Monday, May 20, 2024

ස්ත්‍රී සනීපාරක්ෂක නිශ්පාදන නොමිලයේ ලබාදෙන ප්‍රථම රට බවට ස්කොට්ලන්තය පත්වෙයි!

ඡායාරූපය: මංත්‍රිනී මොනිකා ලෙනන් ( වමේ සිට දෙවැනියා) පෙබරවාරි මාසයේ ස්කොට්ලන්ත පාර්ලිමේන්තුවෙන් පිටත මාසික දරිද්‍රතාවයට එරෙහි උද් ඝෝෂෂකයින් සමඟ.(සීඑන්න්)

ටැම්පූන්ස් සහ පෑඩ් ඇතුළු ස්ත්‍රී සනීපාරක්ෂක දැ නොමිලයේ ලබා දෙන ප්‍රථම රට බවට ඊයේ එනම් 23දා ස්කොට්ලන්තය පත්විය.

ස්කොට්ලන්ත පාර්ලිමේන්තුව විසින් ඊයේ එනම් අඟහරුවාදා ස්ත්‍රී සනීපාරක්ෂක නිශ්පාදන පනතට පක්ෂව ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කළේය. මෙම තීරණය Period poverty නෙහොත් මාසික දරිද්‍රතාවය යනුවෙන් හැදින්වෙන මාසික ඹසප් කාලයෙහි සනීපාරක්ෂක දෑ නැතිකම පැරදවීමේ ගෝලීය ව්‍යාපාරයේ සුවිසල් ජයග්‍රහණයක් ලෙස සළකනු ලැබේ.

දැන් මෙම තීරණය මගින් ස්කොට්ලන්තය පුරා පාසල් සහ විශ්ව විද්‍යාල ඇතුළු පොදු ගොඩනැගිලිවල මෙම නිෂ්පාදන නොමිලයේ ලබා ගත හැකි වනු ඇත. නව නීතිරීතිවලට අනුව, එකී නිෂ්පාදන නොමිලේ ලබා ගත හැකි බව සහතික කිරීම පළාත් පාලන ආයතන සහ අධ්‍යාපන සැපයුම්කරුවන් සතු වගකීමකි.

“වෘත්තීය සමිති, කාන්තා සංවිධාන සහ පුණ්‍යායතන ඇතුළු පුළුල් සන්ධානයක් මෙම උද්ඝෝෂනයට පිටුබලය දෙන” බව පසුගිය වසරේ පනත් කෙටුම්පත ඉදිරිපත් කළ නීති සම්පාදිකා මොනිකා ලෙනන් ඡන්ද විමසීමට පෙර පවසන ලදී. ” මාසික දරිද්‍රතාවය ඉතිහාසය බවට පත් කළ අවසාන රට ස්කොට්ලන්තය නොවනු ඇතැයි ඇය සදහන් කර තිබේ.”

නොමිලයේ දෙන එකී නිෂ්පාදන ලබා ගන්නා කාන්තාවන්ගේ සංඛ්‍යාව මත පදනම්ව, 2022 වන විට වසරකට ඩොලර් මිලියන 8.7 ක් පමණ ඊට වැය වනු ඇතැයි එරට රාජ්‍ය මූල්‍ය ආයතන ගණනය කර තිබේ. ස්කොට්ලන්තයේ කාන්තාවන්ගෙන් 20% කට ආසන්න ප්‍රමාණයක් සාපේක්ෂ මාසික් දරිද්‍රතාවයෙන් පෙළෙන බව නිල සංඛ්‍යාලේඛන වලින් පෙනී යන හෙයින්, මෙම යෝජනා ක්‍රමයෙන් 20% ක් ස්ත්‍රීන්ට යහපතක් උදාවනු ඇතැයි ලෙනන් ප්‍රකාශ කරයි.

ස්කොට්ලන්තයේ ප්‍රථම අමාත්‍යවරිය වන එනම් පාලක පක්ෂයේ නායිකාව වන නිකොලා ස්ටර්ජන් සිය නිල ට්විටර් පිටුවෙහි මෙම ජයග්‍රණය ගැන මෙසේ කීවේය:
“ පෙරලියක මූලාරම්භය වන්නාවූත් ස්කොට්ලන්තය නොමිලයේ ස්ත්‍රී සනීපාරක්ෂක දෑ ලබා ගත හැකි ප්‍රථම රට බවට පත් කරන්නාවූත් මෙම නීතියට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීමට ලැබීම ආඩම්බරයකි. මේ වනාහී ස්ත්‍රීන්ට සහ බාලිකාවනට වෙසෙසින්ම වැදගත්ය. “

එක්සත් රාජධානියේ ප්ලෑන් ඉන්ටර්නැෂනල් හි 2017 සමීක්ෂණයකට අනුව එක්සත් රාජධානියේ ගැහැනු ළමයින් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට ස්ත්‍රී සනීපාරක්ෂක නිෂ්පාදන ලබා ගැනීමට හැකියාවක් නැත. වසය 14-21 දක්වා බාලිකාවන්ගෙන් අඩක්ම මාසික ඹසප්වීම ගැන ලැජ්ජාවට පත්ව සිටි අතර ඉන් අඩක් ඒ නිසාම මසකට එක් දිනක් පාසැල් නොගොස් තිබුණි.

ස්කොට්ලන්තයේ මෙම පියවර රටේ මාසික දරිද්‍රතාවයට විසඳුම් සෙවීම සඳහා මෑතකදී ගත් උත්සාහයන් මාලාවක තවත් පියවරකි.
ඩොලර් මිලියන 5.2 ක ආයෝජනයක් තුළින් රට පුරා පාසල්, විද්‍යාල සහ විශ්ව විද්‍යාල වල සිසුවියනට සනීපාරක්ෂක නිෂ්පාදන නොමිලේ ලබා ගත හැකි බව රජය 2018 දී නිවේදනය කළේය. එවැනි නිෂ්පාදන පුස්තකාලවල සහ විනෝදාත්මක මධ්‍යස්ථානවල නොමිලේ ලබා දීම සඳහා 2019 දී එය තවත් ඩොලර් මිලියන 4 ක් වෙන් කළේය.

පසුගිය වසරේ එංගලන්තය පාසල්වල නොමිලේ සනීපාරක්ෂක නිෂ්පාදන සැපයීම සඳහා මුලපිරීමක් දියත් කළ අතර නවසීලන්තය ද මේ වසර මුලදී එයම කළේය.

( සිඑන්එන් වාර්තාවක් ඇසුරෙනි)

Archive

Latest news

Related news