Monday, May 20, 2024

ශානි අබේසේකරට විවෘත ලිපියක්: “අපේ නිහඩබවට සමා වෙන්න” – සුදේශ් ද සිල්වා

පුදුමය කියන්නේ අපේ මිත්‍ර සුජිත් ප්‍රසන්න පෙරේරා ගේ ඝාතනය ගැන පරීක්ෂණ කරලා ඝාතකයනට දඩුවම් දීලා තියෙන්න කටයුතු කරලා තියෙන්නේත් ඔබ. සුජිත් නැමති රජයේ නිලධාරියාට යුක්තිය ඉටු කළ ඔබට යුක්තිය ඉටු කරන්න මුළු අපට වගකීමක් තියෙනවා. ඒ වගේම ඔබ විසින් සිදු කරමින් ගිය වාර්තාගත පරීක්ෂණ සංඛ්‍යාව, ඉතාමත් වැදගත් පරීක්ෂණ සංඛ්‍යාවක් ඔබ විසින් කරමින් පවතිනවා. ඒ බොහෝ සිදුවීම් වලට දේශපාලකයන් සම්බන්ධවී සිටීම නිසා ඔබට මේ ඉරණම අත්වෙන්න ඇති. ඒ පරීක්ෂණ ලැයිස්තුව දෙස බලන විට ලංකාවේ මේවන විට බිහිවූ දක්ෂතම පමණක් නොව කාර්යක්ෂම, අවංකම රහස් පොලිස් නිලධාරියා ඔබ බව සැකයක් නැත.

මා සතුව ඇති ලිපි වල සටහන් වී ඇති පරිදි ඔබ විසින් 2008 සිට 2016 දක්වා සිදු කර ඇති ප්‍රධාන පරීක්ෂණ ලංකා අපරාධ පරීක්ෂණ ඉතිහාසයේ ඉතාමත් තීරණාත්මක පරීක්ෂණයන්ය.

  • 2008 – 2009 වර්ෂවල දී කොටුව, වත්තල සහ කොටහේන පොලිස් වසම් තුළදී පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඔවුන් මුදාහරින බව පවසමින් කප්පම් මුදල් ලබාගෙන ඔවුන් ඝාතනය කිරීම,
  • 2009 ජනවාරි 08 වෙනි දින සන්ඬේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග උල් ආයුධයකින් පහර දී ඝාතනය කිරීම,
  • 2009 ජනවාරි 23 වෙනි දින වැලිවේරිය පොලිස් වසමේ දී මාධ්‍යවේදී උපාලි තෙන්කෝන් ට පහර දීම,
  • 2010 ජනවාරි 24 වෙනි දින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම,
  • 2012 අප්‍රේල් 18 වෙනි දින රගර් ක්‍රීඩක මොහොමඞ් වසීම් තාජුඩීන් අය අයට පහර දී ඝාතනය කොට මෘත ශරීරය කාර් රථයක් තුළට දමා පුළුස්සා දැමීම,
  • 2012 නොවැම්බර් 09 වෙනිදිින වැලිකඩ බන්ධනාගාරය තුළදී පුද්ගලයන් 26 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම, රතුපස්වල දී
  • 2013 අගෝස්තු 01 වෙනි දින පුද්ගලයන් තිදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම,
  • වව්නතිව් පොලිස් වසමේ දී 2018 දෙසැම්බර් 26 වෙනි දින පොලිස් නිලධාරීන් සතුව තිබූ ගිනි අවි පැහැරගෙන යෑම,
  • 2019 අප්‍රේල් 21 වෙනි දින කතෝලික දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කරගෙන සිදු කරනු ලැබූ මරාගෙන මැරෙන ප්‍රහාරය,
  • ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2015 පෙබරවාරි සිට 2016 මාර්තු 31 දක්වා සිදුකරන ලද බැඳුම්කර නිකුතුවේදී සිදුවී ඇති වංචා හා දූෂිත ක්‍රියා සම්බන්ධ විමර්ශනය.
  • මීට අමතරව මුස්ලිම් ව්‍යාපාරිකයෙක් කප්පම් සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරී වාස් ගුණවර්ධනට විරුද්ධ පරීක්ෂණය, අගුළාන තරුණයන් දෙදෙනා පොලිසිය තුළ දී ඝාතනය ලක්වීම, භාරත ලක්ෂ්මන් ඝාතනය, රට තුළ ජාතිවාදී කොලහාල ඇති කර ලද කණ්ඩායම් සොයා කළ මෙහෙයුම් ද වෙයි.

ඔබ විසින් වඩා විවාදාත්මක පරීක්ෂණයන් කර තිබෙන්නේ මහින්ද රාජපක්ෂ රජය කාලයේදීයි. මේ වනවිිට ඔබට චෝදනා ලබන පරීක්ෂණය ද බාර දී තිබෙන්නේ ද ඊට අමතරව මහින්ද රාජපක්ෂ රජය කාලයේ දීය. මේ නිසා ඔබ යහපාලනය මෙහෙයවූවා යන්න හීතලුවකි.

ඔබට මෙවැනි සිදුවීම් ගැන පරීක්ෂණය කිරීමට සිදුවීමම ඔබගේ කාර්යශූරත්වය ක්‍රියා පායි. ඔබ වැනි කාර්යක්ෂම රජයේ සේවකයෙකුට මෙවැනි ඉරණමක් අත්වීම අපගේ රටේ රජයේ නිලධාරීන්ගේ ඉරමණ ද, රජයේ රහස් පොලිස් නිළධාරීන්ගේ ද ඉරණම කියාපායි.

අවසානයේ දී ඔබට මේ අත්වී තිබෙන ඉරණම ගැන සලකා බැලීමේ දී අවසානයේ පීඩාවට අනතුරට ලක්වන්නේ රටේ යුක්තියයි. ප්‍රජාතන්ත්‍රවාදයයි.

ඔබට අත්වූ මේ ඉරණමේ දී නිහඩව සිටීමට සිදුවීම ගැන සමාවෙන්න.

වෙනදා රටේ ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක්වෙද්දි සටන් කළ ජනතාවගේ නිහඩ බව ඔබගේ ඉරණම හා සමානවම කණගාටුදායක ය. ඔබ වෙනුවෙන් අන්තර්ඡාලය තුළ සැරි සැරූ අන්තර්ඡාල පෙත්සම යොමු කර ඇත්තේ තරුණ ජනමාධ්‍යවේදීන් විසිනි. ඔබට සිදුවන හිංසා සම්බන්ධයෙන් ලිපියක් ලියා අනෙක් වින්දිතයන්ගේ ද අත්සන් ඇතිව ලිපියක් එවා ඇත්තේ ඝාතනයට ලක්වූ ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගයන්ගේ දියණිය වූ අම්හිංසා වික්‍රමතුංග ය.ඕ සියල්ලන්ම තරුණ පිරිස්. ඔබට ආදරය කරන ජනමාධ්‍යවේදී ඇතුළු කිහිප දෙනෙක් ඒ ගැන තවමත් ක්‍රියාත්මක වෙයි.

ඔබගේ වෘත්තීයමය වශයෙන් නිහඬ කිරීම පතන අය අතර, දේශපාලකයන්, කුඩු ව්‍යාපාරිකයන්, ව්‍යාපාරිකයන්, ජනමාධ්‍යවේදීන් හා ආයතන, මිරිමරුවන්, නීතිවිරෝධී ඝාතනය කළ ආරක්ෂක අංශ නිලධාරීන්, වෘත්තීය සගයන් විශාල පිරිසක් සිටියි.

යහපාලන රජයේ මුල් පුටු සියල්ල ඔබ වෙනුවෙන් නිහඩය. හිටපු කතානායක කරූ ජයසූරියගේ ඇස් ඇරුණේ පවුලේ අයගේ ලිපිය නිසයි. නායකත්වය ලබාගැනීමට සඳහා විශාල උත්සාහයක් දැරූ විපක්ෂ නායකවරයා නිහඩව සිට ඔබගේ පපුවේ අමාරුව නිසා ඔහුගේ ද පපුව ගැහෙන්නට පටන් ගෙන තිබේ. මොවුන් සියල්ලන්ගේ යහපාලනය ජනතාව තුළ යම් පමණක හෝ ගෞරවය ආරක්ෂා කිරීමට ඔබගේ ක්‍රියාකාරිත්වය හේතු වූ බව ඔවුන්ට අමතකය. දේශපාලකයන් කොහොමත් කුහකය.

ඔබගේ වෘත්තීයමය වශයෙන් නිහඬ කිරීම පතන අය අතර, දේශපාලකයන්, කුඩු ව්‍යාපාරිකයන්, ව්‍යාපාරිකයන්, ජනමාධ්‍යවේදීන් හා ආයතන, මිරිමරුවන්, නීතිවිරෝධී ඝාතනය කළ ආරක්ෂක අංශ නිලධාරීන්, වෘත්තීය සගයන් විශාල පිරිසක් සිටියි.

ඒ නිසාම ඔබට නිදහස ලැබීම ගැන හෝ ආරක්ෂා සහිත සිටීම ගැන අපට ඇත්තේ සැකයක්.

එමෙන්ම තමන්ගේ වෘත්තිය ඉතිහාසය පවා දී නිදහස්වීමට ඔබට හැකියාව ඇති බවත් දනිමු. දැනට ඔබ දැඩි ලෙස තමන්ගේ වෘත්තිය ගරුත්වයත්, ආත්ම ගෞරවයත් ආරක්ෂා කරමින් සිටින බව අපි දනිමු.

තමන්ගේ සැමියාගේ, පියාගේ, සහෝදරයා පත්ව සිටින අසීරුතාවය ගැන දුක්වෙන සියළුම දෙනාට අපේ කණගාටුව, වේදනාව පළ කර සිටින්න. එමෙන්ම බලධාරීන් කෙරෙහි වන අපේ සාධාරණ කෝපයද දක්වන්න.

නෙල්සන් මැන්ඩෙලා වැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන් යුක්තිය උදෙසා දීර්ඝ අරගලයක් කර ඇත. ඔබ ඔහු හා සමාන නොවුනත් ඔබට දිනෙක යුක්තිය ඉටු වෙනතුරු අප ද බලා සිටිමු.

එතෙක් ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවායි පතමි.

මීට හිතවත්

සුදේශ් ද සිල්වා

Archive

Latest news

Related news