කොවිඩ් හැදෙන නීතිඥයින්ට විශේෂ පහසුකම් ඉල්ලයි!

619

නව කොරොන වයිරසයට ගොදුරුව කොවිඩ්19 අසාදනය වන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජික සාමාජිකාවන්ට විශේෂ පහසුකම් සහිත රෝහල් ලබා දෙන ලෙස කනිෂ්ඨ නීතිඥ කමිටුව ඉල්ලා සිටී.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ට ලිපියක් යවන කන්ෂ්ඨ නීතිඥ කමිටුවෙහි සභාපති ජනාධිපති නීතිඥ කුවේර ඩි සිල්වා එම ලිපිය මගින් කියා සිටින්නේ සමහර රජයේ රෝහල්වල අවශ්‍ය වැසිකිළි පහසුකම් යනාදිය නැති නිසා නීතිඥයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට යෝග්‍ය පහසුකම් සහිත රෝහල් සපයා දෙන ලෙසයි.

මෙයට පෙර ද කාලිංග ඉන්ද්‍රතිස්ස මැදිහත් වී එවැනි පහසුකම් ලබා දීම ගැන ස්තුති කරන එම ලිපිය නීතිඥවරියක් වන සෞඛය ඇමැතිවරිය මගින් මෙම වරප්‍රසාදය ලබා දෙන ලෙස ඉල්ලා සිටී.

ඔහු කියා සිටින්නේ සිය සාමාජික සාමාජිකාවන්ගේ වෘත්තීමය තත්වය රැකගනු පිනිස එවැනි විශේෂ පහසුකම් සහිත රෝහල් ලබා ගැනීම අවශ්‍ය බවයි.

වසංගතයට ගොදුරු වී අන්ත අසරණ තත්වයට පත් දහස ්ගනන් ජනයා ගැන චවනයක්වත් නොකියූ මෙම කමිටුව දැන් තමන්ට පමණක් සුපිරි රෝහල් ඉල්ලා සිටීම ලැජ්ජා නැති ක්‍රියාවක් බව සමාජ ජාලයන්හි ප්‍රකාශ වී තිබේ.

එවැනි ට්විටර් සදහනයන් පහත දැක්වේ.