Tuesday, July 16, 2024

වසරේ පළමුදාම ඇප්ගන් ජනමාධ්‍යවෙිදියකුට වෙඩි තබා ඝාතනය කරයි.

ඡායාරූපය: බිස්මිල්ලාහ් අදිල් අයිමාක් දෙසැමබර් 07දා සිට එරට ඝාතනය කරන ලද සිව්වැනි ජනමාධ්‍යවේදියාය.

2021 වසර ඇප්ගනිස්ථානයෙහි ආරම්භ වූයේ තවත් ජනමාධ්‍යවේදියකු ඝාතනය කිරීමත් සමඟය.

මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන බිස්මිල්ලාහ් අදිල් අයිමාක් ඇෆ්ගනිස්ථානයේ ගෝර් පළාතේ ඩාරාතායිමූර් ගම්මානයේදී 2021 පළමු දින නාඳුනන තුවක්කුකරුවන් විසින් ඝාතනය කරන ලදී.

විසි අට හැවිරිදි අදිල් අයිමාක් වොයිස් ඔෆ් ගෝර් නම් ගුවන්විදුලි සේවාවෙහි ප්‍රධාන කර්තෘ විය. මෙම වෙඩි ප්‍රහාරය එල්ල වූයේ සිය අඹුදරුවන් බැහැ දැකීමට ගොස් ඔහු සිය ගුවන් විදුලි මධ්‍යස්ථානය පිහිටි ෆෙරෝස් කෝ වෙත මෝටර් රථයකින් ආපසු එමින් සිටියදීය.

තුවක්කුකරුවෝ වහාම එම ස්ථානයෙන් පලා ගොස් ඇති අතර මේ තාක් කිසිම කණ්ඩායමක් ඝාතනයේ වගකීම පිළිගෙන නැත. තලේබාන් ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් ඝාතනයට තමන් සම්බන්ධ නැතැයි ප්‍රකාශයක් කර තිබේ.

සතියකට පෙර දිල් අයිමාක් ෆේස්බුක් හරහා තමාට මරණ තර්ජනය එල්ල වූ බව ප්‍රසිද්ධ කර තිබුණි. ඇප්ගනිස්ථාන් ජනමාධ්‍ය සංගමයට අනුව 2020 වසරෙහිදී බිස්මිල්ලාහ් දිල් අයිමාක්ට පහරදීම් දෙකක් සිදුවිය. නොවැම්බර් 8 වන දින ඔහුගේ නිවසට ප්‍රහාරයක් එල්ල වූ අතර නොවැම්බර් 12 වන දින ඔහු ඝාතන තැතකින් දිවි ගලවා ගත්තේය.

විවාහක ආදිල් අයිමාක් පුතුන් දෙදෙනෙකු සහ දියණියක සිටී.

ඇමෙරිකානු මැදිහත්වීම මත තලේබාන් සංවිධානය සමඟ සාම සාකච්ඡා පැවතුනද ඇෆ්ගනිස්ථානයේ ප්‍රචණ්ඩත්වය උත්සන්න වී තිබේ. මෑත මාසවලදී මාධ්‍යවේදීන් සහ මාධයවේදිනියන්, මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ ක්‍රියාකාරිනියන්, ආගමික නායකයින් සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඉලක්ක කරගත් ඝාතන රුල්ලක්ම ඇතිවී තිබේ.

නේටෝව සහ යුරෝපා සංගමය එක්ව 2020 දෙසැම්බර් 7 වන දින ඇප්ගනිස්ථානයෙහි මාධ්‍යවේදීන් සහ වේදිනියනට මෙන්ම ආගමික නායකයින්ට පහරදීම හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කරන ලදී. ආදිල් අයිමාක් ඉන්පසු එරට ඝාතනයට ලක්වූ සිව්වන මාධ්‍යවේදියා වේ.

2020 වසර තුල එරට ජනමාධ්‍යවේදීන් අට දෙනෙකු ඝාතනයට ලක්විය.

Archive

Latest news

Related news