Saturday, May 4, 2024

කාර්දිනල්ට නැති පත්තරවලට ඇති පාස්කු ප්‍රහාර වාර්තාව: ඥණසාර හිමිටත් අපරාධ චෝදනා!

ගලබොඩකාර්දිනල් මැල්කම් රංජිත් හිමිපානන්ට ලබා දී නැති නමුත් රාජපක්ෂවාදී පුවපත් සමාගම් වෙත ලබා දී ඇති බව පෙනෙන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව මගින්  බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වග උත්තරකරුවකු ලෙස නම් කර අපරාධ චෝදනා නැගීමට යෝජනා කර ඇතැයි කියැවේ.

ගෝඨාභය රාජපක්ෂගේ දකුණු අත යැයි කියැවෙන දිලිත් ජයවීර විසින් පවත්වා ගෙන යන  මොර්නිං පුවත්පත අද (12) මේ බව වාර්තා කර තිබේ.

මෙළෙස එහිමියන්ට අපරාධ චෝදනා යටතේ නඩු පැවැරීමට යෝජනා කර ඇත්තේ 2014 වසරේදී අලුත්ගම හා බේරුවල ජාතීන් අතර අසමගිය ඇතිවන පරිදි කටයුතු කිරීම යන චෝදනාව යටතේ  බව එම වාර්තාව සඳහන් කරයි, 2014 ජූනි 15ත් 17ත් අතර කාලයේදී කලුතර දිස්ත්‍රික්කයේ අලුත්ගම, බේරුවල හා ධර්ගා නගරය යන ස්තානවලදී මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන එල්ල කළ ප්‍රහාරවලින් ආසන්න වශයෙන් සිව් දෙනකු මිය ගොස් 80 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති අතර දේපල විනාශයන්ද සිදු වී ඇති බව කොමිසමේ වාර්තාව සඳහන් කර තිබේ.

එකී විශේෂ ජනාධිපති කොමිසමට   ආගමික හා ජාතිවාදී මත පතුරවමින් රට තුළ අසහනාකාරී තත්ත්වයන් ඇති කළ පුද්ගලයින් ගැන විමර්ෂණය කිරීමට ද අධිකාරයක්ට තිබූ අතර ඒ අනුව සිදු කළ පරීක්ෂණ වල ප්‍රතිපළ ලෙස ඥානසාර හිමියන් සම්බන්ධයෙන් මෙලෙස චෝදනා නැගීමට යෝජනා ඉදිරිපත් වී තිබේ.

ඥණසාර හිමි ඇත්තේ තමා වාර්තාව ලබාගෙන කියවා බලා පුවත්පත් සාකච්ජාවක් පවත්වන බවය.

Archive

Latest news

Related news