Thursday, April 25, 2024

කොළඹ නගරයේ ලක්ෂයක් ජනයාට කොවිඩ් සහනාධාර අවශ්‍යයි – රෝසි සේනානායක

ජායාරූපය: කොළඹ දුගීන් ලක්ෂ ගණනාවක් මෙවැනි පැල්පත්හි වාසය කරයි.

කොළඹ නගරයේ ලක්ෂයකට ආසන්න පිරිසක් ආර්ථික වශයෙන් වසංගතය නිසා විපතට පත්ව ඇතැයි කොවිඩ් 19 තත්වය සහ ඊට ගත යුතු සහ ගනිමින් ඇති පියවර දක්වමින් ප්‍රසිද්ධ කරන ලද වාර්තාවක නගරාධිපතිනි රොසි සේනානායක කියා සිටියි. ඇය කියා සිටින්නේ කොලඹ නගර සභා ප්‍රදේශ වසා දැමීමක් මගින් වසංගත ත්වය පාලනය කර ගැනීමට හැකි වනු ඇති බවයි. නගර සභාවේ සෞඛ්‍ය සේවකයින් අතිශය තෙහෙට්ටුවට පත් ඇති බවත් නම මානව සම්පත් එක්කර ගත යුතු බවත් ඇයි සඳහන් කරයි.

ඉංග්‍රිසියෙන් පළ කරන ලද එම ලිපියේ පහත පළ වන සිංහල පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රිෆ් විසිනි.

1. මගේ අවසාන පුවත්පත් සාකච්ඡාවේදී මම කොළඹ නගරය වසා දැමීමට ඉල්ලා සිටියෙමි (1 සිට 15 දක්වා) මම නගරය තුළ තත්වය හොඳින් දන්නා අතර නගරය වෙනුවෙන් පමණක් කථා කරමි.

2. පරීක්‍ෂා කිරීම, හඳුනා ගැනීම, සම්බන්ධතා සොයා ගැනීම සහ නිරෝධායනය කිරීම සඳහා රජයේ සහ කොළඹ මහ නගර සභාවේ සම්පත් ඉක්මවා ගොස් ඇත. අධික ලෙස ජනාකීර්ණ නගරයක සහ නගරයෙන් පිටත පැතිරීම නැවැත්වීම සඳහා කොවිඩ් -19 ධනාත්මක පුද්ගලයින් සහ ඔවුන්ගේ ඍජු සම්බන්ධතා පරීක්ෂා කිරීම හා හුදකලා කිරීම සඳහා ක්‍රමානුකූල, දුරදිග යන මෙහෙයුමක් කිරීමට නගරය වසා දැමීමෙන් බලධාරීන්ට හැකි වේ.

3. මගේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ වැනි අගුලු දැමීමක් මගින් වඩා පරීක්‍ෂාවන් සහ විශේෂ කිරීම, හුදකලා කළ යුතු ස්ථාන හදුනා ගෙන හුදකලා කිරීම සහ හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම මගින් ඉක්මනින් නගර ජීවිතය සහ ව්‍යාපාරයන් හැකි ඉක්මනින් නැවත ආරම්භ කළ හැකි වනු පරිදි යථා තත්වය ඇති කිරීමය .

4. කොළඹ නගරාධිපතිවරිය ලෙස මම කොළඹ පදිංචිකරුවන්ගෙන් සහ කොළඹට පැමිණෙන සෑම අයෙකුගෙන්ම ඉල්ලා සිටින්නේ සියලු සෞඛ්‍ය ආරක්ෂක විධිවිධාන නිසි පරිදි ක්‍රියාත්මක කරන ලෙසත් මෙම අභියෝගය ජය ගැනීමට රජයට සහාය වන ලෙසත්ය. වඩාත්ම ලදායී ක්‍රමය නම්, ඔබ මුණගැසෙන අනෙක් සෑම පුද්ගලයෙකුම කොවිඩ්-19 ධනාත්මක පුද්ගලයකු විය හැකි යැයි උපකල්පනය කිරීම සහ ආරක්ෂිතව දුරස් බව පවත්වා ගැනීමත් , මුහුණු ආවරණ පැළඳීමත් නිතිපතා අත් සේදීමත්ය.

5. මේ අතර, කොවිඩ් 19 වසංගතවේ බලපෑමේ ප්‍රතිල හේතුවෙන් අපි නගරයේ දැවැන්ත මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටිමු. කොවිඩ්-19 හි ආර්ථික බලපෑම හේතුවෙන් කිව නොහැකි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින අපගේ සෙසු පදිංචිකරුවන්ට උදව් කිරීමට වඩා වත්කම්ඇති අයගෙන් මම ඉල්ලා සිටිමි. කරුණාකර මෙම අවශ්‍යතාවයේදී ඔබේ “අසල්වැසියාට” උදව් කරන්නේ කෙසේදැයි බලන්න.

6. පළමු අගුලු දැමීමේදී නගර සභාව විසින් පවුල් 50,000 කට වියළි සලාක ඇසුරුම් බෙදා දෙන ලදී. මෙවරද අප එසේ කිරීමට උත්සාහ කරන නමුත් අපගේ මූල්‍ය කටයුතු ද සීමාව කරා ගමන් කර ඇත.

7. අවශ්‍යතා ඇති අයට සෘජුවම දායක විය හැකි හෝ කොළඹ මහ නගර සභාව සමඟ අත්වැල් බැඳගෙන අවශ්‍යතා ඇති අයට සඳහා වියළි සලාක මිලදී ගැනීමට හා බෙදා හැරීමට භාවිතා කරන නගරාධිපති අරමුදලට ද්‍රව්‍යමය හෝ මුදල් වශයෙන් දායක විය හැකි සමාගම් සහ පුද්ගලයින්ගේ සහාය අපි අපේක්ෂා කරමු.

. ඔවුන් අගුලු දමා ඇති ප්‍රදේශවල සිටීම සහ දෛනික වැටුප /ආදායම උපයා ගැනීමේ හැකියාව අහිමි වීම හේතුවෙන් දළ වශයෙන් නගරයේ සිටින පවුල් 100,000 කට ආධාර අවශ්‍ය වී තිබේ.

. පවුල් 70,000 කට වහාම වියළි සලාක ඇසුරුම් ලබා දීමට කොළඹ මහ නගර සභාව සූදානම් කර තිබේ.

. වියළි සලාක ඇසුරුම් 30,000 ක් සඳහා ඉතිරිය පියවා ගැනීම සඳහා අපි සමාගම් සහ පුද්ගලයන්ගේ නොමසුරු සහාය අපේක්ෂා කරමු.

8. අඩු ආදායම්ලාභී පවුල් සඳහා ආදායම් ආධාරක යෝජනා ක්‍රමයක් ලෙස, මීට පෙර නොමිලේ මහන මැෂින් ලබා ගත් අවවරප්‍රසාදිත පවුල් සහ සමහර සමාගම් සම්බන්ධ කොට අපි දළ වශයෙන් මුහුණු ආවරණ 65,000 ක් නිෂ්පාදනය කර නොමිලයේ බෙදා හැරීම සඳහා කටයුතු කරන්නෙමු.

9. ආර්ථිකමය වශයෙන් අවාසි සහගත අය සඳහා සනීපාරක්ෂක තුවා 4,000 ක් රාජ්‍ය නොවන සංවිධානයකින් අපට ලැබී ඇති අතර ඒවා බෙදා හැරීමට අපි කටයුතු කරමින් සිටිමු.

10. නගරය තුළ පරීක්ෂණ, හුදකලා කිරීම්, සම්බන්ධතා සොයා ගැනීම සඳහා දැවැන්ත නිරන්තර මෙහෙයුමක් පවත්වා ගත යුතු අතර අතර මෙය මූලික වශයෙන් හසුරුවනු ලබන්නේ කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසිනි. මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සිටින අපගේ වීරයන් ඔවුන්ගේ ජාතික යුතුකම ඉටු කිරීම සඳහා ඉතා සුළු විවේකයක් හෝ නොලැබ කටයුතු කරන බැවින් ඔවුන් තෙහෙටුට්වට පත්ව තිබේ. එබැවින් අපගේ මානව සම්පත් කඩිනමින් පුළුල් කිරීමට අපට අවශ්‍යය.

. තාවකාලික සහායක් සැපයීම සඳහා සියලුම විශ්‍රාමික පීඑච්අයිවරුන් නැවත වාර්තා කරන ලෙස කැඳවනු ලැබේ.

. මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඇතැම් කාර්යයන් භාර ගැනීම සඳහා වෛද්‍ය සිසුන් සීමාවාසිකයින් ලෙස ගෙන්වා ගැනීම සඳහා අපි වෛද්‍ය පීය සමඟ සාකච්ඡා කරමින් සිටිමු.

11. බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන් රෝහල් ගත කිරීම සහ ඔවුන්ගේ ෂධ ලබා දීම සඳහා අපි විශේෂිත ගිලන්රථ සේවාවක් ස්ථාපිත කරමින් සිටිමු.

12. ප්‍රතිශක්තිය හා සාමාන්‍ය ශරීර සෞඛ්‍යය නංවාලීම සඳහා කොළඹ මහ නගර සභාවේ ආයුර්වේද දෙපාර්තමේන්තුව ප්‍රතිශක්තිය ඉහළ නංවන විශේෂ ශාකසාරක් නිෂ්පාදනය කර බෙදා හරිනු ලැබේ. පදිංචිකරුවන්ට ඔවුන්ගේ කොළඹ මහ නගර සභාවේ ප්‍රාදේශීය ආයුර්වේද සායනයන්ගෙන් එය නොමිලේ ලබා ගත හැකිය.

13. කොළඹ මහ නගර සභාවේ වෛද්‍ය නිලධාරීන්ට කරා ප්‍රවේශ විය හැකි පැය 24 පුරා ක්‍රියාත්මක වෛද්‍ය උපදෙස් සේවා දුරකථන අංකයක් අප පිහිටුවා ඇත.

14. තමන් වෙනුවෙන් දැඩි ආරක්ෂාවක් පවත්වා ගන්නා අතරම සැක සහිත කොව්ඩ්-19 රෝගීන්ට සැලකිලිමත් සහ අනුකම්පාවෙන් ප්‍රතිකාර කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.

15. අප සැවොම මෙම තත්වයට එක්ව මුහුණ දෙන අතර, මෙම වසංගතය ජය ගැනීම සඳහා කොළඹ මහ නගර සභාව සිය සාමාන්‍ය රාජකාරියට වඩා ඉහළින් කටයුතු කරනු ඇත. කොවිඩ් -19 පිපිරීමට එරෙහි සටනේදී රජය සාර්ථක වන්නේ අපගේ සියලු උනන්දුව මත වන අතර මගේ බලාපොරොත්තුව හා ආශාව වන්නේ යෝජනා කරනු ලබන සමහර ක්‍රියාමාර්ග තුළින් රජය සාර්ථකත්වය අත්කර ගනු ඇතැයි කියාය.

රෝසි සේනානායක

කොළඹ නගරාධිපතිනි

Archive

Latest news

Related news