Friday, April 26, 2024

අධිකරණය මට දේවාලයක්! මම දැම්මේ හූනියමක් නොවෙයි කාලි කොවිලේ විභූති – සන්ධ්‍යාගෙන් ජඩ මාධ්‍යට පිළිතුරු

මට අධිකරණය කියන්නේ දේවාලයක් වගේ. මං දේවාලයකට යන්නේ විසදුම් සොයාගෙන. මං අධිකරණයට එන්නේත් විසදුම් සොයාගෙන. කෝවිල මට ශුද්ධ වූ ස්ථානයක්. අධිකරණයත් ඒ වාගෙයි.” යැයි සන්ධ්‍යා එක්නැළිගොඩ පවසයි.

ඇය මෙසේ පවසන්නේ පසුගියදා කාලි අම්මා කොවිලෙහි භාරහාර වීමෙන් පසුව තමා අධිකරණයට හූනියමක් කළේ යැයි රාජ්‍ය මාධ්‍ය විසින් කර ඇති චෝදනාවට පිළිතුර දෙමිනි.

ඉහත විකාශනය මගින් ආණ්ඩුවේ අයිටීඑන් රෑපවාහිනිය කියා ප්‍රශ්ණ කලේ සන්ධ්‍යා අධිකරණයට හූනියමක් කළාද යන්නයි.

ආණ්ඩුවේ ප්‍රබලයකු වන විමල් වීරවංශ හිතැති ලංකා සී නිව්ස් වෙබ් අඩවියද එවැනිම පුවතක් පළ කළේය.

මෙම ප්‍රචාරයන්හි අරමුණ විය හැක්කේ ආණ්ඩුවේ දඩබල්ලන් ඇය පසුපස හඹා යවීම විය හැකි යැයි මානව හිමිකම් ක්‍රියාකාරිකාවක ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත පැවසීය.

මේ ගැන සන්ධ්‍යා එකැනැලිගොඩ කියන්නේ තමා කාලි අම්මා කොවිලෙන් ලබා ගත් විභූති මගින් අධිකරණයේ කුළුනු දෙකක පොට්ටු තබා එම විභූති කුඩු විසුරුවා හැරිය බවයි.

මෙම විභූති කුඩු ලබා ගන්නේ කතරගමට අසන්නයේ පිහිටා ඇති තිරිනෝරුමල විභූති කන්ද නම් ස්ථානයේ පෂාණ වලිනි. වර්තමානය වන විට ඒ නාමය වෙනස්‌ වී හුණුකැටවල ලෙස හඳුන්වනු ලැබෙන බව කියනු ලැබේ. දේව ආශිර්වාදය ප්‍රාර්ථනා කර දේවාලයන්ට පැමිණෙන බැතිමතුන්ට ආශීර්වාද ප්‍රර්ථනා කර නළලේ ගල්වන්නේ තින්නෝරු හෙවත් විභූති.

කාලිගේ නම සංස්කෘත භාෂාවෙන් ව්‍යුත්පන්න වී ඇත්තේ ‘ඇය කළු’ හෝ ‘මරණය ඇය’ යන්න ලෙසය. ඇය බොහෝ විට කාලය, මරණය සහ විනාශකාරී දිනයකට අදාළ වෙයි. ඇය ස්වභාව ධර්මයෙහි සංකේතයක් ලෙසද වටහා ගත හැකිය. විවිධ  භාවනා වලදී කාලිගේ ද්විත්ව ස්වභාවය වන්දනාකරුවන්ට ජීවිතයේ සුන්දරත්වය සහ මරණයේ යථාර්ථය එකවර අවබෝධ කර ගැනීමට මඟ පෙන්වයි.” යනුවෙන් indianfolk.com දක්වයි.

කාලි දෙවඟන සැමවිටම ජීවිතයේ සංකේතයක් වූ බවත් ඇගේ දරුවන් කෙරෙහි ඇති අප්‍රමාණ ප්‍රේමය පුදකළ බවත් එය දක්වයි. නමුත් ඇගේ පැවැත්මේ සැබෑ අරුත අමතක වී සැමවිටම භූතයන් කෙරෙහි කෝපය මුදා හරින සහ ඇගේ බැතිමතුන්ට ආශීර්වාද කරන පෝෂණය කරන දේවතාවියක සේ සැළකේ.

සන්ධ්‍යා එකනැළිගොඩ සිය සහකරු වූ ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගත් ඝාතකයින්ට දඩුවම් ලබා දෙන සේ කොළඹ මෝදර කාලි කෝවිලට ගොස් පුද පූජා පැවත්වීමෙන් පසුව මෙම විභූති පොහොට්ටුවක් සිය නළලේද කබා ගෙන අධිකරණයට ගොස් එහිද පොට්ටු තබා ඇත්තේ අධිකරණයෙන් සාධාරණය අපෙක්ෂාවෙනි.

නමුත් පසුගිය සති අන්තයක රාවය පුවත්පත වාර්තා කර තිබූ අන්දමට ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතකයින් නීතියේ රැහැණට හසු කර ගැනීම දැන් එන්න එන්නම දුෂ්කර වෙමින් තිබේ.

සන්ධ්‍යා අධිකරණයට හූනියමක් කලේද යන රජයේ අයිටීඑන් පැනයට පිළිකුර දෙන මානව හිමිකම් නීතිඤවරියක වන අචලා සෙනවිරත්න ඇයගේ මුහුණු පොතෙහි මෙවැනි සටහනක් තබමින් කියන්නේ නීතියේ අසිපතින් දිනක මග හැරුණත් ස්වභාවධර්මයේ අසිපතින් ගැලවෙන්න නම් පාපිෂ්ඨයන්ට බැරිවේවි. කියාය.

සන්ද්‍යා කුඩු වගයක් ඉහින එක විතරමද කාචෙට අහුවුනේ.නොදකින් …?තමන්ගේ මනුස්සයා අතුරුදහන් කරලා මරලා දාලා ඒ මිනිහාගේ යුක්තිය…

Posted by Achala Senevirathna on Thursday, October 1, 2020

සන්ද්‍යා කුඩු වගයක් ඉහින එක විතරමද කාචෙට අහුවුනේ.නොදකින් …?තමන්ගේ මනුස්සයා අතුරුදහන් කරලා මරලා දාලා ඒ මිනිහාගේ යුක්තිය වෙනුවෙන් කප්පරක් අපහස නින්දා විදින කෝටියක් සිගාලයන්ගේ ආටක නාටක වලින් යුක්තිය ඉටු නොවෙද්දි තාමත් උසාවි බඩ ගාන ගෑනියෙක්ගේ වේදනාව දුක යුක්තිය වෙනුවෙන් කරල ඉල්ලීම බොලාගේ කාචෙට වැටුනේ නැතෙයි.? දවසක බොලාගේ අම්මෙක් අප්පෙක්,දරුවෙක්,ගෑනියෙක් මිනිහෙක්,සහෝදරයෙක්ට ඔය දේ උනු දාක තේරේවී යුක්තිය නැතිවුනාම දැනෙන වේදනාව,දුක,කලකිරීම,අසරණකම.එතකන් කාචේ අල්ලන් ඉදින්.නීතියේ අසිපතින් දිනක මග හැරුණත් ස්වභාවධර්මයේ අසිපතින් ගැලවෙන්න නම් පාපිෂ්ඨයන්ට බැරිවේවි.යුක්තිය ඇස් වනාපිට මළගම් යද්දි ඒ ගැහැනිය හූනියම් නෙමෙ මේ මහ පොළව පළලා අතට ගත්තත් ඒකේ අරුමයක් නෑ.දේශපාලුවෝ ළග යුක්තිය සාදරණය වෙනුවෙන් කොන්ද කෙළින් තියන් වචනයක් අහගන්න බැරි නිවට මාද්‍යවේදියෝ සන්ද්‍යා අහවල් එක කරාද කියලා නම් ප්‍රශ්න අහනවා.ලැජ්ජයි හලෝසන්ද්‍යාගේ පුද්ගලිකත්වය මට අදාලම නෑ.එත් ගැහැනියක් විදිහට තමන්ගේ මනුස්සයා වෙනුවෙන් ගෙන යන සටන එක්ක ස්වබාවදර්මය අනිවාර්යයෙන් ඇති.මම දන්නේ එච්චරයි. සන්ද්‍යා ආන්ටි, ඔයාගේ හිතේ දුක ,? අරන් ඔයාගේ මනුස්සයා වෙනුවෙන් හුනියම් නෙමෙ කුවේණි වගේ , කාලි වගේ සාප කළත් ඔයාගේ සාපේ නම් ගෑවුණු හැමෝටම වදීවි.. ඒක නියතයි.ගැහැනියක් කියන්නේ ලොසින්ජර නෙමෙ..රත්වුනු යකඩයක්ඇයි බොලාගේ කාචෙට අවුල් වගේද?”

 

Archive

Latest news

Related news