Friday, April 26, 2024

සෞභ්‍යාගයේ අලුත්ම එක: ලොකුගේ ගරානා වැලි දුම්රිය

එරාවූර් සිට මරදාන දක්වා වැලි ප්‍රවාහනය කිරීම සඳහා අඩු මිලට විශේෂ දුම්රියක් දියත් කිරීමට ප්‍රවාහන අමාත්‍ය ගාමිනි ලොකුගේ ගත් තීරණය අවලංගු කරන සේ දුම්රිය වෘත්තීය සමිති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා ඇතත් තවමත් නිසි ප්‍රතිචාරයක් ලැබී නැත.

මෙම ලොකුගේ ගරානා වැලි දුම්රිය උදයංග කොරොනා සංචරකයින් වැනි සෞභ්‍යාගයේ අලුත්ම ගසා කෑමකි.

දුම්රිය වෘත්තීය සමිති පෙන්වා දී ඇත්තේ මෙමගින් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන ගණනක අලාභයක් සිදුවන බවයි.

කොළඹට වැලි ප්‍රවාහනය කරන සිය ජාවාරම්කාර සිටි මිතුරෙකු වෙනුවෙන් අමාත්‍ය ලොකුගේ දුම්රිය ඥා පනත වෙනස් කර ඇති බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය (RTUA) විසින් ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් අවධාරණය කර තිබේ.

RTUA හි සමකැඳවුම්කරු එස්.පී. විතානගේ ප්‍රකාශ ඇත්තේ අමාත්‍යවරයාගේ තීරණය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට එක් දුම්රිය ගමනක් සදහා රු. 169,830 අලාභයක් වන බවයි.

සෑම දින තුනකට වරක් දුම්රිය ධාවනය වන අතර එළෙස මසකට දුම්රය ගමන් දහයක් වන බවත් එබැවින්, සමිතිය විසින් ගණනය කරන ලද පරිදි, අමාත්‍යවරයාගේ තීරණය නිසා දෙපාර්තමේන්තුවට රු. 1,698,300 ක් වන අලාභයක් වන බවත් එස්.පී. විතානගේ මාධ්‍ය වෙත පවසා තිබේ.

අමාත්‍ය ලොකුගේ විසින් රු. 925 වන කිලෝමීටරයකට භාන්ඩ ප්‍රවාහණ ගාස්තුව කිලෝ මීටරයට රු. 462.50 ක් වන සේ සංසෝධනය කර ඇත්තේ සිය ජාවාරම්කාර ගජ මිතුරාට වාසි වන පරිදිිය.

මෙමගින් ලොකුගේට ලැබෙන කොමිස් මුදල පිළිබඳව දන්නා කෙනෙක් නැත. මීයක් කඩන්නේ අත ලෙව කෑමට නොවන බව නොදන්නා කෙනෙක් නැත.

මෙම ජාවාරම අනුව එරාවූර් සිට මරදාන දක්වා වැලි රැගෙන ඒම සඳහා මෙම පෞද්ගලික සමාගම බහාලුම් 20 ක් භාවිතා කරයි. ඊට බීසීඑෆ් වර්ගයේ වැගන් 10 ක් සහ එම් -11 / එම් -4 එන්ජින් දෙකක් ඇතුළත් වේ.

මෙම විශේෂ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මරදාන සිට එරාවූර් දක්වා කි.මී. 340 ක් ද එතැන් සිට සහ ආපසු යන අතරමගදී සම්පූර්ණ මුදල අය කිරීම 50% කින් අඩු කරන ලෙස සිය ගජ මිතුරා වෙනුවෙන් අමාත්‍යවරයා නියෝග කර ඇතැයි වෘත්තීය සමිතිය කියා සිටී.

අමැතිවරයා සුපුරදු ලෙස මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම වාර්තාව ඇතුළත් ඉංග්‍රිසි ලිපිය.‘Stop Lokuge’s sand train’_ Railway trade unions request President   – The Morning – Sri Lanka News

Archive

Latest news

Related news