Sunday, April 28, 2024

ශානි අබේසේකර ගල්ලෑල්ලට යැවීම පුදුමයක්; වහාම ජිවිතාරක්ෂක පියවර ගන්න – මානව හිමිකම් කොමිසමෙන් බන්ධනාගාර කොමසාරිස්ට

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වවරයා වෙක ලිපියක් යවන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමෙහි විමර්ශන හා විමසීම් භාර කොමසාරිස් රමණී මුත්තෙට්ටුවෙගම ” මහර බන්ධනාගාරයේ ඔබගේ අත් අඩංගුවේ සිටියදී ඔහුට COVID-19 වෛරසය වැළඳී ඇති බව දන්නා අතර, සෞඛ්‍ය ගැටලු රාශියක් ඇති අබේසේකර මහතා ගල්ලෑල්ල තරම් දුර ඇති සිරකරුවන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත මාරු කර යවා ඇති බව දැන ගැනීම අපට පුදුමයට කරුණක්” බව ප්‍රකාශ කරයිි.

“ආරක්ෂක ගැටළු සම්බන්ධයෙන් දැනටමත් ඔබ වෙත ඉදිරිපත් කර ඇති කරුණු සැලකිල්ලට ගෙන, අබේසේකර මහතා ආරක්ෂා කර ගැනීමට හැකි ඉක්මණින් පියවර ගන්නා ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.” යැයි දඇය තවදුරටත් සඳහන් කර තිබේ.

එම ලිපියේ සිංහල පර්වර්ථනය පහත දැක්වේ.

2020 ‍නොවැම්බර් 26
තුෂාර උපුල්දෙනිය මහතා
බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්
බන්ධනාගාර මූලස්ථානය
කොළඹ 10

ජී.එස්.අබේසේකර රිමාන්ඩ් රැඳවියා සම්බන්ධවයි.

නොවැම්බර් 25 දින අප ඔබ වෙත එවන ලද ලිපියෙන් ද ඔබ අත්අඩංගුවේ සිටින ජී. එස්. අබේසේකර මහතාට එල්ල වී ඇති සෞඛ්‍ය සහ ජීවිත තර්ජන පිළිබඳ ඔබගේ අවධානයට යොමු කෙළේය. මහර බන්ධනාගාරයේ ඔබගේ අත් අඩංගුවේ සිටියදී ඔහුට COVID-19 වෛරසය වැළඳී ඇති බව දන්නා අතර, සෞඛ්‍ය ගැටලු රාශියක් ඇති අබේසේකර මහතා ගල්ලෑල්ල තරම් දුර ඇති සිරකරුවන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත මාරු කර යවා ඇති බව දැන ගැනීම අපට පුදුමයට කරුණකි. අප දන්නා පරිදි වඩා හොඳ ප්‍රතිකාර ලබා දිය හැක්කේ අඩුම ගණනේ වැලිකන්දේ පිහිටා ඇති රෝහලෙනි.

උපුල්දෙනිය මහත්මයාණෙනි, ඔබ දන්නා පරිදි, රිමාන්ඩ් රැඳවියන් ඇතුළු සියලුම සිරකරුවන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ වගකීම වේ. ආරක්ෂක ගැටළු සම්බන්ධයෙන් දැනටමත් ඔබ වෙත ඉදිරිපත් කර ඇති කරුණු සැලකිල්ලට ගෙන, අබේසේකර මහතා ආරක්ෂා කර ගැනීමට හැකි ඉක්මණින් පියවර ගන්නා ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. අබේස්කර මහතා අඩුම ගානේ ගල්ලෑල්ල කඳවුරෙන් වැලිකන්ද රෝහලට මාරු කිරීම වඩාත් සුදුසුය.

තවද, අබේසේකර මහතාගේ සෞඛ්‍ය තත්වය හෝ ඔහු සිටින ස්ථානය පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බව ඔහුගේ පවුලේ අය අපට දන්වා ඇත. COVID-19 වෛරසය ආසාදනය වූ සියලුම සිරකරුවන්ගේ පවුල් වල අයට තව ඥාතීන් සිටින ස්ථානය පිළිබඳව දැනුවත් කර ඔවුන්ගේ PCR පරීක්ෂණ වල ප්‍රතිඵල ලබා දෙන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

අත්අඩංගුවේ පසුවන තම ආදරණීයයන් පිළිබඳ තොරතුරු අපේක්ෂා කරන පවුලේ සාමාජිකයන්ගෙන් අපට බොහෝ පැමිණිලි ලැබෙමින් පවතී. එමනිසා, වෛරසයෙන් පීඩාවට පත් සියලුම සිරකරුවන්ගේ යාවත්කාලීන ලැයිස්තුවක් සහ ඔවුන් වර්තමානයේ සිටින ස්ථානය සහ ප්‍රතිකාර ලබා දෙන ලෙස අපි ඔබට යෝජනා කරමු. පවුලේ සාමාජිකයින්ට වැඩිදුර තොරතුරු ලබා ගැනීමට සම්බන්ධීකරන නිලධාරියෙක් පත් කරන ලෙස අප ඔබෙන් ඉල්ලා සිටිමු.

1996 අංක 21 දරණ මානව හිමිකම් කවුන්සිල පනතේ SS. 10 (b), 11 (d), 28(2) වගන්ති අනුව නිදහස අහිමි වූවන්ගේ සුභසාධනය සහතික කිරීම සඳහා කොමිසමට විශේෂයෙන් පැවරී ඇති නෛතික බලය අනුව මෙම ලිපිය ඔබ වෙත යොමුකරන බව සලකන්න.

අත්සන් කෙළේ

රමණී මුත්තෙට්ටුවෙගම

විමර්ශන හා විමසීම් භාර කොමසාරිස්
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම

(පරිවර්තනය ලංකා ඊ නිව්ස්)

Archive

Latest news

Related news