සර්වබලධාරී ජනාධිපතිවරයකු විසින් නීති විරෝධී ලෙස බලතල ක්‍රියාත්මක කිරීමට එරෙහි දුක්ගැනවිලි විසඳා ගැනීමට මහජනයාට ප්‍රවේශයක් නොමැති නම්, එකම පිළියම විය හැක්කේ රජයට එරෙහිව ආයුධ ගැනීම බව යෝජිත 20 වන සංසෝධනය අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පත් කරන ලද කමිටුව ප්‍රකාශ කරයි.
ඊට හේතු වශයෙන් එය දක්වන්නේ කිසිම පුද්ගලයෙක් නීතියට ඉහළින් නොසිටින අතර කවරකුට හෝ නිරපේක්ෂ මුක්තියක් ලබා දීම නීතියේ ආධිපත්‍යයේ සියලු මූලධර්මවලට පටහැනි නිසාත් එවිට ජනාධිපතිවරයාට විසින් කරනු ලබන මානව හිමිකම් කෙළෙසීමක් ගැන අධිකරණයෙන් විසදුමක් ලබා ගැනීමට අවස්ථාවක් නැතිව යෑමත්ය.
මෙම නිරීක්ෂනය එම කමිටුව විසින් දක්වා ඇත්තේ ජනාධිපතිවරයාට සම්පූරනයෙන්ම මුක්තියක් ලබා දිය යුතු බවට 20වන සංසෝධනය මගින් කර ඇති යෝජනාව ප්‍රතික්ෂේප කරමිනි.
එය මෙසේ ද කියයි. “මූලික අයිතිවාසිකම්වලට ගරු කිරීම, සුරක්ෂිත කිරීම සහ ඉදිරියට ගෙන යාමේ බැඳීම්වලින් ජනාධිපතිවරයා නිදහස් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. ජනාධිපතිවරයා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන විට එයට පිළියමක් පුරවැසියන්ට අහිමි කිරීම නීතියේ ආධිපත්‍යයට පටහැනි ය.
“කිසිදු පුද්ගලයෙකු නීතියට ඉහළින් නොසිටිය යුතු අතර විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සැලකිය යුතු බලතල ප්‍රමාණයක් සහිත ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව එම බලතල කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් වගකිව යුතුය.
අනෙක් අතට එකී කමිටු වාර්තාව මගින් 20වන සංසෝධනය සෑහෙන දුරකට සාධාරණ කරයි.
මානව හිමිකම් කොමිසම සහ පොලිස් කොමිසමට ජනාධිිපතිවරයාගේ තනි අදහස උඩ පුද්ගලයින් පත් කිරීම එය විසින් අනුමත කර තිබේ. ව්‍යවස්ථාදායක සභාව වෙනුවට පාර්ලිමේන්තු කමිටුවක් පිහිටුවීමද එය අනුමත කරයි. යෝජිත පාර්ලිමේන්තු කමිටුවේ සංයුතිය අනුව එහි බහුතර බලය හිමිවන්නේ රාජපක්ෂවරුන්ටය.
තවද මැතිවරණ කොමිසම සහ අධිකරණ සේවා කොමිසම ජනාධිපතිවරයා විසින් පත් නොකළ යුුතු යැයි කියන එම වාර්තාව හිස වටා අත යවා කණ ඇල්ලීම මෙන් විසදුමක් යෝජනා කරයි. එනම් එම කොමිෂන් සභා සඳහා ජනාධිපතිවරයා විසින් සාමාජික සාමාජිකාවන් නම් කිරීමත් එම නම් පාර්ලිමේන්තු කමිටුව මගින් සම්මත කිරීමෙන් පසු පත්කිරීම් කිරීමත්ය.
ජනධිපතිවරයා විසින් ඉදිරිපත් කරන නම් රාජපක්ෂවරුන්ට බලය ඇති පාර්ලිමේන්තු කමිටුව මගින් අන්මත නොකරයිද?
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන් පත් කිරීම සම්බන්ධයෙන් ද නීතිඥ සංගමය එම පිළිවෙතම නිර්දේශ කරයි.
19 වන සංසෝධනය යටතේ එවැනි කොමිසන් සභා සහ ඉහළ අධිකරණ විනිසුරුවරැන් සහ විනිසුරුවරියන් සදහා නම් යෝජනා කරන ලද්දේ ව්‍යවස්ථා කමිටුව විසිනි. දැන් නීතිඥ සංගමය යෝජනා කරන්නේ එම ක්‍රමය සහමුලින්ම ආපිට හැරවීමටය.
ජනාධිපතිවරයාට අවශ්‍ය පුද්ගලයින් එකී කොමිෂන් සභා සදහා පත් කර ගැනීමට මෙම යෝජනාව මගින් වක්‍රව අවස්ථාව සළසා දෙයි.
මෙම වාර්තාව “පාර්ලිමේන්තු මහලේකම්වරයා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා ය. ඔහු ව්‍යවස්ථාදායකයට සහාය දැක්වීම සඳහා තීරණාත්මක කාර්යයන් ඉටු කරයි. මහලේකම්වරයා ජනාධිපතිවරයා විසින් පත් කිරීම පාලනය කිරීම නීතියේ ආධිපත්‍යයට පටහැනිය” යැයි ප්‍රකාශ කරන අතරම ඒ සඳහා පුද්ලයකු ජනාධිපතිවරයා විසින් නම් කිරීමෙන් පසු එය පාරිලිමේන්තු කමිටුවෙන් සම්මත කර ගත යුතු යැයි කියයි.
මෙය පුදුමාකාර තර්කයකි.
“පාර්ලිමේන්තු මහලේකම්වරයා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ප්‍රධානියා ය. ඔහු ව්‍යවස්ථාදායකයට සහාය දැක්වීම සඳහා තීරණාත්මක කාර්යයන් ඉටු කරයි. මහලේකම්වරයා ජනාධිපතිවරයා විසින් පත් කිරීම පාලනය කිරීම නීතියේ ආධිපත්‍යයට පටහැනි ය. පාර්ලිමේන්තු මහලේකම්වරයා පත් කිරීම ජනාධිපතිවරයා විසින් පුද්ගලයෙකුගේ නමක් පාර්ලිමේන්තු සභාවට නම් කිරීම සහ පාර්ලිමේන්තු සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින් පත් කිරීම සිදු කළ යුතු බව කමිටුවේ අදහස” බව කියන කමිටු වාර්තාව ඒ සඳහා ද පුද්ගලයකු නම් කිරීමේ අයිතිය එමගින්ජ නාධිපතිවරයාට දිය යුතු බවට එමගින් තර්ක කරයි.
පුදුම උනත් ඇත්තය.
නීතිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන්ද නීත්ඥ සංගමයේ කමිටු වාර්තාව කියන්නේ එම කතාවමය.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීතිපතිවරයාට පුළුල් පරාසයක බලතල ලබා දී ඇත. නීතිපතිවරයා පත් කිරීම තුළින් රජයේ එක් ආයතනයකට නීතිපති කාර්යාලයේ පාලනය නොතිබීම නීතියේ ආධිපත්‍යය පවත්වාගෙන යෑමට අවශ්‍ය වේ” යැයි කියන නමුත් නීතිපතිවරයා පත් කිරීම ජනාධිපතිවරයා විසින් පුද්ගලයකුගේ නම පාර්ලිමේන්තු සභාවට නම් කිරීමෙන් පසු පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය ඇති පත්කිරීම් කළ යුතුබව ප්‍රකාශ කරයි.
මෙම සමස්ත වාර්තාව හුදු නීති තර්කයක් වැන්න. වරදක් කළ යුත්තේ කෙසේදැයි එය වක්‍රාකාරව පෙන්වා දෙයි. එහි ඇති එකම වැදගත් කාරණය නම් ජනාධිපතිවරයාට මුක්තිය ලබා දුන හොත් ආයුධ අතට ගැනීම එකම විසදුම විය හැකි යැයි දක්වා තිබීමයි. එවැනි අදහසක් සත්කුමාර කෙනෙකු හෝ රසීක් කෙනෙකු හෝ ප්‍රකාශ කළේ නම් ප්‍රචන්ඩත්වය දේශනා කළැයි අයිසීසීආර් පනත යටතේ මාස හය හතක් සිර ගෙදර ඉන්නට සිදුවන්නට තිබුණි.