Friday, April 26, 2024

මෘතදේහ අයිතිය පැතූ සුදු ලේන්සු විරෝධතාවයටත් රාජපක්ෂ ආන්ඩුව බයවෙයි!

ඡායාරූපය: බොරුල්ල කනත්ත ගරාදි වැටෙහි ගැටගැසූ  විරෝධතා සුද ලෙන්සු.

ආන්ඩුවක ශක්තිය උරගා බැලෙන එක් අවස්ථාවක් නම් විසංවාදයට සමහ සාමකාමී විරෝධයට සාධනීය ලෙස මුහුණ දීමට ඇති හැකියාවයැයි කියනු ලැබේ.

එනයින් ද දැන් ආන්ඩුව ෆේල්ය.

විරෝධතා සුදු ලෙන්සු ඒක් රැයකින් ගලවා දමා ඇති අයුරු.

පාර්ලිමෙන්තුවෙහි තුනෙන් දෙකක බලයක් ද ඇතිව යුද හමුදා ජෙනරල්වරුන් විසින් පාලනය කරන  ජාතික බුද්ධි සේවයක් මෙන්ම මහජන ආරක්ෂ අමාත්‍යාංශයක් ද ඇති රාජපක්ෂවරුන්ගේ ආන්ඩුව බොරුල්ල කනත්තේ යකඩ වැටෙහි එල්ලන ලද සුදු ලේන්සුවලට පවා බියවී තිබේ. අඩුම ගණනේ තවත් ජෙනරල්වරු විසි දෙනෙකු පමණ රාජපක්ෂ ආන්ඩුව විසින් මිලිටරි නොවන සේවාවන් සදහා පත්කර තිබේ.

මෙසේ සුදු ලේන්සුවලට බියවී ඇත්තේ එවැනි ආන්ඩුවකි..

පසුගිය දිනවල මෙම සුදු ලේන්සු විරෝධතාවය ආරම්භ කරන ලද්දේ විසි දිනැති බිළිදකු වූ ෂෙයික් ගේ මළ සිරුර මාපිය අනවසරයෙන් මෙම බොරුල්ල කනත්තෙහිදී පුළුස්සා දැමීමට එරෙහිවය. මිය යන කොවිඩ් අසාදිත මුස්ලිම්වරුන් භුමිදානය සඳහා අවසර ඉල්ලා සිටීම මෙම විරෝධතාවයේ අරමුණ වේ

ආණ්ඩුවේ මෙම අදූරදර්ශි පියවර කොතරම් දුරදිග ගොස් ඇත්ද යත් දැන් මාලදිවයින ආන්ඩුව ශ්‍රී ලංකාවෙහි මියයන එවැනි මුස්ලිම්වරුන්ගේ මෘතදේහ භූමිදානය පිනිස එටටට බාර දෙන ලෙස ඉල්ලා තිබේ. 

මෙම විරෝධය ආරම්හය වූයේ හිමිකම් ක්‍රියාකාරීන් සහ ක්‍රියාකරුවන් කණ්ඩායමක් එහි ගොස් වැටෙහි සුදු ලේන්සු ගැට ගැසීමෙනි.

ඉන් පසු මංගල සමරවීර වැනි පිරිස් පවා මෙම සුදු ලේන්සු විරෝධතාවයට එක්වී එහි සිදු ලෙන්සු ගැට ගැසූහ.

මෙම විරෝධතාවය රටපුරා පැතිර යනු ඇතැයි බියෙන් ඊයේ රැයෙහි පොලීසිය යොදවා එම සුදු ලෙන්සු සියල්ල ගලවාගෙන ගොස් තිබෙන බව සමාජ මාධ්‍ය වාර්තා කරයි.

මහා ජනයාගේ මෙවැනි සාමකාමී විරෝධතාවයකට හෝ ඉඩ නොදෙන එවැනි අහිංසක ව්‍යායාමයන් පවා මර්දනය කරන ආණ්ඩුවේ මෙම පියවර ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කුඩපට්ටම් කිරීමේ සූදානමක් නොවේදැයි ප්‍රශ්ණ කර ගත යුතු බව මෙම සුදු ලෙන්සු විරෝධතාවයට සහභාගි වූ හිමිකම් ක්‍රියාාකාරිනයක ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙත පැවසීය.

තවදුරටත් අදහස් දකවමින් ඇය කියා සිටියේ මෙම විරෝධතාවය හුදකලා කිරීමට ඉඩ නොදී ඊට සහභාගි වීම සමාජයේ සියලුම හිමිකම් සංවිධාන සතු වගකීමක් බවයි.

Archive

Latest news

Related news