Saturday, May 4, 2024

ආණ්ඩුව අධ්‍යාපන කාර්ය සාධක බලකා ඔස්සේ මැතිවරණ මෙහෙයුමක

මේ දක්වා කිසිදු සාධනීය කි‍්‍රයාමාර්ගයක් ගත නොහැකි වූ අධ්‍යාපනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායට සංශෝධනයක් සිදු කරමින් 2020.07.09 දිනැති අංක 2183/43 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් කැළණිය, සබරගමුව, වයඹ විශ්ව විද්‍යාලවල නව වැඩබලන කුලපතිවරු ද නම් කර ඇතැයි ලංකා ගුරු සංගමය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරන ජොෂප් ස්ටාලින් සඳහන් කරයි.

එම නිවේදනය වැඩි දුරටත් මෙසේ සඳහන් කරයි:

සාමාජිකයන් 26 කින් සමන්විතව 2020.03.31 දිනැති අංක 2169/2 දරණ අති විශේෂ ගැසට් ත්‍ර මගින් ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපනය පිළිබඳ කාර්ය සාධක බලකාය පත් කරන ලද්දේ ශී‍්‍ර ලංකාවේ ප්‍රාථමික, ද්විතීයික හා තෘතියික අධ්‍යාපන ක්ෂේත්‍රයන් කාලීන අවශ්‍යතාවයන්ට උචිතවන සේ නවීකරණය කිරීමේ අවශ්‍යතාවය හා උද්ගත වී ඇති කොරෝනා වසංගත තත්වය හමුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ කිසිදු අයුරකින් පසුබෑමකට ලක් නොවී අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමේ ක්‍රමවේදයක් යොදා ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරමිනි.

මෙම කාර්ය සාධක බලකායේ නියෝජනය සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය ජනාධිපතිවරයාට ලිඛිතව කරුණු දැක් වූ අතර, ඒ සඳහා කොළඹ ආනන්ද, කොළඹ විශාකා, මහනුවර ධර්මරාජ, මාතර රාහුල විදුහල්වල විදුහල්පතිවරු පමණක් පත් කිරීම තුළ සාමාන්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් විධිමත් නියෝජනයක් නොමැති බව පෙන්වා දෙනු ලැබීය. දිවයිනේ සියලූ පාසල් නියෝජනය වන පරිදි විදුහල්පතිවරු පත් නොකර ප්‍රධාන පෙළේ අති ජනපි‍්‍රය පාසල්වල විදුහල්පතිවරු සහ පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරු පමණක් මෙම කාර්ය සාධක බලකායට පත් කිරීමෙන් කිසිදු ප්‍රතිඵලයක් නොවූ බව මේ වන විට පැහැදිලි වී ඇත.

අනතුරුව මෙම කාර්ය සාධක බලකාය සඳහා 2020.04.28 දිනැති අංක 2173/7 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් සංශෝධනයක් සිදු කරමින් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයන්ත නවරත්න මහතා, විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ) පී.එන්. අයිලප්පෙරුම මහතා පත් කරන ලදී.

මෙම ජනාධිපති කාර්ය සාධක බලකායට වරින් වර විවිධ සංශෝධන සිදු කළ ද එම කාර්ය සාධක බලකාය මගින් මේ දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් කිසිදු සාධනීය යෝජනාවක් සිදු කර නොමැත. එසේම කෝවිඞ් 19 වසංගත තත්වය තුළ පාසල් දරුවන් පවා කෝවිඞ් 19 ආසාධිතයන් බවට පත්වූයේ මෙම කාර්ය සාධක බලකාය ඒ සම්බන්ධයෙන් ද කිසිවක් නොකිරීමේ පසුබිම තුළය.

2020.01.14 දින අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා කි‍්‍රයාවට නැංවීමට යයි සඳහන් කරමින් ආචාර්ය එම්. උපාලි සේදර මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් පත් කරන ලද අතර, එහි සෙසු සාමාජිකයන් ලෙස ආචාර්ය පී.එන්. මීගහවත්ත, මහාචාර්ය සුදත්ත ලියනගේ, මහාචාර්ය එම්.ඞී. ළමාහේවා, මහාචාර්ය ඩබ්.ඞී. කුලරත්න, හිටපු අධ්‍යාපන අතිරේක ලේකම් එස්.යූ. විජේරත්න, මහාචාර්ය රත්නායක එම්. මුදියන්සේ, ආචාර්ය හර්ෂ අලස්, ආචාර්ය මධුරා වේහැල්ල, මහාචාර්ය නාරද වර්ණසූරිය, ආචාර්ය ටී.. පියසිරි මහතා ඇතුළු නිලධාරීන් 12 ක් පත් කළහ.

[alert type=”success or warning or info or danger”]අමාත්‍යාවරයා පත් කළ එම කාර්ය සාධක බලකාය විසින් කිසිදු පාර්ශවයක අදහස් විමසීමකින් තොරව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළ යෝජනා මේ වන විට රාජ්‍ය මාධ්‍ය මගින් ප්‍රචාරය කරමින් සිටින්න පාර්ලිමේන්තු මැතිවරණය කැඳවා ඇති පසුබිමකය.[/alert]

1991 අංක 19 දරණ ජාතික අධ්‍යාපන කොමිෂන් සභා පනතින් ස්ථාපිත කරන ලද ශී‍්‍ර ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ව්‍යවස්ථාපිත ආයතනය වන ජාතික අධ්‍යාපන කොමිසම මගින් සියලූ පාර්ශවයන් සමග සාකච්ඡාවකින් පසුව 2016 වසරේ ශී‍්‍ර ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳව ජාතික ප්‍රතිපත්තියක් සඳහා යෝජනාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත. එහෙත් මේ දක්වා එම ප්‍රතිපත්ති යෝජනා සම්බන්ධයෙන් කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නොමැති අතර, වර්තමාන ජනාධිපතිවරයා සහ අධ්‍යාපන ඇමතිවරයා පත් කරන ලද උක්ත කාර්ය සාධක බලකායන් විසින් ද ඒ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් ද යොමු කර නොමැති තත්වයෙන් පැහැදිලි වන්නේ අධ්‍යාපනයේ ප්‍රතිපත්ති සම්පාදකයා වන ජාතික අධ්‍යාපන කොමිසම හුදකලා කර ඇති බවයි.

[alert type=”success or warning or info or danger”]අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුවී ඇති බරපතල ව්‍යාකූල තත්වයට මෙම කාර්ය සාධක බලකායන් දෙකෙන්ම කිසිදු සාධනීය යෝජනාවක් ඉදිරිපත් වී නැති අතර, ජාතික අධ්‍යාපන කොමිසම තිබියදී මෙවැනි කාර්ය සාධක බලකායන් පත් කිරීමේ අරුත කුමක් ද යන්න ගැටලූවකි.[/alert]

අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතු වී ඇති මෙම බරපතල ව්‍යාකූල තත්වය හමුවේ රජය කළ යුත්තේ මැතිවරණය අභිමුව මෙවැනි කාර්ය සාධක බලකායන් ඔස්සේ මැතිවරණ ප්‍රචාරක මෙහෙයුම් සිදු කිරීම නොව ජාතික අධ්‍යාපන කොමිසම බලාත්මක කර එමගින් ඉදිරිපත් කළ යෝජනා සංවර්ධනාත්මකව පෙරට ගෙන කි‍්‍රයාත්මක කිරීමේ වැඩපිළිවෙලක් සැකසීමයි.

Archive

Latest news

Related news