Wednesday, April 24, 2024

දැං එතෝට නඩු දාලා තියෙන්නෙත් නඩු අහලා තියෙන්නෙත් ඔය ශානි අබේසේකර විතරයිද?

ඉතාම බරපතල ගනයේ අපරාධයකට සම්බන්ධ සැකකරුවෙකුට එරෙහිව හෝ එවැන්නෙක් අත් අඩංගුවට ගැනීමෙන් හෝ එවැන්නෙකුට එරෙහිව නඩු පැවරීමෙන් යම් ආකාරයක හෝ සමාජ කැලඹීමක් ඇති වෙතැයි සිතෙන සෑම අවස්ථාවකම පොලීසිය කල යුත්තේ සහ බොහෝ විට කරන්නේ ඒ සඳහා නීතිපතිවරයාගේ උපදෙස් පැතීමය.

නීතිපතිවරයා මෙවැනි අවස්ථාවක සිද්ධියේ සාමාන්‍ය ස්වරූපය හා එහි බරපතලභාවය සලකා බලමින් නොයෙක් ආකාරයේ නියෝග නිකුත් කරනු ලබයි.

01.එතෙක් කර ගෙන ආ ආකාරයෙන් තව දුරටත් පොලිසිය විසින් කරන මූලික විමර්ශන කර , ප්‍රමානවත් සාක්ෂි ඇත්නම් සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙස.

02.සැකකරුවන් වහාම අත් අඩංගුවට ගෙන , ඉදිරි විමර්ශන කරන ලෙස.

03.විශේෂිත නිලධාරීන් හෝ රහස් පොලිසිය වැනි විශේෂ ඒකකවලට විමර්ශන කටයුතු භාර දෙන ලෙස.

04.විමර්ශන කටයුතු අධීක්ෂනය කිරීම සඳහා හා/හෝ අධිකරනමය කර්තව්‍යයන් වෙනුවෙන් මැදිහත්වීම සඳහා රජයේ අධි නීතිඥවරයකු පත් කිරීම.

05.පොලිස් විමර්ශනයේදී ප්‍රමානවත් සාක්ෂි එලිදරව් නොවන තත්වයක් තුල සැකකරුවන් මුදා හරින ලෙස පොලිසියට හෝ ඒ හරහා මහේස්ත්‍රාත් අධිකරනවලට දැනුම් දීම.

ඊට අමතරව සිද්ධිය සම්භන්ධයෙන් මූලික කරුනු වාර්තා සැපයෙන සහ මූලික නඩු විමසුම කරන මහේස්ත්‍රාත් අධිකරනවල මහේස්ත්‍රාත්වරයින්ටද මූලික විමර්ශනවලදී පොලිසියට උපදෙස් දීමට හා නියාමනයන් නිකුත් කිරීමේ යම් යම් බලතල ඇත.

උදාහරනයක් ලෙස යම් බරපතල ගනයේ අපරාධයක් විමර්ශනය කරන මැදවච්චිය පොලිසිය එකී විමර්ශනය කරන්නේ අධානග්‍රාහීව යම් පාර්ශ්වයකට පමනක් වාසි සහගත ලෙස වන බව මැදවච්චිය මහේස්ත්‍රාත්වරයා ට වැටහේනම්, මැදවච්චිය පොලිසිය විසින් කරන සියලුම විමර්ශන අනුරාධපුර ජ්‍යේශ්ඨ පොලිස් අධිකාරිවරයාට හෝ රහස් පොලිසියට පැවරීමේ නියෝග නිකුත් කිරීමේ බලය මැදවච්චිය මහෙස්ත්‍රාත්වරයාට ඇත.

මහාධිකරනයක් ඉදිරි පිට විභාග කල යුතු නඩු සම්බන්ධයෙන් මූලික විමර්ශනය කරන්නේ පෙර කී ආකාරයෙන් පොලිසිය (මෙයට රහස් පොලිසිය , හා පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්ත සියලු ආයතන අදාල වේ..) විසිනි.
මහේස්ත්‍රාත්වරයා ගේ කාර්යභාරය එවැනි විමර්ශනවලට සහයෝගය දක්වමින් නිසි නියෝග නිකුත් කිරීම පමනි.

නීතිපතිවරයාගේ උපදෙස්වලිං පරිභාහිරව එවැනි සැකකරුවකු ( චූදිතයකු) මුදා හැරීමේ බලයක් පොලිසියට හෝ මහේස්ත්‍රාත්වරයකු ට නොමැති අතර එවැනි චූදිතයෙකුට එරෙහිව අධි චෝදනාපත්‍ර ගොනු කරමින් මහාධිකරනය හමුවේ නඩු පැවරීම් කරනුයේ ද නීතිපතිවරයා වන අතර, ඉන් අනතුරුව අභිචෝදක පක්ෂය වෙනුවෙන් චූදිතට එරෙහිව සම්පූර්න නඩුව මෙහෙයවන්නේ නීතිපතිවරයා හෝ ඔහු විසින් පත් කරන රජයේ අධි නීතීඥවරයාය.

විමර්ශනය කල පොලිසිය මින් එහාට හුදෙක් නඩුවේ සාක්ෂිකරුවන් පමනක් වන අතර, ඔවුන්ට නඩුව සම්භන්ධයෙන් නෛතික රාමුව තුල කිසිදු පාර්ශ්වයකට බලපෑමක් කල නොහැක.

එවැනි යම් බලපෑමක් සිදු කර ඇතැයි පැමිනිල්ලේ හෝ විත්තියේ යම් පාර්ශ්වයක් අධිකරනයට දැනුම් දුනහොත් ඇතැම් විට එකී බලපෑම් කල තැනැත්තන් නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඩ් කර තැබන ලෙස නියෝග කිරීමට මහාධිකරන විනිසුරුවරයාට බලතල ඇත.

එය විත්තියට මෙන්ම පැමිනිල්ලටද එක සේ අදාලය.

මේ අවස්ථාව වන විට මහාධිකරන විනිසුරුවරයා සෑහීමට පත් කරන විශේෂිත කරුනු ඇතොත් මිස , හා ඔහුගේ අවසරය ඇතුව මිස , චූදිතට එරෙහිව ඇති අධිචෝදනා ඉල්ලා අස් කර ගැනීමට නීතිපතිවරයා ට පවා අභිමතානුසාරි බලයක් හිමි වන්නේ නැත.

නඩුව විභාග කරන විනිසුරුවරයා ගැන විශ්වාසයක් නැත්නම්, සහ ඔහු පූර්ව විනිශ්චයක සිටීම, යම් පාර්ශ්වයක් සමඟ පුද්ගලානුබද්ධ සම්භන්තා පැවතී වැනි කාරනා ආදිය මත ⁣නඩු විභාගය සඳහා වෙනත් විනිසුරුවරයෙකු පත් කරන ලෙස ඉල්ලා සිටීමට ඕනෑම පාර්ශ්වයකට අයිතිය ඇත.

අනෙක් අතට මහාධිකරන විනිසුරුවරයෙක් විසින් දෙනු ලබන තීන්දුවෙන් අතෘප්තියට පත් වන යම් පාර්ශ්වයකට , එම තීන්දුවට එරෙහිව එය අභියාචනාධිකරනය හමුවේ අභියෝගයට ලක් කිරීමේ හැකියාවද ඇත.

(ඒ සඳහා යන වියදම් ගැන මෙතනදී ⁣කතා නොකර සිටිමි.?)

ෂෝට් කට් දා ගෙන මං මෙතෙන්ඩ ආවේ සුරංගනා කතාවක් කියා දී පොඩි ප්‍රශ්න ටිකක් අහන්නට විතරය.

01.ශානි අබේවික්‍රම යහපාලන රජය යටතේ රහස් පොලිසියේ අධ්‍යක්ෂ ලෙස නඩු පවරන විට, ඔහුට නීතිපති වෙනුවෙන් උපදෙස් දුන් නීතිපතිවරයා කවුද?

02.ඔහු විසින් විමර්ශනය කරන ලද අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා වන අධි චෝදනා පත්‍ර අත්සන් කල සහ එකී නඩුවල චූදිතයින්ට එරෙහිව අධිකරනවල පෙනී සිටි නීතිපතිවරයා සහ ඔහු වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතීඥවරුන් කවරුන්ද?

03. එකී මහාධිකරන නඩු විභාගවලදී කේශර සිංහයින් සේ චූදිතයින් වරදකරුවන් කිරීමට සිංහ නාද දැමූ නීතිපති දෙපාර්තමේන්තුව , ආන්ඩු මාරු වී, එකී නඩු අභියාචනාධිකරනය හමුවට එන අද දවස වන විට මුඛ පූට්ටු වීමේ අභිරහස කුමක්ද?

04.ශානි අබේවික්‍රම මූලික කරුනු වාර්ථා මඟින් මහෙස්ත්‍රාත් අධිකරනවලට කරුනු වාර්ථා කරද්දී, ඒවා සම්බන්ධ නිසි නියාමනයක් කල යුතු වූ සහ එවක එකී මහෙස්ත්‍රාත් අධිකරනවල සිටි මහෙස්ත්‍රාත්වරු කෝ?

05.ඔහු විසින් පවරන ලද නඩුවලදී දේශපාලන බලපෑම් මත සමහර මහාධිකරන විනිසුරුවරු විසින් පක්ෂග්‍රාහී තීන්දු තීරන දුන් බවට වර්තමාන ආන්ඩුවේම පිලිගත් ඇමතිවරු පුල පුලා කියද්දිත්, ඒ වෙනුවෙන් නිසි ප්‍රතිචාර නොදක්වන මෙරට මහාධිකරන විනිසුරුවරුන්ගේ සංගමය කෝ..?

06. අර කුඩු දුමින්ද ඇතුලු අපරාධකාරයින්ට ජනාධිපති සමාව ලබා දීමේ අරමුනින් ජනාධිපති විමර්ශන කොමිෂන් සභා හා මාධ්‍ය මෘෆියාව හරහා මෙරට අධිකරන පද්ධතියම හෑල්ලුවට ලක් කරමින් සිටින අවස්ථාවක , ඊට එරෙහිව වචනයක්වත් කතා නොකර , මේ හොර තක්කඩි දේශපාලඥයින්ට මාරුවෙං මාරුවට කඩේ යන එක ඇර, මෙරට නීතීඥයින්ගේ වෘත්තීය අයිතිවාසිකම් හා විශේෂයෙන් ආධුනික නීතීඥවරුන්ගේ කිසිදු ගැටලුවකට හරි හමං විසඳුමක් දී ගන්නට තාමත් බැරි වුන ඔය නීතීඥ සංගමය කියන මරිය කඩේ කෝ?

07.දැං එතෝට නඩු දාලා තියෙන්නෙත් නඩු අහලා තියෙන්නෙත් ඔය ශානි අබේසේකර විතරයිද?

පේස්බුක් සටහනකි.

Archive

Latest news

Related news