Saturday, May 18, 2024

කොරෝන වසංගතය 2021 ජූනි දක්වා පවතීයැයි ගූගල් සමාගම සේවක සේවිකාවන් දෙලක්ෂයකට එතෙක් නිවසේ සිට වැඩ කිරීමට උපදෙස් දෙයි.

ලොව වඩාත්ම විශ්වාසදායක අන්තර්ජාල සෙවුම් මෙවළම ලෙස සැළකෙන ගූගල් සමාගම එහි සේවකයින් සහ කොන්ත්‍රාත්කරුවන් 200,000 න් වැඩි ප්‍රමාණයක් ලබන ජුනි මාසය දක්වා නිවසේ සිට වැඩ කළ යුතු බව තීරණය කර තිබේ.

ගූගල් හි ප්‍රධාන විධායක නිලධාරි සුන්දර් පිචායි විසින් සඳුදා නිකුත් කරන ලද නිවේදනය ගූගල් සමාගමට අයත් තවත් සමාගමක් වන ඇල්ෆාබෙට් ඉන්කෝපරේෂන් සමාගමට  බලපානු ඇත.

මෙයින් අදහස් කැරෙන්නේ 2021 ජූනි මාසය දක්වා නව කොරොනා ගෝලීය වසංගතය අනතුරක් ලෙස පවතිනු ඇතැයි ගූගල් සමාගම විශ්වාස කරන බවයි. මෙය හුදෙක් ඇමෙරිකාව සම්බන්ධයෙන් පමණක් නොව ගෝලීය වශයෙන් පවතිනු ඇති අනතුරකි.

නව කොරෝනා පැතිරීම මගින් ඇති කරන ලද වසංගත තත්වය නිසා දුරස්ථ වැඩ ක්‍රමයකට මාරුවීමේදී තාක්‍ෂණ කර්මාන්තය පෙරමුණ ගත්තේය.

මාර්තු 11 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානය නව කොරෝනා අසාදනය ගෝලීය වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පෙර ගූගල් සහ තවත් බොහෝ ප්‍රමුඛ පෙළේ තාක්ෂනික සමාගම් තම සේවකයින්ට නිවසේ සිට වැඩ කරන ලෙස පවසා තිබුණි.

සිය එහි කැලිෆෝනියා මූලස්ථානය සහ වෙනත් කාර්යාල වෙත ආපසු පැමිණිමට ඉඩ දීමටය. කල්දැමීමමට ගූගල් සමාගම තිරණය කළ අතර අතර දැන් එය තව දුරටත් කල් දමා තිබේ. .

නමුත් නව මාර්ගෝපදේශ වලින් අදහස් වන්නේ ගූගල් හි විශාලතම කාර්යාල 2021 ජුනි මාසය වන තුරු බොහෝ දුරට හිස්ව පවතිනු ඇති බවයි. මෙම තීරණය ගූගල් සහ අනෙකුත් ඇල්ෆාබෙට් සමාගම්වල වැටුප් ලේඛනයේ සිටින සේවකයින් 123,000 කට වැඩි ප්‍රමාණයකට මෙන්ම සාමාන්‍යයෙන් සමාගම්හි සේවය කරන කොන්ත්‍රාත්කරුවන් 80,000 කට බලපානු ඇත.

වසංගතය නිසා තවත් තාක්‍ෂණ සමාගම් කිහිපයක්ම තම සේවකයන්ට මේ වසරේ නැවත සේවයට පැමිණිය යුතු නැති බව දැනුම් දී තිබේ. ට්විටර් ප්‍රධාන විධායක ජැක් ඩෝර්සි කියා ඇත්තේ මෙම පණිවුඩකරණ සේවයේ සේවකයින් කිසි විටෙකත් කාර්යාලයට පැමිණීමට අවශ්‍ය නැති බවත්ය.

මේ දිනයන්හි බොහෝ යුරෝපා රටවල්ද යළි කොවිඩි 19 ආරක්ෂන පියවර බලාත්මක කරමින් සිටින අතර දැන් පවත්නා ගිම්හාන ඍතුව අවසන්ව සරත් සමය සහ ශීත සමය පැමිණෙන විට වසංගත තත්වය යළි ඉහළ යා හැකියැයි බිය පළව තිබේ.

මේ සියලු කරුණු ශ්‍රී ලංකාවට අදාළ වනු ඇත්තේ සංචාරක ව්‍යාපාරය, විදෙස් රැකියා වෙළද පොළ හැකිලීම මෙන්ම ආනයනික රෙදිපිළි සඳහා සංවර්ධිත රටවල් ඇතිවිය හැකි අඩු ඉල්ලුමද නිසාය.

ගොලීය වසංගතය සදහා පලදායි එන්නතක් නිපදවීම පිලිබඳවද තවම නිශ්චිත කාල රාමුවක් ඉදිරිපත්ව නැත. නව කොරෝන වයිරසය ලේ හරහා නොව ශ්ලේෂ්ම පටල හරහා අසාදනයවන බැවින් හුදෙක් රුධිරයට එක් කරන එන්නතකින් රෝගය බෝවීම වැලැක්විය නොහැකිවනු ඇති බවටද කරුණු ඉදිරිපත්ව තිබේ.

(ඒපී වාර්තාවක කරුණුද ඇසුරිණි)

Archive

Latest news

Related news