Saturday, April 20, 2024

මරණ දඩුවම නියම වූ චොකා මල්ලීට දෙන ඡන්දය අවලංඟුයි – කීර්ති තෙන්නකෝන්; එහෙම නීතියක් නෑ- නීතිවේදීන්

රත්නපුර   දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි ,  කොමසාරිස් ජෙනරාල් මැතිවරණ කොමිෂන් සභාව සහ රත්නපුර සහකාර මැතිවරණ කොමසාරිස්  වෙත ලිපියක් යනව සමගි ජනබලවේගයේ නිත්‍ය නියෝජිත රජිත් කීර්ති තෙන්නකෝන් රත්නපුර මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කරනු ලැබූ පොදුජන පෙරමුණු අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර මහතා ට (චොකා මල්ලී) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වගන්තිය ප්‍රකාරව මරණ දඬුවම නියම වූ දිනයේ සිට පුරවැසිබලය අහිමි වන බැවින්  ඔහුට  ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි බවට වන නිල දැනුම්දීම සිදු කිරන සේ ඉල්ලා සිටී. මේ අතර නීතිඥයකුද වන පොදු ජන පෙරමුණේ අපේක්ෂක වාසුදේව නානායක්කාර කියන්නේ එම අධිකරණ තින්දුව නොසළකා  මිනීමරුවක ුබවට අධිකරණය තීරණය කර ඇති ගුණසේකරට ජන්දය ප්‍රකාශ කරන ලෙසයි.

ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත අදහස් දැක් වූ ජේෂ්ඨ නීතිවේදියකු පෙන්වා දුන්නේ නඩු තීන්දුවක් අවසන් වන්නේ සියලුම අභියාචනා තීන්දු එනම් අභියාචනා අධිකරණ මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයද ඇතුලත්ව, මගින් එම තීන්දුව සනාථ වුවහොත් පමණක් බවයි . එසේ නමුත් මරණ දඩුවමට ලක් වූ පුද්ගලයකුට ඇප ලබාගැනීම ඉතාමත් දුෂ්කර වන බැවින් ප්‍රෙමලාල් ගුණසේකර තේරී පත්වුවහොත් ඔහුට සිර ගෙදර සිට පාර්ලිමේන්තුවට පැමිණිමට සිදුවනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. සාමන්‍යයෙන් මෙවැනි නඩුවක අවසන් අභියාචනා තීන්දුව ලැබීමට වසර තුනක් පමණ ගතවිය හැකි බැවින් ගුනසේකර ජයගත හොත් එතෙක් පාර්ලිමේන්තුවට සහභාගිවීමට නීතියෙන් ඉඩ තිබේ

එසේ නමුත් දේශපාලන සාදාචාරාත්මක වශයෙන් එවැනි පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කරන සේ ඉල්ලා සිටීම බරපතල ප්‍රශ්ණයක් බව දේශපාලන රචකයෝ ප්‍රකාශ කරති. වාසුදේව නානායක්කාරගේ ප්‍රකාශය සමාජ මාධ්‍ය ජාලයන්හි මහත් විවේචනයකට ලක්ව තිබෙන්නේද එම පදනම උඩය.

රජිත් කීර්ති තෙන්නකෝන් විසින් යවන ලද ලිපිය පහත දැක්වේ.

ප්‍රේමලාල් ජයසේකර ගේ අපේක්ෂකත්වය ශුන්‍ය හා බලරහිත බව සම්බන්ධයෙනි

රත්නපුර මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කරනු ලැබූ පොදුජන පෙරමුණු අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර මහතා ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වගන්තිය ප්‍රකාරව මරණ දඬුවම නියම වූ දිනයේ සිට පුරවැසිබලය අහිමිවේ.  ඒ අනුව, 2020 අගෝස්තු 5 දින පැවැත්වෙන මහා මැතිවරණයේ දී ඔහුට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වන අවස්ථාව හිමි නොවේ.

මැතිවරණයක දී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් නොලබන කිසිදු අයෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වගන්තිය යටතේ ඡන්දය ඉල්ලීම සඳහා වන අයිතිය ද අහිමි (පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු යටත් වන අනුශක්තාව) වේ. ඒ අනුව, රත්නපුර දිස්ත්‍රික්ක පොදුජන පෙරමුණේ ලැයිස්තුවේ මනාප අංක 13 යටතේ තරඟවදින අපේක්ෂකයාට නීතියේ ඉදිරියේ වලංගු අපේක්ෂකයෙකු නොවන නිසා ඔහුට  සලකුණු කරනු ලබන ඡන්ද සියල්ල අපතේ යන ඡන්ද බවට පත්වන බව මැතිවරණ කොමිෂන් සභාව හොඳින් දන්නා ස්ථාපිත කරුණකි.

එවැවින්, අගෝ. 5 දින මැතිවරණයට ප්‍රේමලාල් ජයසේකර ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි බවට වන නිල දැනුම්දීම සිදු කිරීම මැතිවරණ කොමිසම සතු වගකීමකි.  ඒ රත්නපුර දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරි වෙත දැනුම්දීමට  කටයුතු කරන ලෙස ද ඉල්ලමි. තව ද,   ඔහුගේ අංකයට සලකුණු කරනු ලබන මනාපයක් වේ නම් එය ශුන්‍ය හා බලරහිත බව ප්‍රකාශ කිරීම ද.  කොමිසම සතු වගකීමක් බව කාරුණිකව සිහිපත් කරමි

 

Archive

Latest news

Related news