේම ආරක්ෂක හමුදාද උපරිම මට්ටමේ කෘරත්වයක් සමජය මත මුදා හරිනු ලැබීය. එම කැරලි දෙක කෙරෙහි වර්ගය වෙනුවට කුලය වැදගත් සාධකයක් ලෙස බල පෑ බව පැහැදිලිව පෙනේ.
කැරලිකරුවන් විසින් අනියම් ලෙස මිස ඍජු ලෙස අභිලාෂ පැහැදිලි නොකිරීම මෙම කැරලි දෙකටම ආවේනික වැදගත් ලක්ෂනයක් විය. සමාජවාදයක් වෙනුවෙන් පෙනීසිටියත් තම්න්ගේ දුක්ගැනවිලි අව්‍යාජ ලෙස ප්‍රකාශ කිරීමක් සිදු නොවීය. ජේවීපී දෙවැනි කැරැල්ල කුරිරු කැරැල්ලක් ලෙස සැලකිය හැකි අතර. එය මර්දනය කෙරුනේද ඉතාමත් කුරිරු ආකාරයකටය. විජේවීර ඇතුලු අත් අඩංගුවට ගන්නා ලද නායකයින්ගෙන් වැඩි පිරිසක් මරා දමන ලද්දේ හිතුවක්කාරි ආකාරයකටය.
කැරැල්ල පරාජය කිරීමෙන් පසු ප්‍රේමදාස ජනාධිපතිවරයා තරුණ කැරලිකාරිත්වයට බලපෑ හේතු සොයා බැලීම සදහා ජනාධිපති කොමිෂමක් පත්කරනු ලැබුවත් කොමිෂමේ නිර්දේෂ ක්‍රියාතමක කිරීමක් සිදු නොවීය.
ඦනාධිපති චන්ද්‍රිකා පාලන කාලයේදීද අතුරුදහන්වුවන් ගැන සොයා බලා ඔවුන් වෙනුවෙන් වන්දි ගෙවන ක්‍රමක් ක්‍රියාත්මක කරනු ලැබුවත් ඒ මගින්ද විධිමත් ලෙස කරුනු සොයා බැලීමක් සිදු නොවීය. එහෙත් කැරැල්ල අවසන් කිරීමෙන් පසු මරනයට පත්වූ කැරලිකරුවන් සිහිපත් කිරීමට තිබෙන අයිතියට බාධා නොකරන ලද අතර ජේවීපීයේ දේශපාලන උරුමය වෙනුවෙන් පෙනී සිටින අයට ප්‍රාජාතන්ත්‍රවාදි ප්‍රවාහයට එකතුවීමට තිබෙන ඉඩ ඇහිරීමක් ද සිදු නොවීය.
දෙමළ කැරැල්ල
ප්‍රභාකරන්ගේ දෙමළ කැරැල්ල අවුරුදු 25 ක් තරම් දීර්ග කාලයක් අල්ලාගෙන සිටීමට සමත් විය. එයද ඉතාමත් කුරිරු කැරැල්ලක් ලෙස සැලකිය හැකි අතර පරාජය කෙරුනේද ඉතාමත් කුරිරු ආකාරයකටය. ප්‍රභාකරන්ගේ ඊලාම් යුද්දය හා ඊට එරෙහිව ලංකා ආණ්ඩුව පවත්වාගෙන ගිය ඊලාම් විරෝධී යුද්දය විශේෂ වශයෙන් උතුරු නැගනහිර දෙමල ජනතාව කෙරෙහිත් පොදුවේ ගත් විට ලංකාවේ ජනතාව කෙරෙහිත් ඇති කල විනාශයේ පරිමාව අති විශාලය.
මුලු ජීවිත හානියේ ප්‍රමානය ලක්ෂයකට වැඩි විය හැකි අතර සිදුවී තිබෙන දේපල හානියේ තරමද අති විශාලය. විශාල පිරිසක් අංගවිකල තත්වයකට පත් කිරීමට හේතුවී තිබෙන අතර ස්වාමි පුරුෂයින් අහිමි වී සිටින වැන්දබුවන් ගේ සංඛයාව 80000 ක් බවට ගනන් බලා තිබේ.
යුද්දයේ අවසාන අදියරයේදී මහා පරිමාවෙන් මානව හිමිකම් උල්ලංඝනය වී තිබෙන බවට චෝදනා එල්ලවී තිබේ. අභ්‍යන්තර යුද්ද්ය අවසන් කොට වසර 11 කට වැඩි කාලයක් ගතවී ඇතත් සිදුවී තිබෙන ජීවිත හානි, දේපල හානි හා මානව හිමිකම් උල්ලන්ගනයන් ගැන සොයා බලා ඔවුන් ගේ ජන ජීවිත යථා තත්වයට ගැනීමට හේතුවන ඔවුන්ගේ පිළිගැනීමට හේතුවන ප්‍රතිසංස්කරණ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට සමත් වී නැත.
නඩු නොපවරා අත්අංඩගුවේ තබාගෙන සිටින පිරිසක් බන්ධනාගාරව සිටිති. යුද්ද කාලයේදී ආරක්ෂක හමුදාවලට පවරා ගත් ඉඩම්වලින් කිසියම් විශාල ප්‍රමානයක් මිස මුලුමනින් ආපසු පවරා දීමක් සිදුකර නැත.
ඉතාමත්ම අවලස්සනම දේ වනුයේ මේ අර්බුදයෙන් මිය ගියවුන් සිහිපත් කිරීමට එම පවුල්වල අයට තිබෙන අයිතිය පිළිනොගැනීමය. ප්‍රභාකරන්ගේ කැරැල්ල හා ප්‍රතියුද්දය ආශ්රයෙන් සිදුවී තිබෙන මුලු මරන සංඛ්‍යාව ජේවීපී දෙවැනි කැරැල්ලේදී මැරුන මුලු සංඛ්‍යාව මෙන් දෙගුනයක් පමන විය හැකිය.
ප්‍රභාකරන්ගේ කැරැලල කෙරෙහි වර්ගය හා කුලය යන සාධක දෙකම බලපා තිබෙන බව පෙනේ.
ජාතිය ගොඩ නගා ගැනීමට අසමත් වීම
වර්ග ආගම් හා කුල ප්‍රශ්නයේදී ලංකාව නිදහසේ සිටම අයාලේ ගමන් ගත් රටක් ලෙස සැලකිය හැකිය. සිය රටේ වර්ගය, ආගම හා කුලය අනුව “සුලු” ගනයට වැටෙන පුරවැසි කන්ඩායම් සමාන අයිතිවාසිකම් හා සමාන මනුෂ්‍ය ගරුත්වය ඇති අය ලෙස සලකා ක්‍රියා කරන්නට අසමත් වීම ලංකාවේ අසමත්බාවය කෙරෙහි බලාපා තිබෙන ලොකුම සාදකය ලෙස සැලකිය හැකිය.
නිදහස් අරගලයක් නැතිව නිදහස තෑගි වශයෙන් ලැබීම නිසා ජාතිය ගොඩනගා ගැනීමක් සිදු නොවූ අතර ලංකාවේ සිංහල, දෙමල, මුස්ලිම් නායකයින්ට ජාතිය ගොඩනගා ගැනීමේ ප්‍රශ්ණය ගැන න්‍යායික අවබෝධයක් තිබුනේ නැත. සිංහල නායකයින් කෙරෙහි බලපා තිබුනේ සිංහල බොදු නොවන අන් සියලු දෙනා පරයන් ලෙස සලකා ක්‍රියා කරන අනගාරික ධර්මපාල චින්තනයයි.
පලමුවෙන්ම “පරයින්ගේ” ගනයට දමන ලද්දේ බරගර්වරුන්ය. සිංහල, දෙමළ යන වර්ග දෙකටම බර්ගර්වරුන් ගැන තිබුනේ අවඥාවකි. ඔවුන් හදුන්වන්නේ කැරපොතු ලන්සින් හෝ තුප්පහි ලන්සීන් ලෙසය. නිදහස් ලංකාවේ තමන්ට අනාගතයක් නැතිබව කල්තියා තේරුම් ගත් බර්ගර්වරුන් නිදහසත් සමග තොග ගනනින් ලංකාව අතහැර යන්නට වූහ. ඒ අවස්ථාවේ සිංහලයින් හා දමිළයින් වැදගත් කොට සලකන ලද්දේ රාජ්‍යය සේවයේ බරගර්වරුන් හිමිකර ගෙන සිටි තනතුරු තමන් වෙත හිමිකර ගැනීමය.
වාර්ගික අර්ථයෙන් ඊළග බිහිසුනු ප්‍රාහාරය එල්ල් වූයේ ඉන්දියානු සම්භවයක් ඇති වතු කම්කරුවන්ටය. පලමු පාරලිමේන්තු මැතිවරණයේදී ඉන්දියානු කොන්ග්‍රස් අපේක්ෂකයින් තරග නොකරන ආසනවලදී වතු කම්ම්කරුවන් චන්දය පාවිච්චි කර තිබුනේ සමසමාජ අපේක්ෂකයින්ටය. එම මැතිවරණයෙන් සේනානායකගේ පක්ෂයට තනි බලක් ලැබී නොතිබුන තත්වය තුල තමන්ට ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට වතු කම්කරුවන් වෙනුවෙන් පාරලිමේන්තුවට තේර්‍ර පත්වූ නියෝජිතයින් හත් දෙනා අධාර නොකිරීම අගමැති ඩී. ඇස් සේනානායකගේ බලවත් විරෝධයට හේතු විය.ඒ නිසා අගමැතිවරයා පුරවැසි නීති සකස් කලේ පුරවැසි අයිතිවාසිකම් ලබාගැනීමට හිමිකමක් තිබෙන අයටද පුරවැසි අයිතිවාසිකම් ලබා ගැනීම ඉතා දුෂ්කර කෙරෙන අකාරයටය.
එය සොල්බරි ව්‍යවථාවේ තීන්ත වේලෙන්න්ටත් පලමුව සිදුකරන ලද මහා මානව හිමිකම් උල්ලංඝනය ලෙස සැලකිය හැකිය. එම සිද්ධියේදී ද චෙල්වනායගම් හා තවත් මන්ත්‍රීවරයෙකු හැර උතුරු නැගෙනහිර නියෝජනය කළ සියලු දෙමල මන්ත්‍රීවරු වතු කම්කරුවන්ගේ ප්‍රජා අයිතිය අහිමි කරන එම නීතිය සම්මත කරගන්නට සහාය දුන්නේය.
දෙමළ අරගලය ප්‍රචන්ඩ මාවතකට හැරීම
මොනම ආකාරයටවත් සාධාරණය කල නොහැකි දෙමල ජනතා වගේ භාෂා අයිතිවාසිකම් අහිමි කිරීමට හේතු වූ 1956 බණ්ඩාරනායක නීතිගත කල සිංහල රාජ්‍යය භාෂා නීතිය වාර්ගික විෂයෙහි ඊලගට සිදුවූ බිහිසුනුම සංසිද්ධිය ලෙස සැලකිය හැකිය. ස්වභාෂාවන්ට නිසි පිළිගැනීමක් ලබාදීමේ අත්‍යාවශ්‍ය කෝදේසියක් වී තිබුනද එය කල යුතුව තිබුනේ දෙමල ජනතාවගේ භාෂා අයිතිවාඅසිකම් අහිමි කිරීමක් සිදු නොවන හා ද්වි භාෂා උගත්කම නැතිකිරීමට හේතු නොවන ආකාරයටය. බණ්ඩාරනායකගේ භාෂා ප්‍රතිපත්තිය ද්වි භාෂා ප්‍රතිපත්තිය අවුල් කොට දෙමළ ජනයාගේ භාෂා අයිතිවාසිකම් අහිමි කිරීම මගින් රට පහසුවෙන් විසදා ගත නොහැකි ලොකු අවුලකට තල්ලු කලේය.
සිංහල භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මුස්ලිම් නායකයින් ප්‍රකාශ කරන ලද ස්ථාවරයද අවස්ථාවාදි හා ආත්මාර්ථකාමි බව කිව යූතුය. ඔවුන්ද යුක්ති සහගත පොදු ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට සිංහල පමනක් ප්‍රතිපත්තිය අනුමත කළේය.
තම ජනයාට අහිමි කල භාෂා අයිතිවාසිකම් හිමි කරගැනීම වෙනුවෙන් දෙමළ නායාකයින් වසර 20 ක් තරම් දීර්ඝ කාලයක් අහිංසාවාදි ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුල දුෂ්කර සටනක් කළේය. එහෙත් එම විෂයෙහි කිසිදු සාධාරණ වෙනසක් ඇතිකරන්නට සිංහල අන්තවාදි බලවේගයන් ඉඩ දුන්නේ නැත.
මේ ආශ්රයෙන් ඇතිවූ වාද විවාද සිංහල අන්තවාදී ආකල්ප ශක්තිමත් කිරීමට මිස දුර්වල කිරීමට හේතුවුනේ නැත. 83 කලු ජූලිය දෙමළ ජනතාව කෙරෙහි ඇතිකල අතිවිශාල විනාශය සමාකාමි රාමුවක පැවති දෙමළ අරගලය ප්‍රචන්ඩ මාවතට තල්ලු කිරීමට හේතු විය. එම උද්වේගකර වටපිටාව දෙමළ සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයින්ට තිබෙන පිළිගැනීම අහිමි කොට ප්‍රභාකරන්ට හා එවැනි ප්‍රචන්ඩ නායකයින්ට ලොකු පිළිගැනීමක් ලබා දීමට හේතු විය.
ප්‍රභාකරන් සමග ඊලාම් යුද්දය පරාජය කිරීමෙන් පසු සිංහල අන්තවාදින්ට දෙමළ සතුරා වෙනුවට අලුත් සතුරකු සොයා ගැනීම අවශ්‍ය වූ අතර මුස්ලිම් සතුරා ඔවුන් සොයාගත් අලුත් සතුරා විය. සිංහලයින් වඳ කරන වඳ බෙහෙත් කතාව ඒ සදහා යොදා ගැනුනු ප්‍රබලතම හා බිහිසුනුම අවිය වී යැයි කිව හැකිය. සිංහල අන්තවාදි බලවේගයන්ගේ එම මුස්ලිම් විරෝධී වැඩසටහන් ආරම්භක කාලයේදී දෙමළ ජනයාගේද ආස්වාදයට හේතුවූ බවක් පෙනෙන්නට තිබුණි.
සිංහල අන්තවාදි බලවේගයන් දැන් ඓතිහාසිකව සිටින්නේ ගැලවිය නොහැකි පරිපූර්ණ අර්බුදයකය. ඔවුන් මේවන විට ලංකාව රැගෙන විත් තිබෙන්නේ කේතුමතී රාජ්‍යයකට නොව අවිචි මහා නරාකාදියකටය. ඒ බව එම අන්තවාදි බලවේගයන්ට විස්වාසයෙන් සවන්දුන් සිංහල බොදු බලවේගයන්ද තේරුම් ගනිමින් සිටිති. එම තත්වය නූතන ජාතිය ගොඩනගා ගැනීමට සේම ලංකාවට අවශ්‍ය ව්‍යුහමය ප්‍රතිසංස්කරණ දිනාගැනීමට ද ශක්තිමත් පදනමක් ලබා දෙයි.
ඒ සදහා උතුරේ දෙමල ජනතාව පමනක් නොව සිංහල, මුස්ලිම් හා උඩරට දෙමළ ජනතාවද නිදහසේ හුස්ම ගැනීමට වැර දැරිය යුතුය. කිසියම් දුරකට මරනයට පත්ව තිබෙන ඔවුන්ගේ අධ්‍යාත්මයන් යළි පන ලබනු ඈත්තේ එවිටය.