Monday, May 20, 2024

වරද පිළිගන්නා ලෙස ප්‍රකාශ කරන්නැයි ත්‍ර.වැ.ප. යටතේ රඳවා සිටින සැකකරුවන්ට පොලිස් තර්ජන – මානව හිමිකම් කොමිසම

වැඩබලන පොලිස්පති සී. ඩී. සී. වික්‍රමරත්න, වෙත ලිපියක් යවන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ විමර්ශන හා විමසීම් භාර කොමසාරිස්  රමණී මුත්තෙට්ටුවේගම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින බොහෝ රැඳවියන් තමන්ගේ වරද පිළිගන්නා ලෙස ප්‍රකාශ ( ස්වයං-වරදකාරී ප්‍රකාශ ) කරන්නට යැයි කැරෙන පොලිස්  බලපෑම් පිළිබඳව පැමිණිලි කර ඇති බව සදහන් කරයි. රැඳවියන්   පොලිස් මූලස්ථානය වෙත නිතර ගෙන ගොස් සිංහල බසින් කලින් සකස් කර ඇති ප්‍රකාශ අත්සන් කරන ලෙස බලකරන බවත් , එසේ නොකළහොත් බොරු චෝදනා දැමන බවට තර්ජනය කරන බවත් ඔවුන් විසින් ප්‍රකාශ කර ඇතැයි ද ඇය තවදුරටත් කියා සිටී.

මෙම ලිපිය යවා ඇත්තේ එළෙස රඳවා සිටින රැදවියන්ගේ නාම ලේකනය ලබා ගැනීමට සහ ඉහත කී තර්ජන සම්බන්ධයෙන් ගෙන ඇති පියවර විමසීමටය.

එම ලිපියේ දළ සංහල පර්වර්ථනය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි. 

සී. ඩී. සී. වික්‍රමරත්න,
වැඩබලන පොලිස්පති,
පොලිස් මූලස්ථානය.
කොළඹ 01.

හිතවත් මහතාණෙනි,

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම් සම්බන්ධයෙනි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින පුද්ගලයින්ගේ තොරතුරු ඉල්ලා සිටින ඔක්තෝබර් 28 වන දින අපගේ ලිපිය වෙත අපි ඔබේ අවධානය කරමු. ඔබ දන්නා පරිදි, 1996 අංක 21 දරණ මානව හිමිකම් කොමිසම පනතේ 11 (D) වගන්තිය යටතේ අත්අඩංගුවේ පසුවන පුද්ගලයින් රදවා සිටීම පිළිබඳව අඛණ්ඩව අධීක්ෂණය කිරීම කොමිසම විසින් කළ යුතුය.

ජාතික පොලිස් කොමිෂන් සභාව සමඟ පැවති රැස්වීමේදී අප ඔබට සඳහන් කළ පරිදි, බොහෝ රැඳවියන් තමන්ගේ වරද පිළිගන්නා ලෙස ප්‍රකාශ ( ස්වයං-වරදකාරී ප්‍රකාශ ) කරන්නට යැයි කැරෙන බලපෑම් පිළිබඳව පැමිණිලි කර ඇත. රැඳවියන්ට ඔවුන්ගේ අත්සන සඳහා පූර්ව සූදානම් කළ ප්‍රකාශ ලබා දෙන, පොලිස් මූලස්ථානය වෙත නිතර ගෙන ගොස් සිංහල බසින් කලින් සකස් කර ඇති ප්‍රකාශ අත්සන් කරන ලෙස බලකිරීම, එසේ අත්සන් කරන්නේ නම් නිදහස් කරන බවට පොරොන්දු වීම සහ අත්සන් නොකළහොත් බොරු චෝදනා දැමීම වැනි තර්ජන මෙයට ඇතුළත් ය.

ඔබේ දෙපාර්තමේන්තුව විසින් සපයන ලද මෙකී සමහර අංග පැහැදිලිව පෙන්නුම් කරන ලිපිය මේ සමග අමුණා ඇත.  එහි එන රැඳවියන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් “පාපොච්චාරණය කිරීමට උපදෙස්” ලබා දෙන බව කියන භාෂාව ඔබට එහි දැක ගත හැක.

ඔබ දන්නා පරිදි, සාක්‍ෂි ඥා පනතේ 24 වන වගන්තියට අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවා ස්වයංවරදකාරී ප්‍රකාශ පිළිගැනීම පදනම් වන්නේ ස්වේච්ඡාභාවය පිළිබඳ පරීක්‍ෂණය මතය. පොලීසියට කරන ලද ප්‍රකාශයක වලංගු භාවය සහතික කිරීම සඳහා අපගේ සාකච්ඡාවේ සිට මේ දක්වා මේ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර මොනවාදැයි කරුණාකර අපට දන්වන්න.

ඔබගේ විශ්වාසි,
රමණී මුත්තෙට්ටුවේගම
විමර්ශන හා විමසීම් භාර කොමසාරිස්

Archive

Latest news

Related news