Friday, April 26, 2024

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය අහෝසි කිරීම ස්ත්‍රීන් අවතක්සේරු කිරීමක්; එය යළි පිහිටුවන්න, සිවිල් සංවිධාන ඉල්ලයි.

නව ආණ්ඩුව බලයට පත්වීමත් සමඟම 1993 වසරෙහි ස්ථාපිත කළ “කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය” අහෝසි කර, එය වෙනත් අමත්‍යාංශයක් යටතට පත් කර (අධ්‍යාපන අමාත්‍යාංශය) රාජ්‍ය අමාත්‍යාංශයකට බලය පවරමින් ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින්නේ ජාත්‍යන්තරව පිළිගත් මූලධර්මවලට ද පටහැනිව ජනගහනයෙන් 52%ක් සහ ජන්දදායකයින්ගෙන් 56% ක් වන ස්ත්‍රීන් ද අවතක්සේරුවට ලක්කරමින් යැයි සිවිල් සංවිදාන ගනනාවක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මේ නිසාම ස්ත්‍රීන්ට සුවිශේෂ වූ ප්‍රශ්න සම්බන්ධයෙන් මැදිහත්ව කටයුතු කිරීම සඳහාත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහාත්, ස්ත්‍රීන්ගේ අභිවෘද්ධිය සඳහා දේශීය සහ ජාත්‍යන්තරව පිළිගත් නීති බලාත්මක කිරීම සඳහාත්, නව නීති සම්පාදන සඳහාත් වෙනත් කිසිදු ව්‍යුහයක් නොමැති අවස්ථාවක තිබූ එකම ව්‍යුහය වන “කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයඅහෝසි කර වෙනත් අමාත්‍යාංශයක් යටතට පත් කිරීම පිළිබඳව අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටින බවද එම නිවේදනය සදහන් කරයි.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

2020.08.17

ගරු ජනාධිපති තුමා,

ජනාධිපති ලේකම් කාර්යාලය,

කොළඹ.

ගරු ජනාධිපතිතුමනි,

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය” නැවත ස්ථාපිත කිරීම.

52% බලය”, රටේ විවිධ ස්ත්‍රී සංවිධාන සහ පුද්ගලයන්ගෙන් සැදුම් ලත් ජාලගත සංවිධානයකි. රටේ සියලු පුරවැසියන්ට ඔවුන්ගේ ජිවිත වඩාත් යහපත් ආකාරයෙන් පවත්වාගෙන යා හැකි වටපිටාවක් නිර්මාණය කරගැනීම සඳහා අවශ්‍ය විවිධ ක්‍රියාකාරකම්වල නියැලෙන අපි, ඒ තුළ විශේෂයෙන් ස්ත්‍රීන්ගේ සහ ළමයින්ගේ අභිවෘද්ධිය සහ ගරුත්වය සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන්නෙමු.

මෙහි දී විශේෂයෙන් රට පාලනය කරන සෑම රජයක් සමගම සියලු පුරවැසියන්ගේ සමාජ, 3⁄4ථික, දේශපාලනික හා සංස්කෘතික සංවර්ධනය සඳහා ඉතාමත් සමීපව සහ සහයෝගයෙන් කටයුතු කරන අපි, ඒ සම්බන්ධව ගනු ලබන නීති රීති, ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාත්මක කරන වැඩසටහන් සම්බන්ධයෙන් ද වඩාත් විමසිල්ලෙන් සිටින්නෙමු.

මෙවර මැතිවරණයේ දී 59.09%ක් ජයග්‍රහණයක් ලබාදෙමින් නව රජයක් පත්කරගෙන ඇත්තේ ජනතා බලාපොරොත්තු රැසක් ඉෂ්ඨ කරගැනීමේ අරමුණ ඇතිවය. විශේෂයෙන් සුරක්‍ෂිත සමාජයක් සහ සුරක්‍ෂිත රටක් තුළ ජීවත්වීමට අපේක්‍ෂා කරන ලාංකීය පුරවැසියන් ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම් සුරැකීම සම්බන්ධයෙන් ප්‍රබල විශ්වාසයක් තබා ඇත.

එවැනි තත්ත්වයක් තුළ සමාජයේ වඩාත් පීඩාවට සහ විශේෂ ගැටළු රැසකට මුහුණ දෙමින් සිටින ස්ත්‍රීන්ගේ සහ ළමයින්ගේ අභිවෘද්ධිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළයුතුව ඇත. මේ නිසාම ඔවුන්ගේ ජීවිත වඩාත් සුරක්‍ෂිත කිරීම සඳහා රටේ විවිධ නීති, අණපනත්, ප්‍රඥප්තිය ආදිය ස්ථාපිත කර ඇතුවා සේම, එක්සත් ජාතිීන්ගේ මානව අයිතිවාසිකම් ප්‍රඥප්තිය සහ

ස්ත්‍රීන්ට එරෙහි සියළු ආකාරයේ වෙනස්කම් පිටුදැකීමේ සම්මුතිය” (CEDAW) වැනි ජාත්‍යන්තර සම්මූතීන්ට ද අප රට අත්සන් කර ඒවා ක්‍රියාවට නැංවීමට බැඳී සිටී.

මෙවැනි තත්ත්වයක් තුළ නව ආණ්ඩුව බලයට පත්වීමත් සමඟම 1993 වසරෙහි ස්ථාපිත කළ “කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය” අහෝසි කර, එය වෙනත් අමත්‍යාංශයක් යටතට පත් කර (අධ්‍යාපන අමාත්‍යාංශය) රාජ්‍ය අමාත්‍යාංශයකට බලය පවරමින් ඔබ කටයුතු කරමින් සිටින්නේ ජාත්‍යන්තරව පිළිගත් මූලධර්මවලට ද පටහැනිවය. ඒ වගේම ජනගහනයෙන් 52%ක් සහ ජන්දදායකයින්ගෙන් 56% ක් වන ස්ත්‍රීන් ද අවතක්සේරුවට ලක්කරමින් ය.

මේ නිසාම ස්ත්‍රීන්ට සුවිශේෂ වූ ප්‍රශ්න සම්බන්ධයෙන් මැදිහත්ව කටයුතු කිරීම සඳහාත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහාත්, ස්ත්‍රීන්ගේ අභිවෘද්ධිය සඳහා දේශීය සහ ජාත්‍යන්තරව පිළිගත් නීති බලාත්මක කිරීම සඳහාත්, නව නීති සම්පාදන සඳහාත් වෙනත් කිසිදු ව්‍යුහයක් නොමැති අවස්ථාවක තිබූ එකම ව්‍යුහය වන “කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයඅහෝසි කර වෙනත් අමාත්‍යාංශයක් යටතට පත් කිරීම පිළිබඳව අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටිමු.

එබැවින්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය තව දුරටත් වෙනම අමාත්‍යාංශයක් ලෙස ස්ථාපිත කර, එය විධිමත් යාන්ත්‍රණයක් තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු ලෙසත්, දැනට යෝජිතව ඇති ස්වාධීන කාන්තා කොමිසම ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් පහත අත්සන් කරන අපි ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තූතියි.

52% බලය. (දුරකතනය -0112-865084 )

01 සමාජ සාධාරණත්වය උදෙසා ස්ත්‍රී ක්‍රියාකාරිත්වය කොළඹ

02 සවිස්ත්‍රි ජාතික කාන්තා ව්‍යාපාරය. – කොළඹ

03 ජනතා සෞඛ්‍ය සංසදයකොළඹ

04 ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරය කොළඹ

05 සවිස්ත්‍රි දිස්ත්‍රික් කාන්තා එකතුව අනුරාධපුරය

06 සවිස්ත්‍රි දිස්ත්‍රික් කාන්තා එකතුව මඩකලපුව

07 සවිස්ත්‍රි දිස්ත්‍රික් කාන්තා එකතුව මාතලේ

08 සවිස්ත්‍රි දිස්ත්‍රික් කාන්තා එකතුව මාතර

09 සවිස්ත්‍රි දිස්ත්‍රික් කාන්තා එකතුව ගාල්ල

10 සවිස්ත්‍රි දිස්ත්‍රික් කාන්තා එකතුව නුවරඑළිය

11 ගැමි කාන්තා පෙරමුණ ගාල්ල

12 ශ්‍රමාභිමානී කේන්ද්‍රය ගම්පහ

13 ඉඩම් හා කෘෂි ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය කොළඹ

14 ගැමි කාන්තා පදනම ගම්පහ

15 කඩවත කාන්තා එකතුව ගම්පහ

16 ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය ගම්පහ

17 ඩාබිදු සාමූහිකය ගම්පහ

18 වනිතා ශ්‍රම නිකේතනයකෑගල්ල

19 අතුරුදහන් වූ ධීවරයන්ගේ මා පිය සංවිධානය මාතර

20 සමූපකාර කාන්තා සමිතිය කෑගල්ල

21 වතු ජනතා ර්ථික අධ්‍යාපන සංවර්ධන භාරය නුවරඑළිය

22 දේශපාලන ක්‍ෂෙත්‍රයේ කාන්තා සංවිධාන ජාලය කුලියාපිටිය

23 ප්‍රජා සංවර්ධන පදනම රත්නපුර

24 දකුණේ ධීවර සංවිධානය මාතර

25 RED Organization – කටුනායක

26 ඌව වෙල්ලස්ස ගොවි කාන්තා සංවිධානය මොණරාගල

27 කාන්තා සංව3⁄4ධන පදනම ඉබ්බාගමුව

28 ප්‍රජා අධ්‍යාපන මධ්‍යස්ථානයතලාහේන

29 Standup Movement Lanka – Katunayake

30 මිතුරු සෙවන බියගම

31 කාන්තා සංවර්ධන කේන්‍ද්‍රය බදුල්ල

32 CLAP‐‐ මහරගම

33 NGO National Front‐ Colombo

34 ශ්‍රී විමුක්ති කාන්තා සංවිධානය මීගමු

Archive

Latest news

Related news