Friday, April 19, 2024

සී.ඒ. වන්ද්‍රප්‍රේම ජීනිවාහි මානව හිමිකම් කවුන්සිලයට සිය අක්තපත්‍ර බාරදෙයි.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ශ්‍රී ලංකාවේ නව නිත්‍ය නියෝජිතයා ලෙස පත් කර ඇති “ගොටාගේ යුද්දය” නම් පොතෙහි කතුවරයා වන සී..චන්ද්‍රප්‍රේම පසුගිය 10දා එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන ටැටියානා වලෝවායා වෙත සිය අක්ත පත්‍ර පිළිගන්වන ලදී.

ඔහු සම්බන්ධයෙන් කර ඇති හැදින්වීමෙහි ඔහු විසින් කරන ලද අනෙක් ලිවීම් සඳහන්වන මුත් “ගොටාගේ යුද්ධය” ලිවීම සඳහන් වන්නේ නැත. මෙරට ජනාධිපතිවරයා එල්ටීටීඊය පැදවීමේ යුද්දයේ උපාය ශිල්පියා ලෙස දැක්වෙන එම පොත සඳහන් නොකිරීම විචාරකයින්ගේ මවිතයට පත්ව තිබේ.

චන්ද්‍රප්‍රේම “ගෝටාගේ යුද්ධය” පොක එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂට පිළිගන්වමින්.

ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් මාතර දිසාවට තරඟ වැදුණූ අතර කොළපාට සමාජය නමින් එක්සත් ජාතික පක්ෂයේ සමාජ ආර්ථික පිළිවෙත කුමක් විය යුතුද යන්න පිළිබඳ විවාදාත්මක කෘතියක්ද සම්පාදනය කළේය.. එම කෘතියෙහි අඥාත සම කතුවරයා වන්නේ රාජපක්ෂ සමයෙහිදී පැහර ගෙන ගොස් ඝාතනය කරන ලද ප්‍රගීත් එක්නැළිගොඩ බව කියනු ලැබේ. ප්‍රගීත් එක්නැළිගොඩ සහ චන්ද්‍රප්‍රේම අතර කළක්ම සමීප ආශ්‍රයක් තිබුණි. ප්‍රථම වතාවෙහි හමුදා පිරිස් යැයි සැක කරන ලද කණ්ඩායම් විසින් ප්‍රගීත් පැහැර ගත් අවස්ථාවෙහි ප්‍රගීත් නිදහස කරන ලද්දේ වන්ද්‍රප්‍රේමගේ මැදිහත්වීම මගින් යැයි කියැවුණූ ප්‍රකාශය ඔහු විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

අන්තවාදී භික්ෂූන් විවේචනය කරමින් ඔහ වරක් මෙසේ ලිවීය, ඥනසාර යනු සෝමාරාමගෙන් පසු මෙරට බුදුනුවන් මත පතිත මහම විපතය. එම ලිපිය මෙහි කියවිය හැක.

එක්සත් ජාතීක්ගේ ජීනීවා කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව චන්ද්‍රප්‍රේම හදුන්වා ඇත්තේ මෙසේය.

ජිනීවා හි පත්වීම ලැබීමට පෙර චන්ද්‍රප්‍රේම මහතා 1995 සිට උපලි පුවත්පත් සමාගමේ ද අයිලන්ඩ් හි දේශපාලන වාර්තාකරුවෙකු ලෙස සේවය කර ඇති අතර 1990 ජනවාරි සිට අගෝස්තු දක්වා ඔහු ද එම තනතුර හෙබවීය. 1994 අප්‍රේල් සිට 2002 අප්‍රේල් දක්වා දේශපාලන අධ්‍යාපනය සඳහා රන්ජන් විජරත්න ඇකඩමියේ ඔහු සම්පත් දායකයකු විය. 1993 ජුලි සිට 1994 අගෝස්තු දක්වා ඔහු සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් හි මානව සම්පත් හා පරිපාලනය පිළිබඳ කළමනාකරුවෙකු ලෙස කටයුතු කළේය. 1990 සැප්තැම්බර් සිට 1993 ජූලි දක්වා ලංකා වාණිජ මණ්ඩලයේ සහකාර ලේකම් ලෙස සේවය කළේය.

චන්ද්‍රප්‍රේම මහතා 1987 දී ක්‍රිස්ටියන් වර්කර් සඟරාවේ මාධ්‍යවේදියෙකු හා කර්තෘ සහායකයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය. 1988 ජනවාරි සිට 1989 අගෝස්තු දක්වා ජාත්‍යන්තර ජනවාර්ගික අධ්‍යයන මධ්‍යස්ථානය විසින් රුහුන පිළිබඳ ඉතිහාස අධ්‍යයනයක් ලිවීමට ඔහු පත් කරන ලදී. එය “දකුණු ශ්‍රී ලංකාවේ සමාජය හා දෘෂ්ටිවාදය” නම් වේ. චන්ද්‍රප්‍රේම මහතා ශ්‍රී ලංකාව පිළිබඳ තවත් පොත් ගණනාවක් ලියා තිබේ.

චන්ද්‍රප්‍රේම මහතා පේාදෙණිය විශ්ව විද්‍යාලයෙන් (1986) ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව සහ ඉංග්‍රීසි පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ඇති අතර කොළඹ විශ්ව විද්‍යාලයෙන් (1999) ජපාන අධ්‍යයනයන් පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇත. ඔහු 1964 පෙබරවාරි 1 වන දින උපත ලැබීය.

Archive

Latest news

Related news