කොරෝනා වසංගතයට අදාළව සිදුවීම් ගණනාවක් වාර්තා වෙලා තියෙනවා. ආණ්ඩුව මේ වසංගතයට අදාළව කි‍්‍රයා මාර්ග ගත්තා. වසංගතය පරාජය කිරීමට කටයුතු කිරීම ගැන ත්‍යාග ප්‍රධානොත්සව පවා සිද්ධ කළා. මෙහි ඉහළම රැල්ල එන්නේ ඉදිරියේදී කියාල ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවලා තියෙනවා. ඒ නිසා රටේ තියෙන අනෙකුත් ප්‍රශ්න බලන කෝනයෙන් තමන්ගේ ඇගේ හයියට මේ ප‍්‍රශ්න විසදන්න පුළුවන් කියලා කල්පනා කරන එපා. කලින් එහෙම කළ නිසා දැන් එහි ප්‍රථිපලය සමාජයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය අශී‍්‍රතව පැනනැගුණ ප්‍රහ්නය අද විශාල සමාජ ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. ආණ්ඩුවට පාලනය කර ගැන්න බැරිවුණ සිදුවීම් දෙකක් මතු වුණා. එකක් නාවික හමුදාව ආශි‍්‍රතව ඇති වුණ සිදුවීම, මේ වැඩපිළිවෙළ ආරම්භ කරන කොටම අපි අවධාරණය කළා මේ වැඩපිළිවෙළේ ප්‍රමුඛතාව සෞඛ්‍ය අංශවලට ලබා දෙන්න කියලා. ආරක්ෂක අංශ මැදිහත් කර ගන්නවා නම් සෞඛ්‍ය අංශ යටතේ මේ කි‍්‍රවලියට මැදිහත් කර ගන්න කියලා. නමුත් මේ ආණ්ඩුවත් සමහර හමුදාවේ ඉන්න නිලධාරිනුත් තමන්ගේ ඇගේ හයියට යුද්ධ කරපු අපිට මේක කජ්ජක්ද කියාලා හිතනවා. ආණ්ඩුව මේ ප්‍රශ්නයට මැදිහත් වෙච්ච විදිය අපි දැක්කා. නමුත් ත්‍රිවිධ හාමුදාව අනතුරට ලක් කිරීමක් තමයි ආණ්ඩුව කළේ. කිසීම වගකිමක් නැහැ. ඔවුන්ට මේ ප්‍රශ්න කළමනාකරණය කිරීමට අවශ්‍ය සෞඛ්‍ය දැනුම නැහැ. මේ ප්‍රශ්නයට මැදිහත් වුණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මේ රෝගය වැළදුනේ නැතිතරම් ඉතාම අඩු සිදුවීම් තමයි තිබුණේ. හමුදාව පුහුණු කරලා තියෙන්නේ යුද්ධයකට. ඒ අය කොහොමද සෞඛ්‍ය කි‍්‍රයාලියකට යොදා ගන්නේ. දැන් ඒ නිසා එහි දෙවැනි විපාකය ඇවිල්ලා තියෙනවා.
කන්දකාඩු මධ්‍යස්ථානය සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරිපත් කරන කරුණුවල ගැටලු තියෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ඉදිරිපත් කරන කරුණු සම්බන්ධයෙන් විවාදිත කරුණු තියෙනවා. ඒකට හේතුව කණ්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට අවසාන වරට පිටතින් මත්ද්‍රවය ඇබ්බැහි වූවෙක් ඇතුළු කරලා තියෙන්නේ මැයි මාසයේ 20 වෙනිදා ජූලි මායේ ආසන්න දිනවල තමයි නැවත ප‍්‍රශ්න මතු වුණේ. ඒක මතුවුනේ එතනට ගිය සිරකරුවෙක් නැවත වැලිඩකඩ බන්ධනාගාරයාට ගෙනල්ලා. බන්ධනාගාර වෛද්‍යවරු පරික්ෂා කරද්දි තමයි ඔවුන්ට සැක හිතුනේ. කණ්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ තමයි මේ ප්‍රශ්න ඇති වුණේ.
කන්දකාඩු මධ්‍යස්ථානයෙන් මත්ද්‍රව්‍යයට ඇබ්බැවූවන් ගෙනිච්චේ මැයි මාසයේ 20 වෙනිදා. එහෙනම් මාස දෙකකට පස්සේ එවැනි මත්ද්‍රවය ඇබ්බැහිවූන් හරහා රෝග ඇතිවීමේ ඉඩකඩ නැහැ. සමාජය තුළ ඉදලා මේ කන්දකාඩු මධ්‍යස්ථානයට ඇතුල් වුණා. එක්කෝ එම මධ්‍යස්ථානයේ කටයුතු කරන හමුදාව හරහා මෙතනට ඇතුළ් වුණා කියන එක තමයි අපිට තර්කානුකූලව වටහා ගත හැකි දේ. මෙතනට අවේ කොහොමද කියන ගැටලූව වටහා ගත්තම තමයි ප්‍රශ්න හඳුන ගන්න පුළුන් වෙන්නේ. ඒක වහන්න එපා. ඒ කරුණ ඉතාම වැදගත්. ඒක හරහා සමාජයේ මේක කොච්චර ව්‍යාප්ත වෙලා තියෙනවා කියන ඉඟියක් ලබා ගන්න පුළුවන්. දෙවැනි කාරණය දැන් මේ ඉදිරිපත් වන සංඛ්‍යා ලේඛන හරිද?
අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ තොරතුරු ඉතාම වගකීමෙන් අපිට ඉදිරිපත් කරන්න පුළුන්. ජුලි මායේ 14 වෙනිදාට අනුරාධපුර දිස්ති‍්‍රකයේ රෝගී විසිහය දෙනෙක් වාර්තා වෙලා හිටියා. එයින් දාහත් දෙනෙක්ම රාජාංගනය ප‍්‍රදේශයේ නොච්චියාගම කුසුම්පුර දෙන්නෙක්. සාවස්තිපුර එක්කෙනෙක් . රඹෑව එක්කේනේ, කැකිරාව එක්කෙනෙක්, පාලගල එක්කෙනෙක්, ගල්ලෑව පත්තිනිගම එක්කෙනෙක්. පලූගස්වැව වේරගල එක්කෙනෙක්. තලාව එක් පුද්ගලයෙක්.
මේවා මාධ්‍යවල වාර්තා වෙන්නේ නැහැ. ප්‍රධාන මාධ්‍යවල ප්‍රවෘත්ති ඉදිරිපත් කරද්දි රාජාංගන්යේ ප්‍රවෘත්ති විතරයි වාර්තා කරන්නේ.
ආණ්ඩුව දිගින් දිගටම වගකීම් විරහිතව කටයුතු කරනවා නම් අපි ඉදිරි දිනවලදී ඇත්ත වාර්තා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේක ඉදිරිපත් කළා කියාල ජනතාව භීතියට පත්වෙන්නේ නැහැ. මේවා වාර්තා නොකර ඉන්නේ දේශපාලන අවශ්‍යතාවක් උඩ. වහන්නේ මැතිවරණය තියා ගන්නවා කියන අවශ්‍යතාවය උඩ. මැතිවරණය තියනවාද කල්දානවද නැද්ද කියන එක වෙනම කතාවක්. ඒක රටේ තත්වය සලකා බලලා ගත යුතු තීරණයක්.
මේ තොරතුරු වසංකරල විශාල අනතුරක් සමාජයට ඇති කරනවා. නිවරදි තොරතුර ලබා දෙනවා නම් මේ ස්ථාන සම්බන්ධයෙන් ජනතාටත් අවබෝධයක් හැදෙනවා. මේ යට ගහන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයි. යුද්ධයදි නම් මිනිසුන්ගේ මානසිකත්වය වැටෙනවා කියාල යට ගන්න පුළුන්. මේ එහෙම ප්‍රශ්නයක් නෙවෙයි. අද යට ගන්න පුළුවන් හැබැයි. තව සතියකින් මේ උත්සන්න වෙනවා. අපි ආණ්ඩුවට කියනව තමන්ගේ දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් තොරතුරු වසන්කරමින් මේ මාරාන්තික කි‍්‍රඩාව කරන්න එපා. ආණ්ඩුව මේ ප්‍රශ්න අවසන් කළා කියලා කිව්වට ඒක හරියට උඩින් ඔපේ යටින් හපේ වගේ.
සෞඛ්‍ය මාර්ගෝපදේශනයක් ආරම්භයේ සිට පළ කරනවා කිව්වා තාමක් ඒක නැහැ. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ මාර්ගෝපදේශනය ආණ්ඩුව ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ ගැසට් කරන්නේ නැහැ. ගැසට් කළොත් තමන්ට රිසිසේ මැතිරණ ප‍්‍රචාරක කටයුතු කරන්න වෙන්නේ නැති නිසා. පොදුජන පෙරමුණේ රැස්වීම්වල විශාල ජන ඒකරාසිවීමක් සිද්ධ වෙනවා. මේ සෞඛ්‍ය සම්බන්ධ මේ කාරනාව ගෙනාවේ අනිත් අයගේ දේශපාලන නවත්වන්න. තමන්ට දේශපාලනය කරන්න. අනිත් අයට දේශපාලනය කරන්න නෙවෙයි.
මැතිවරණ කාර්යාල දාන්න බෑ. පීඑච්අයි මහත්වරුන්ගේන් අවසර ගන්න ඕන. දවස් ගාණක් රස්තියාදු වෙන්න ඕන. ගෘස්ථ සාකච්ඡුාවක් කරනවා නම් ඒකට අවසර ගන්න ඕන. හැබැයි ඉතිරි ඒවට මොන ප‍්‍රශ්නයක්වත් නැහැ. අපි වගකීමෙන් කියානවා ගල්නෑව ප්‍රදේශයේ රැස්වීමට පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් සහභාගි වුණා. ඒ රැස්වීමට සහභාගිවෙච්ච ඉතිරි සියලූ දෙනා නිරෝධායනට යටත් කරලා තියෙනවා. මේ අපේක්ෂකය නිරෝධායනට යටත් කරලා නෑ. අපි සොඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලනවා මේකට තියෙන පැහැදිලි කිරීම මොකක්ද කියාල හෙළිදරව් කරන්න.
හමුදාපතිවරයා කියනවා කන්දකාඩු මධ්‍යස්ථාන රෝහලක් කරනවා කියලා. ඒක කොහොමද රෝහලක් වෙන්නේ. කොහෙන්ද සොඛ්‍ය කාර්ය මණ්ඩල පත් කරන්නේ. හදිසියේවත් රෝගය ආසාදිත වුණ අයෙක් හිටියොත් කොහේටද ගෙනියන්නේ.
ලෝකයේ අනෙක් රටවල මේ රෝග වැඩහිටියන්ට ව්‍යාප්තිය වැඩිවුණා. ලංකාවේදී වැඩිහිටයන්ට සිද්ධ වුණේ ඉතාම අඩුවෙන් ඒ නිසා මරණ වාර්තා වුණේ නැහැ. ජීවිත හානි අඩුවෙන්න බලපාපු ඒක හේතුවක් ඒක. ඊලග කාරනාව රෝගය ඉක්මවා යන විදිහට රෝගය වාර්තා වුණේ නැහැ. ලෝකයේ සමහර රටවල්වල වෛද්‍යවරු මිය ගියා. හෙදියෝ මිය ගියා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අය මියගියා. වෛද්‍යවරු මිය ගන්න පටන් ගත්තට පස්සේ ඔවුන් විශාල වශයෙන් කම්පාවකට පත් වුණා. ඒ තත්වයට ලංකාව මුහුණ දුන්නේ නැහැ.
දැන් මේකේන් හම්බ කරන්න පටන් අරගෙන. විදේශීය සිසුන් ගෙන්වනවා කියනවා නමුත් කම්කරුවෝ ගෙන්වන්නෙ නැහැ. ඒ ඔවුන් විශ්වාස කරනව ශිෂ්‍යන්ට සල්ලි තියෙනවා කියලා. නැත්නම් ඒ ශිෂ්‍යන් නිසා නෙවෙයි ගෙන්වන්නේ. වෙන රටක හිරවෙලා ඉන්න මේ අයට ඔය වගේ තුච්ඡ කි‍්‍රයා කරන්න එපා. හදවත් රෝගයකින් මිනියක් ඒවට පස්සේ ඒක ඒ මිනිසුන්ට බාර නොදී පුච්චලා තියෙනාව. මෙහෙමද රට විරුන්ට සලකන්නේ. මේවගේ පෙන දේ තමයි බල කි‍්‍රඩාවට ප්‍රමුඛතාව දෙනවා මිසක් වෙන කිසි දේ ප්‍රමුඛතාව දෙන්නේ නැහැ. තොපි මලත් අපි ඡන්දේ තියනවා කියන තර්කය තමයි මෙතන තියෙන්නේ. මේ විදිහට ජනාතාව පීඩාවට පත්කරලා මැතිවරණවලින් කොච්චර දිනුවක් වැඩක් නෑ.
කිසිම අවධානමක් නැහැ කියාල බොරුව කරන්න එපා. ආර්ථිය පවත්වාගෙන යන ගමන් මේකට මුහුණ දෙන විදියක් සැලසුම් කළයුතුයි. ඒකට අපිට විවාදයක් නහැ. ඇත්ත වසන්කරලා තමන් ගොඩයන පාරක් හොයා ගන්න උත්සාහ කරන්න එපා. ඒක ආණ්ඩුවට අමාරුවෙයි.