Monday, May 20, 2024

රැස්වීමේ සහ සමාගමයේ අයිතිය පිළිබඳ එජා විශේෂ නියෝජිත ශ්‍රී ලංකා වාර්තාව (01): නිගමන සහ සිවිල් සමාජයට නිර්දේශ

ඡායාරූපය: රැස්වීමේ සහ සමාගමයේ අයිතිය පිළිබඳ එජා විශේෂ නියෝජිත ක්ලෙමො වුලේ.

නිගමන

90. පසුගිය වසර පහ තුළ ශ්‍රී ලංකාව අර්වථත් ප්‍රජාතන්ත්‍රවාදී දියුණුවක් ලබා ඇති අතර, අනාගතයේ දී මෙම ජයග්‍රහණයන්හි පසුබෑමක් සිදුවනු ඇතැයි සිවිල් සමාජය තුළ බියක් පවතී. තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරනු ලබන එනමුත් බිදෙනසුළු වැදගත් ආයතන කඩා බිඳ දැමෙනු හෝ අඩපණ කැරෙනු ඇතැයි ද මාධ්‍ය සීමාවන් පැනවෙනු ඇතැයිද රජයේ පාරදෘශයතාවය ගිලහී ගොස් ස්වයං වාරණය අවශ්‍ය වන වාතාවරණයක් වෙත ආපසු යාමට සිදුවනු ඇතැයිද ශ්‍රී ලාංකිකයන් අතර බියක් තිබේ. මෙය සිදුවීමට ඉඩ නොදිය යුතුය.

91. ජාතික ව්‍යවස්ථාව බොහෝ දුරට සාමකාමී රැස්වීමේ සහ සමාගමයේ නිදහස පිළිබඳ අයිතිවාසිකම් ප්‍රමාණවත් ලෙස ආරක්ෂා කරයි. එනමුත් පරිපාලන මට්ටමින් නීති පැනවීම අවිධිමත් ලෙස ප්‍රතික්ෂේප කිරීම ඇතුළුව නීති අසමාන ලෙස ක්‍රියාත්මක කිරීම නිසා මෙම අයිතිවාසිකම් භුක්ති විඳීම බරපතල ලෙස බාල කරයි. ටෙහි මානව හිමිකම් භුක්ති විඳීම සම්පූර්ණයෙන් සාක්ෂාත් කර ගැනීම සඳහා ජනවාර්ගික හා ආගමික වෙනස්කම් කිරීම්, රාජ්‍ය බලධාරීන් කෙරෙහි අවිශ්වාසය සහ ඇතැම් ප්‍රදේශවල කැරෙන දැඩි මිලිටරීකරනය වහාම විසදිය යුතුය. තවද, දරුනු මානව හිමිකම් උල්ලංනය කිරීම් සිදුකරන අයට දණ්ඩමුක්තියේ වාතාවරණ භුක්ති විඳීමට සහ ඉන් වාසි ලැබීමට ඉඩ දෙන්නේ නම්, එය රාජ්‍ය ආයතන කෙරෙහි ජනතාවගේ විශ්වාසය අඩපණ කැරෙන අතර තිරසාර ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය කරා රටේ ප්‍රගති ගමනටත් තර්ජනයක් වනු ඇත.

92. විශ්වීය මානව හිමිකම් ප්‍රමිතීන් ප්‍රවර්ධනය කිරීමේහිලා රජයේ ක්‍රියාමාර්ග පිළිබඳ ංවරණයන් සහ මග පෙන්වීම් ලබා දෙමින් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීමේදී සිවිල් සමාජය ඉටුකරන වැදගත් භූමිකාව පෝෂණය කළ යුතුය. සිවිල් සමාජය යනු ජනතාවගේ හ සන්නිවේදනයේලා අත්‍යවශ්‍ය සහ හරවත් මාර්ගයක් වන අතර සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ කාරිනියන් ඔවුන්ගේ මෙම කාර්යභාරය ප්‍රමාණවත් ලෙස ඉටු කිරීම සහතික කරනු වස් එකාබද්ධ ආකාරයකින් වැඩ කිරීමට උත්සාහ කළ යුතුය. 2015 සිට රට අත්විඳ ඇති ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය පුළුල් කිරීම සඳහා ඔවුන්ගේ ක්‍රියාමාර්ග ඉවහල් වී ඇති අතර, එම ජයග්‍රහණ පවත්වා ගෙන යාම සහ වැඩිදියුණු කිරීම සඳහා වන අරගලයට ඔවුන් අඛණ්ඩව දායක වනු ඇත.

93. ශ්‍රී ලංකාවේ සැමට මානව හිමිකම් පූර්ණ ලෙස භුක්ති විඳීම උදෙසා කටයුතු කරනු වස් මිනිසුන් සහ ප්‍රජාවන් එක්සත් කිරීම, ඔවුන්ගේ වෙනස්කම් වැලඳ ගැනීම සහ විශ්වාසය නැවත ගොඩනැංවීම සඳහා සමාජ සහයෝගීතාව පිළිබඳ තවත් බොහෝ දේ කළ යුතුය. මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවේ 30/1 හි අඩංගු වන පරිදි ශ්‍රී ලංකා රජයේ කැපවීම් වලට අනුකූලව, මේ සඳහා වන පළමු පියවරයන් තුළට වන්නේ අනිවාර්යයෙන්ම නීතියේ සමාන ආදේශනය සහ නීතියේ ආධිපත්‍යය, ණ්ඩ මුක්තිය අවසානයකට ගෙන ඒම සහ අර්ථවත් සංක්‍රාන්ති යුක්ති සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක් ඇතුළත් විය යුතුය.

97. විශේෂ වාර්තාකරු වෘත්තීය සමිති ඇතුළු සිවිල් සමාජ සංවිධානවලින් මෙසේ ඉල්ලා සිටියි:

() මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, සාමය සහ යුක්තිය පවත්වා ගැනීම වැනි පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා එක්සත්ව හා එකාවන්ව හඩ නැගීම;

() ව්‍යවස්ථාදායක මෙවළම් සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම මගින් මානව හිමිකම් ප්‍රධාන ධාරාව තුලට ඇතුල් කිරීම සඳහා හැකි සෑම අවස්ථාවකම රජය සමඟ සහයෝගයෙන් වැඩ කිරීම;

() පසුගිය වසර පහ තුළ රට ලබා ඇති ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිය පවත්වා ගෙන යාම සහ සුළුතරයන් හා විරුද්ධ මතයන්ට ගරු කරන පුළුල් හා විචිත්‍රවත් ප්‍රජා අවකාශයක් සදහා වන ව්‍යායාමයන් දිගටම කරගෙන යාම;

() සාමකාමීව රැස්වීමේ සහ සමාගමයේ නිදහස සම්බන්ධ අයිතිවාසිකම් අරභයා සිය උපදේශන හා අධීක්ෂණ කටයුතු දිගටම කරගෙන යාම සහ විශේෂ ක්‍රියා පටිපාටි සහ ගිවිසුම් ආයතන ඇතුළුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණයන් සමඟ අන්තර් ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම;

() වින්දිතයින් වෙනුවෙන් යුක්තිය, වගවීම සහ සහනය සෙවීමේ අරමුණින් අතීත හා වර්තමාන මානව හිමිකම් උල්ලංනයන් සම්බන්ධයෙන් වනණ්ඩ මුක්තියට එරෙහිව දිගටම සටන් කිරීම;

() වර්තමාන වාර්තාවේ අඩංගු නිර්දේශයන් පසු විපරම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම.

දළ පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි.

 

Archive

Latest news

Related news