Friday, May 17, 2024

එල්ටීටීඊයේ ළමා සොල්දාදුවන් සිටියේ නැහැ; ඒ ජායාරූප නාටකවලින් ගත් ඒවා.- කරුණා අම්මාන්

ඡායාරූප ශිල්පී ස්ටීව් මැකෝරි විසින් 1995 දී  ගන්නා ලද කුඹුරක්  හරහා ගමන් කරන එල්ටීටීඊ කණ්ඩායමක ජායාරූපයක්..

කළක් එල්ටීටීඊ සංවිධානයේ නැගෙනහිර නායකයා වූ සහ ප්‍රභාකරන්ට පමණක් දෙවැනි මිලිටරි නායකයා ලෙස සැළකුණු ස විනයගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් එල්ටීටීඊයේ ළමා සොල්දාදුවන් නොසිටි බව දෙමළ ගුවන් විදුලි නාලිකාවකට පවසා ඇතැයි සිලොන් ටුඩේ පුවත්පත වාර්තා කරයි.

ඔහු මේ බව පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවන්හි එල්ටීටීඊ ය විසින් ළමා සොල්දාදුවන් බඳවා ගැනීම පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කරන ලද අවස්ථාවෙහිදීය.

එල්ටීටීඊය ළමා සොල්දාදුවන් බඳවා ගත් ඉතිහාසීය වාර්තා නොමැ,” යැයි ඔහු පවසා තිබේ. කරුණා අම්මාන් පවසා ඇත්තේ එල්ටීටීඊ නායකයා වූ ප්‍රබාකරන් වසය 18ට අඩු කිසිවකු යුස භටයන් වශයෙන් බඳවා නොගන්නා ලෙස තදින් නියෝග කර තිබූ බවයි. මුල් කාලයෙහි දී පමණක් ළමා සොල්දාදුවන් එල්ටීටීඊයෙහි සිටි බව ඔහු පිළිගෙන තිබේ.

මෙමගින් කරුණා අම්මාන් තමා පමණක් නොව ප්‍රභාකරන්ද ළමා සොල්දාදුවන් බඳවා ගැනීම පිළිබඳ චෝදනාවෙන් නිදහස් කරයි. ලාබාල දරුවන් සොල්දාදුවන් ලෙස බඳවා ගැනීම අන්තර් ජාතික මානව හිමිකම් නීතිය යටතේ දරුණු අපරාධයක් ලෙස සැළකෙයි.

කරුණා අම්මාන් පවසා ඇත්තේ මාධ්‍යයන්හි සංසරණය වන එල්ටීටීඊ නිල ඇඳුමින් සැරසී සිටින ළමයින් එවැනි සමහර ඡායාරූප එල්ටීටීඊ වේදිකා නාට්‍යවලින් ලබාගත් ඡායාරූප බවය. “සමහර මාපියන් නාට්‍ය සඳහා තම දරුවන් එල්ටීටීඊ නිල ඇදුමින්සැරසූ අතර ඒවා සැබෑ ඒවා නොවේ.” යැයි ඔහු කියා තිබේ.

තමා එල්ටීටීඊයෙන් ඉවත් වීමෙන් පසු 6000ක් සටන්කාමීන්ට නිවෙස් වලට යැවූ බව පවසක කරුණා අම්මාන් කියන්නේ ඉන් පසු එල්ටීටීඊ ය විසින් එම පිරිස් අතරින් 60 කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කරන ලද බවත් එය මෝඩකමක් බවයි. කරුණා අම්මාන්ට අනුව එය අපරාධයක් නොව මෝඩකමකි.

කරුණා අම්මාන් එල්ටීටීඊයෙන් ඉවත්වීමෙන් පසු පවා ඔහු යටතේ ළමා සොල්දාදුවන් සේවය කළ බව ඇසින් දුටු සාක්ෂි බොහෝ තිබේ. එවැනි ළමා සොල්දාදුවන් ලෙස සේවය කිරීම පිනිස කරුණා අම්මාන් යටතේ සිය දරුවන් පැහැර ගත් බවට ද මාපියන් විසින් පැමිණිළි ද කර තිබේ. එවැනි බොහෝ අවස්ථා මානව හිමිකම් සංවිධාන විසින් වාර්තාගත කර තිබේ. ඉන් ප්‍රධාන සංවිධානයක් වන්නේ “මානව හිමිකම් සඳහා විශ්වවිද්‍යාල අචාර්යවරු (යාපනය) කණ්ඩායමයි. දැන් එම කන්ඩායම අක්‍රිය වී තිබේ.

මේ  ළමා සොල්දාදුවන් ගැන ඉංග්‍රියෙන් පළ කරන ලද එවැනිි වාර්තාවකි.The Plight of Child Conscripts, UTHR

ශ්‍රී ලංකා යුද හමුදා විසින් කරන ලදැයි කියන යුද අපරාධ පරීක්ෂා කළ යුතු බවට කැරෙන අන්තර් ජාතික ව්‍යාපාරයේ ක්‍රියාකාරිනියක් වන හිටපු බීබීසී වාර්තාකකාරිනියක ද වන ප්‍රාන්සස් හැරිසන් විසින් ලියන ලද “Still Counting the Dead” නම් කෘතියෙහි සදහන් වන්නේ යුද්ධයේ අවසන් දවස්හි මාපියන් සිය ලාබාල දරුවන් එල්ටීටීඊයෙන් බේරා ගැනීම පිනිස රැය එළඹෙන විට ඔවුන් වළලන ලද බැරල්වලට බැස්සවූ බවයි.

දැන් රාජපක්ෂ සෙවනේ සිටින කරුණා අම්මාන් ප්‍රභාකරන් බව සුද්ධ කරන්නට යන්නේ වෙන කිසිවක් නිසා නොව දෙමළ ජනයාගේ ජන්ද බලාගෙන බව විචාරකයෝ ප්‍රකාශ කරති.

Archive

Latest news

Related news