Monday, May 20, 2024

තමා ඇමැතිවරයකු වූ අමාත්‍ය මණ්ඩලය ගත් තීරණ වැරදි බව විජේදාස රාජපක්ෂ කියන “පළිගැනීම් කොමිසමේ” සම්පූර්ණ වාර්තාව මෙන්න!

දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ දැන් වාර්තාව කැබිනට් පත්‍රිකාවක් ලෙස එළිදක්වා තිබේ. 2020 ජනවාරි මස 09 වන දින මේ ත්‍රිපුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කෙරිණ.

අමාත්‍ය මණ්ඩලය විසින් එම වාර්තාව පිළිගෙන ඒ අනුව ක්‍රියාකිරීමට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිය විට විපක්ෂයේ ප්‍රධාන පෙළේ දේ්ශපාලනඥයින් ගණනාවකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට සහ වෙනත් පියවර ගැනීමට ඉඩ තිබේ.

මෙම වාර්තාව මගින් එවකට ඇමැතිවරයකු වූ විජේදාස රාජපක්ෂ ඇතුලතු වූ අමැති මණ්ඩළය විසින් ගන්නා ලද තීරණයක් අනුව පිහිටුවන ලද දූෂණ විරෝධය කමිටුව සහ එහි ලේකම් කාර්යාලය මගින් සිදු කළ පොදු දේපළ අවභාවිතාව යන මැය යටතේ කරන ලද පරීක්ෂනය අනුවය. මගින් අගමැති රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, ආර් සම්බන්ධන්, එම් සුමන්දිරන්, අනුර කුමාර දිසානායක, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, මලික් සමරවික්‍රම, ශානි අබේසේකර යනාදීන්ට දඩුුුුවම් කළ යුතු බවට තිරණය කර තිබේ.

එම පරීක්ෂනයේ සාක්ෂිකරු වූයේ එකී ඇමැති මණ්ඩළයේ සිටිමින් එම තීරණයට සහාය දැක්වූ විජේදාස රාජපක්ෂය. නීති අංශ දක්වන්නේ එම තීරණය වරදක් නම් එම තීරණයට අත ඉස්සූ විජේදාස රාජපක්ෂ වරදකරුවෙක් නොවෙන්නේ කෙසේද යන්නයි.

කොමිසමේ සභාපති වූයේ විකටර් අයිවන් විසින් දූෂිතයකු ලෙස හෙළිදරව්කර ඇති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, FCID, CID සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය යන ආයතන විසින් සිදු කරන ලද විමර්ශන නිසා 2015 ජනවාරි මස 08 වනදා සිට 2019 නොවැම්බර් 16 වනදා දක්වා දේශපාලන පලිගැනීමට ලක්වූවන් පිළිබඳව සහ ආශ්‍රිත පසුබිම සොයා බැලීම කොමිෂන් සභාව වෙත පැවරි තිබුනි.

පුවත් පත් දැන්වීමට අනුව ලැබුණු පැමිණිලි 1971ක් විමර්ශනයට ඉදිරිපත් කර තිබිණ. වාර්තාව වෙළුම් 03කින් සහ පිටු 2043කින් සමන්විතය.

පීඩීඒෆ් ගොන්වක් ලෙස බා ගත කර ගන්න

CoI Report on Political Victimisation complete

නැත්නම් මෙම දිගුව කොපිකර අලවා වාර්තාව කියවන්න.

https://drive.google.com/file/d/1QMR2ZOKbQyJx_bOm4Z_IevM3yrfT0zy9/view?usp=sharing

 

 

 

Archive

Latest news

Related news