Friday, March 29, 2024

ඇමැති ලොහාන් රත්වත්තේ පාර්ලිමේන්තුව නොමඟ යවලා; මහර සිරකරුවන් මියගියේ වෙඩි ප්‍රහාරයකින්- වෛද්‍ය විශේඥ කමිටුව

මහර ඝාතනයවූ සිරකරුවන් වෙනුවෙන් පෙනී සිටින්නේ රාජ්‍ය නොවන සංවිධාන නීතිඥයින්  යැයි නීතිපති දෙපාර්ථමේන්තුව කියයි.

බන්ධනාගාර කළමනාකරණ ඇමැති වශයෙන් අලුත් පත්වීමක් ලද ලොහාන් රත්වත්තේ මහර ඝාතනයන් ගැන ව්‍යාජ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තුව නොමග යැවූ බව ඊයේ එනම් දෙසැම්බර් 16වනදා අධිකරණයේදී හෙළිදරව් විය.

පසුගිය තුන්වනදා පාර්ලිමේන්තුවෙහි ප්‍රකාශයක් කරමින් ඔහු නිසා සිටියේ එකී සිරකරුවන් සියළු දෙමාම මියගොස් ඇත්තේ සිරකරුවන්  එකිනෙකා අතර ආරවුලකින් ලැබූ තුවාල නිසා බවය. බවත් කිසිවකු වෙඩි වැදී මිය ගොස් නැති බවත් මරණ පරීක්ෂණවලින් හෙළිදරව් වී ඇති බවයි.

එම ප්‍රකාශය අඩංඟු වීඩියෝව මෙතැනින් බලන්න.

එසේ නමුත්  පසුගිය නොවැම්බර් 29 දා මහර බන්ධනාගරයේ දී ඝාතනය වූ සිරකරුවන් 11 දෙනාගෙන් හතර දෙනෙකු පිළිබද පරීක්ෂන පැවැත්වූ පංච පුද්ගල වෛද්‍ය විශේෂඥ කමිටුව එම සිව්දෙනාම මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බවට වන සිය තීරණය අධිකරණයට දැනුම් දී තිබුණි.‍

මෙයට පෙර අධිකරණයට ඉදිරිපත් වූ වාර්තාවකින් කියැවු‍ණේ සිරකරුවන් කිසිවකු අත ගිනි අවි තිබී නැති බවයි. එයින් නිගමනය වන්නේ මෙම සිරකරුවන් ඝාතනය කර ඇත්තේ බන්ධනාගාර නිලධාරීන් හෝ වෙනත් බාහිර පිරිසක් විසින් බවය.

ඒ් අනුව මහර බන්ධනාගාරයේ සිරකරුවන් මිය ගියේ වෙඩි වැදී නොවන බවට ඇමැති ලොහන් රත්වත්තේ කළ ප්‍රකාශය අතේ රෝලක් බව සනාථ වි තිබේ.

ඝාතනය වූ ඉතිරි සිරකරුවන් හත්දෙනාගේ මරණ පරීක්‍ෂණ වාර්තා පසු දිනයක ඉදිරිපත්වීමට නියමිතය.

රජයේ නීතිඥ නිශාරා ජයරත්න: අගිතයට පත් පාර්ශවයේ නීතිඥ පිරිස NGO වලින්ලු!

මෙම නඩුව ඊයේ කැඳවන ලද අවස්ථාවෙහිදී මහර හිරගෙදර ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් සේනක පෙරේරා, කේ.එස් රත්නවේල් , පාලිත බණ්ඩාරනායක, අචලා සෙනවිරත්න, චූලා අධිකාරී, තම්බයියා ජේ. රත්නරාජා, නාමල් රාජපක්ෂ, ලුතීෆ් සයිනුල් යන නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියේය.

එකී නිතිඥ මණ්ඩලය පෙනී සිටින්නේ රාජ්‍ය නොවන සංවිධාන වෙනුවෙන් යැයි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න අධිකරණයේදී කරන ලද ප්‍රකාශය වාර්තා කරන ලෙස එම නීතිඥ මණ්ඩලය ඉල්ලා සිට තිබේ. නමුත් ඇය එම ප්‍රකාශය සනාථ කිරීමට කරුණු කිසිවක් දක්වා නැත.

තවද ඔවුන් පෙනී සිටින්නේ කවර වින්දිතයින් වෙනුවෙන් කවර බලයක් ඇතිවදැයි රජයේ නීතිඥ නිශාරා ජයරත්න ප්‍රශ්න කරන ලදුව විනිසුරුවරයා ද එම ප්‍රශ්ණය නීතිඥ මණඩලය වෙත යොමු කර ඇත

එම අවස්ථාවෙහිදී තමන් පෙනී සිටින්නේ විනිදිතයින්ගේ ඥතීන් වෙනුවෙන් බව නීතිඥ මණ්ඩලය පැවැසූ විට ඔවුන් අද පැමිණ සිටින්නේදැයි විනිසුරුවරයා ප්‍රශණ කරන ලදී. ඒ අනුව පැමිණ සිටි ඥතීන් හතර දෙනෙකු අධිකරණ ශාලාවට පැමිණ තමන් නීතිඥමණ්ඩලයට එම අයිතිය ලබා දී තිබෙන බව පවසන ලදී.

එවිට රජයේ නීතිඥ නිශාරා ජයරත්න නිරුත්තර වී තිබේ.

තවද මළසිරුරු අදාහනය කිරීමට අවසර දෙමින් තමන් විසින් අත්සන් කළ ලිපි සම්පූර්ණ තොරතුරු නොදැන කළ දෙයක් බවද එම ඥාතීන් පවසා තිබේ.

මහජන යහපත පිනිස අධිකරණයේ පෙනී සිටින නීතඥයින්ට ඒ සඳහා ඇති බලය විමසීම ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවත් එමගින් එය අපරාධ වලට එරෙහිව පෙනී සිටින නිතිඥයින් අධෛර්යයට පත් කිරීම සදහා ගනු ලබන උත්සාහයක්දැයි විමසිළිමත් විය යුතු බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත පැවසීය.

සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා අධිකරණය ඉදිරිපිටදී.

කෙසේ වෙතත් අවසානයේදී නීතිඥ මණ්ඩලයේ විරෝධය නොතකා පහ්චාත් මරණ පරීක්ෂන අවසන් මළසිරුරු හතර, එම වින්දිතයිනට කොවිඩ් අසාදනය වී ඇති නිසා ආදාහනය කිරීමට වැලිසර මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගලගේ නියෝග කරන ලදී.

අධිකරණයෙන් පිටත දී ජනමාධ්‍යට කතා කරමින් රජයේ නීතිඥ නිශාරා ජයරත්න කියා සිටියේ මෙරට කාලගුණ තත්වයන් නිසා කොවිඩ් අසාදිත මළසිරුරු අදාහනය කළ යුතු බව ප්‍රකාශ කළේය. එනමුත් නීතිපති දෙපාර්ථමේන්තුව බාර අධිකරණ ඇමැති නීතිඥ අලි සබ්රි කියන්නේ එවැනි අවශ්‍යතාවයක් නැති බවත් කොවිඩ් අසාදිත මළසිරුරු භූමිදානය කළ හැකි බවත්ය.

නීතිපති දෙපාර්ථමේන්තුව මෙම පරීක්ෂන සඳහා ඉදිරිපත්වීමට පෙරම මියගිය සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දෙසැම්බර් 4 වැනිදා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනුකරමින් තමන් ඇරඹූ ක්‍රියාවලිය හරහා මෙම ඝාතන පිළිබඳ සත්‍ය හෙළිදරව්වීම, මානව හිමිකම් වෙනුවෙන් ලද ජයක් බව ද සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා ප්‍රකාශ කළේය.

ැනට ඇති සාක්ෂි වලට අමතරව, මෙම සිද්ධියට ඇසින් දුටු සිරකරුවන් සහ සිද්ධිය පිළිබඳ තොරතුරු ඇති වෙනත් සාක්ෂිකරුවන් ද සිටින බව කියා සිටි නීති පෙරේරා මේ වන විට ඔවුන් සිටින්නේ බන්ධනාගාර ගතව නිසා ඔවුන් දැන් දන්නා සියල්ල හෙළි නොකරනු ඇතැයි ද ප්‍රකාශ කළේය. ට හේතුව නම් ඔවුන්ට සාක්ෂි ලබා දීමෙන් පසු නැවත සිරගෙට යාමට සිදුවූ විට ඔවුන්ගේ සාක්ෂි නිසා බන්ධනාගාර නිලධාරීන්ගෙන් හෝ අනෙක් සිරකරුවන්ගෙන් ප්‍රශ්ණ ඇතිවිය හැකි නිසාය.

මෙම නඩු විභාගය ලබන 18 වැනිදා යළි කැඳවනු ඇත.

Archive

Latest news

Related news