Monday, May 20, 2024

ඉන්දියාව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ගිනුම් තහනම් කරයි; මානව හිමිකම් කටයුතු ඇණහිටී.

ඡායාරූපය: ඉන්දියානු ඇම්නෙස්ටි ශාඛාවට සහය දක්වන බර්ලිනයේ ඇම්නෙස්ටි කණ්ඩායමක්. © Amnesty International / Jan Petersmann

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ඉන්දියාවනු ශාඛාවෙහි බැංකු ගිණුම් ඉන්දියාවේ රජයේ විමර්ශන ආයතනයක් විසින් විසින් අත්හිටුවා තිබේ. මේ නිසා ඉන්දියාව තුළ කරමින් සිටි මානව හිමිකම් ආරක්ෂා කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ කටයතු තාවකාලිකව නවත්වා දැමීමට එම සංවිධානයට සිදුව තිබේ.

මෙය ඉන්දියානු රජය විසින් කරන ලද අතිශය නින්දිත ක්‍රියාවකි. මේ වන විට ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් විසින් ඉන්දියාවේ කරමින් සිටි තීරණාත්මක මානව හිමිකම් කටයුතු නතර කිරීමට අපට බල කෙරී තිබේ. කෙසේ වෙතත්, මෙය ඉන්දියාවේ මානව හිමිකම් අරගලය සඳහා අපගේ ස්ථිර කැපවීම හා සම්බන්ධ වීමේ අවසානය සනිටුහන් නොකරයි. ඉදිරි වසර ගණනාව තුළ ඉන්දියාවේ මානව හිමිකම් ව්‍යාපාරය තුළ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය අපගේ කාර්යභාරය දිගටම කරගෙන යන්නේ කෙසේද යන්න තීරණය කිරීමට අපි අධිෂ්ඨානශීලීව කටයුතු කරන්නෙමු” යැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් හි වැඩබලන මහලේකම් ජුලී වර්හාර් ප්‍රකාශ කර තිබේ.

මොඩ් ආන්ඩුවේ වර්ගවාදී පුරවැසි නීතියට එරෙහිව මෑත දී දිල්ලියෙහි පැන උද්ඝෝෂණන්හිදී සහ ඒවාට ඒරෙහිව ඇති වූ ප්‍රචන්ඩ ක්‍රියාවලදී මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ඇමෙනෙස්ටි ඉන්ටර්නැෂනල් මැදිහත් විය. එමෙන්ම ජම්මු හා කාශ්මීරයේ ප්‍රාන්තයෙහි දිගින් දිගටම පවත්වා ගෙන යන වාර්ගික මර්දනයට එරෙහිවද එම සංවිධානය දේශීය මෙන්ම අන්තර් ජාතික වශයෙන්ද මැදිහත් වී තිබේ. මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් වගකියයුතු අයට දඩුවම් පැමිණවිය යුතු බව එය දිගටම කියා සිටි ඇත.

ව්‍යාජ චෝදනාවන්ට, විවිධ විමර්ශන ආයතන විසින් කරන ලද වැටලීම්වලට, ද්වේෂ සහගත මාධ්‍ය ප්‍රචාර සහ බිය ගැන්වීම් ඇතුලු කුරිරු මඩ ගැසීමේ ව්‍යාපාරයක ඇම්නෙස්ටි ඉන්දියාවේ කාර්ය මණ්ඩලයට මුහුණ දීමට සිදුවූ බව එම සංවිධානය පවසයි.

තම සංවිධානය ඉන්දියාවෙහි පවත්නා කිසිදු නීතියක් කඩ කර නැතැයි ඇමෙනස්ටි ඉන්ටර්නැෂනල් කියා සිටී.

ඉන්දියානු නීතිවලට අනුව ඇමෙනස්ටි ඉන්ටර්නැෂනල් ඉන්දියානු ශාඛාව සිය අරමුදල් සොයා ගත්තේ සම්පූර්නයෙන්ම ඉන්දියාව තුළිනි. වසරක් පුරා ඇදී ගිය විමර්ශන කාලයෙහි එළෙස ආධාර කළ ඉන්දියානු ආතන 20ක් හිරිහැර කිරීම් වලට භාජනය වී තිබේ. ඉන්දියානුවන් ලක්ෂයක් එයට මුල්‍යමය ආධාර ලබා දී ඇති අතර මිලියන හතරක ජනතාවක් එය සමඟ සම්බන්ධ වී සිට තිබේ.

ඉන්දියානු ආණ්ඩුව එරට රාජ්‍ය නොවන සංවිධානයන්ට අරමුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් බොහෝ සීමා පනවා ඇත. පසුගිය සතියෙහි රාජ්‍ය නොව සංවිධාන විදේශ මුදල් ආධාර ලබා ගැනීම සීමා කරවන නව නීති එරට ආණ්ඩුව විසින් පණවන ලදී.

රාජ්‍ය නොවන සංවිධාන සඳහා ශ්‍රී ලංකාවෙහිද ඉන්දියිනු නීති රීති අනුව පනතක් සකස් කරන බව පසුගියදා රාජ්‍ය නොව සංවිධාන ලේකම් කාර්යාලයේ ප්‍රධානී පවසා තිබුණි. මේ වන විට ත්‍රස්ත විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායම් ගණනාවක්ම රට පුරා යමින් රාජ්‍ය නොව සංවිධාන තොරතුරු රැස්කරමින් සිටී.

Archive

Latest news

Related news