Saturday, July 20, 2024

ඔබ වට්ස් ඇප් පරිශීලකයෙක්ද? එසේ නම් මෙය කියවන්න!

වට්ස්ඇප් පරිශීලකයන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය (monitor) කර වෙළඳ කටයුතු සඳහා එම තොරතුරු යොදාගැනීමට වට්ස්ඇප් මාධ්‍යය අයිති ෆේස්බුක් සමාගම කටයුතු කරගෙන යන බව වාර්තා වේ.

ඔවුන්ගේ නවතම සේවා කොන්දේසි ගිවිසුම අනුව 2021 ජනවිරි 8 වෙනිදා සිට මෙය ක්‍රියත්මක වන අතර මෙම නව සේවා ගිවිසුම පිලිනොගන්නා වට්ස්ඇප් පරිශිලකයන්ට එදිනට පසුව වට්ස්ඇප් මාධ්‍යයට පිවිසිම අවහිර වනු ඇත.

මෙම පරිශීලක තොරතුරු නිරීක්ෂණය කිරීමේදි හා වෙළඳ කටයුතු සඳහා යොදා ගැනීමේදි වට්ස්ඇප් මාධයයට පමණක් සුව්ශේෂි වූ අන්අයට කියවිය නොහැකි චැට් පනිවිඩ (encrypted messages) නිරීක්ෂණය කිරීමක් හෝ බෙදා හැරිමක් සිදු නොවන බව වට්ස්ඇප් සමාගම අවධාරණය කරයි.

එහෙත් ගිණූම් ලියාපදිංචි විස්තර, දුරකතනයේ විස්තර, අයි.පී. ලිපිනයන්, අන් අය සමඟ සම්බන්ධ වීමේ විස්තර වැනි දැ ෆේස්බුක් මව් සමාගම සමඟ බෙදාගන්නා බව වට්ස්ඇප් සමාගම පවසයි.

නමුත් යුරෝපා සංගමයේ ඇති පෞද්ගලික තොරතුරු අවසරයකින් තොරව ලබා නොගැනීමේ අයිතිය (opt out) නිසා වට්ස්ඇප් හි මෙම නවතම ගිවිසුම යුරෝපා සංගමය තුළ සිටින වට්ස්ඇප් පරිශීලකයන්ට අදාල නොවේ.

(ලංකා ට්රුත්)

Archive

Latest news

Related news