Monday, May 20, 2024

අපි ආසන 25කට වඩා ගන්නවා; රාජපක්ෂට අල්ලස් නඩු නොදැම්මේ මං නොවෙයි, පාර්ලිමේන්තුව – මෛත්‍රීපාල සිරිසේන

බීබීසී සිංහල සේවය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වූ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාර, තමන් ජනාධිපති පදවිය දැරූ සමයේ සිදුවූ ආන්දෝලනාත්මක සිද්ධීන්, ඔහුගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන අනාගතය මෙන්ම රටේ වර්තමාන දේශපාලන ප්‍රවණතා ඇතුළු කරුණු ගැන අදහස් දක්වා තිබේ. පහත පළවන්නේ ඉන් ප්‍රශ්ණ කිහිපයකට ඔහු විසින් දෙන ලද පිළිතුරුය.

ප්‍රශ්ණයඅපි දැක්කා වංචාවට, දුෂණයට එරෙහිව ක්‍රියා කරන්න ඔබ උත්සහයක් ගත්තා. පෙර ආණ්ඩුවේ වැරදි හොයන්න පමණක් නොව ඔබ නායකත්වය දරපු ආණ්ඩුවේත් වැරදි හොයන්න ජනාධිපති කොමිෂන් සභා පත් කළා. එහිදී ඔබ අපේක්ෂා කළ දේ එලෙසම ඉටු කර ගන්න පුළුවන් වුණා ද?

මගේ දේ මං හරියට කෙරුවා. මං කොමිෂන් සභා පහක් පත් කෙරුවා. මහ බැංකු කොමිසම, 2015ට පෙර රජයේ කොමිසම, මගේ රජයේ දුෂණ වංචා කොමිසම ඒ වාර්තා තුනම පාර්ලිමේන්තුවේ සභා ගත කරලා තියෙනවා. මහ බැංකු කොමිෂන් සභා වාර්තාව අනුව තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වලා අර්ජුන මහේන්ද්‍රන් ගේන්න කටයුතු කෙරුවේ. අර්ජුන ඇලෝෂියස්ලා හිරේ දැම්මේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වාර්තාව හම්බ වුණේ ජනාධිපති ධූරය අවසන් වෙන්න කිට්ටුව. ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බැරි වුණා. නමුත් ඒක නීතිපතිවරයාට යැවුවා. අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට යැවුවා. ඒ විදියට මගේ වැඩ සියල්ලම මම කරලා තියෙනවා කිසි දේක අඩුවක් නැතුව. පාර්ලිමේන්තුවට යැවුව ඒවා එතනින් එහා ඒගොල්ලන්ට තියෙන්නේ. ඒවා මට නෙමෙයි තියෙන්නේ.”

ප්‍රශ්ණයබරපතල වංචා සොයන කොමිසම රාජ්‍ය ආයතන 17ක සිදු වෙච්ච වංචා දුෂණ ගැන වාර්තාවක් ලබා දුන්නා. ඒකෙ එක දෙයක් තමයි ස්වාධීන රූපවාහිනී සේවයේ, ITN ආයතනයේ ජනාධිපතිවරණ සමයේදී මුදල් නොගෙවා දැන්වීම් පළ කිරීමේ සිද්ධිය. ඒ අවස්ථාවේ කොමිෂන් සභාව නිර්දේශ කරලා තිබුණා මහින්ද රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට අල්ලස් පනත යටතේ ක්‍රියා කරන්න ඕනා කියලා. මොකද ඒකට වුණේ ?

ඒවා ඉතිං මම දන්නේ නෑ. මට අයිති දේවල් නෙමේනේ ඒවා. ඒවා ඒ විෂය භාර අයිති අයගේ කාරණා.”

ඒ කිවුවේ ඔබ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව කැඳවනවා?

ඔව් ඉතිං, ඒවා පාර්ලිමේන්තුවටනේ දාන්නේ. පාර්ලිමේන්තුවෙන් එහාට අමාත්‍යාංශ, ආයතන වලටයි ඒවා අයිති. ඒවා ජනාධිපතිගේ වැඩ නෙමෙයි.

ප්‍රශ්ණය: කොමිෂන් සභා පත් කරලා, විශාල මුදලක් වැය කරලා, අවසානයේ ඵලක් වෙන්නේ නැතිනම් ?

අපි දැක්කා වංචාවට, දුෂණයට එරෙහිව ක්‍රියා කරන්න ඔබ උත්සහයක් ගත්තා. පෙර ආණ්ඩුවේ වැරදි හොයන්න පමණක් නොව ඔබ නායකත්වය දරපු ආණ්ඩුවේත් වැරදි හොයන්න ජනාධිපති කොමිෂන් සභා පත් කළා. එහිදී ඔබ අපේක්ෂා කළ දේ එලෙසම ඉටු කර ගන්න පුළුවන් වුණා ද?

මගේ දේ මං හරියට කෙරුවා. මං කොමිෂන් සභා පහක් පත් කෙරුවා. මහ බැංකු කොමිසම, 2015ට පෙර රජයේ කොමිසම, මගේ රජයේ දුෂණ වංචා කොමිසම ඒ වාර්තා තුනම පාර්ලිමේන්තුවේ සභා ගත කරලා තියෙනවා. මහ බැංකු කොමිෂන් සභා වාර්තාව අනුව තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වලා අර්ජුන මහේන්ද්‍රන් ගේන්න කටයුතු කෙරුවේ. අර්ජුන ඇලෝෂියස්ලා හිරේ දැම්මේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වාර්තාව හම්බ වුණේ ජනාධිපති ධූරය අවසන් වෙන්න කිට්ටුව. ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බැරි වුණා. නමුත් ඒක නීතිපතිවරයාට යැවුවා. අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට යැවුවා. ඒ විදියට මගේ වැඩ සියල්ලම මම කරලා තියෙනවා කිසි දේක අඩුවක් නැතුව. පාර්ලිමේන්තුවට යැවුව ඒවා එතනින් එහා ඒගොල්ලන්ට තියෙන්නේ. ඒවා මට නෙමෙයි තියෙන්නේ.”

බරපතල වංචා සොයන කොමිසම රාජ්‍ය ආයතන 17ක සිදු වෙච්ච වංචා දුෂණ ගැන වාර්තාවක් ලබා දුන්නා. ඒකෙ එක දෙයක් තමයි ස්වාධීන රූපවාහිනී සේවයේ, ITN ආයතනයේ ජනාධිපතිවරණ සමයේදී මුදල් නොගෙවා දැන්වීම් පළ කිරීමේ සිද්ධිය. ඒ අවස්ථාවේ කොමිෂන් සභාව නිර්දේශ කරලා තිබුණා මහින්ද රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට අල්ලස් පනත යටතේ ක්‍රියා කරන්න ඕනා කියලා. මොකද ඒකට වුණේ ?

ඒවා ඉතිං මම දන්නේ නෑ. මට අයිති දේවල් නෙමේනේ ඒවා. ඒවා ඒ විෂය භාර අයිති අයගේ කාරණා.”

ප්‍රශ්ණය:   මෙවර මහ මැතිවරණයේ ප්‍රතිඵලය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තක්සේරුව කුමක්ද ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දැන් තරග කරනවා අපේක්ෂකයෝ 37ක් විතර. මම හිතනවා 25කට වැඩිය ජයග්‍රහණය කරයි කියලා.”

ප්‍රශ්ණයපාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් බොහෝ කතාබහ මතුවෙනවා. ඇත්තටම ඔබ ඊට කළින් ඒ ගැන දැනගෙන හිටියේ නැද්ද ?

මම දැනගෙන හිටියා නම් මම ඕක වෙන්න ඉඩ තියෙනවද. ඔයා හරි ප්‍රශ්නයක්නේ අහන්නේ ? මම දන්නවනම් ඕක වෙන්න දෙනවද ?”

රටේ ජනාධිපතිවරයා ඔබ. ආරක්ෂක ඇමතිවරයා ඔබ. සේනාධි නායකයා ඔබ. පොලීසිය භාර ඇමතිවරයා. බුද්ධි අංශ තියෙන්නේ ඔබ යටතේ. බුද්ධි අංශ තොරතුරු තිබිලත් සේනාධිනායක, ජනාධිපති වෙච්ච ඔබ දැනගෙන හිටියේ නෑ කියන්නේ මොකද්ද තිබුණ හිස්තැන?

හිස් තැන ඉතින් අද පරීක්ෂණ වලින් බොහොම පැහැදිළිව පෙනී ගිහින් තියෙනවනේ. කවුද වගකිව යුත්තෝ කියල මේ වන විට බොහොම පැහැදිලිව පෙනී ගිහිං තියෙනවා. ඒ හිටපු වගකිවයුතු අයගේ තමා සේවය තහනම් කරලා දැන් ඔය නඩු විභාග වෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩු දාලා තියෙනවා ඒ අයට. ඉතිං ඕක මේ බොහොම පැහැදිළියි. තව තියෙන තත්ත්වයන් ගත්තම හාරහාර කවුද මේක කියන්න තරම් මහා යටට යන්න දෙයක් නෑ. දැන් මේක පරීක්ෂණවලින් ඔක්කොම එළිවෙලා තියෙනවා කවුද වගකිව යුත්තෝ කියලා. දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නඩු දාලා දැන් නඩු විභාග වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග වෙනවා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග වෙන දෙයක්. ඉතිං ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග වෙන දෙයක්, දැන් ජනාධිපති කොමිෂන් සභාවේ කටයුතු කෙරීගෙන යනවා. ඒ නිසා මේක අපි මාධ්‍ය තුළ කතා කිරීමත් සුදුසු වෙන්නේ නෑ.”

ප්‍රශ්ණය:  ඒ සඳහා ඔබ වගකිව යුතු නැද්ද? වගකීම භාර ගන්නවද? ඔබ හෝ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ?

මොන, මොනවා ගැනද?”

ප්‍රශ්ණයපාස්කු ප්‍රහාරය සම්බන්ධ වගකීම?

පාස්කු ප්‍රහාරයට මොකටද මම වගකීම භාර ගන්නේ. වගකීම භාර ගන්න ඕනා වගකිව යුත්තොනේ.”

මම මතු කළේ ඔබ රටේ ජනාධිපති. එවකට සේනාධි නායකයා. එවකට ආරක්ෂක ඇමතිවරයා.එවකට ඔබ පොලීසිය භාර ඇමතිවරයා.

ජනාධිපති කසිප්පු අල්ලන්න යන්නෙත් නෑ, ස්ත්‍රී දුෂකයෝ අල්ලන්න යන්නෙත් නෑ. කුඩු කාරයෝ අල්ලන්න යන්නෙත් නෑ. ත්‍රස්තයෝ අල්ලන්න යන්නෙත් නෑ. ජනාධිපතිගේ තියෙන්නේ ප්‍රතිපත්ති, සැළසුම්, නියෝග සහ උපදෙස්. ජනාධිපති කියන කෙනා, සේනාධි නායකයා.”

ප්‍රශ්ණය: ඒ උපදෙස් නිසිපරිදි නොලැබුණ බවට නේද පහුගිය කාලේ චෝදනා එල්ල වුණේ ?

ඒවා ඔක්කොම හරියට ජනාධිපති කරලා තියෙනවා. එතනින් පහළ මිනිස්සු තමා ඒවා කරලා නැත්තේ. මේ සියලු පරීක්ෂණ වලින් ඒවා පෙනීගිහින් තියෙනවා. ඒ පරීක්ෂණ වලින් ඒවා ඔක්කොම ඔප්පුවෙලා තියෙනවා.”

මේ දක්වා ඔබ හෝ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහි වගකීමක් භාර ගත්තේ නෑ. ජනතාවගෙන් සමාව ගැනීමක් කළේ නෑ. නමුත් අපි දකිනවා ලෝකයේ වෙනත් රටවල යම්කිසි සිද්ධියක් වුණොත් විෂය භාර ඇමතිවරු ඉල්ලා අස්වෙනවා. ඒ අය ජනතාවට කණගාටුව පළ කරනවා. එහෙම කණගාටුව පළ කරන්න ඔබට මේක අවස්ථාවක් කර ගන්න පුළුවන්ද ?

කණගාටුව පළ කරන්න දැනගෙන තියෙන්න එපෑ. ඔයා මේ අහන ප්‍රශ්නය හාරහාරා අවුස්සන්නේ මට හරිම පුදුමයි ඔයා මේ ප්‍රශ්නය හාරහාර ඇවිස්සිම පිළිබඳව. ජනාධිපතිගේ හෝ අගමැතිගේ ආරක්ෂක නිලධාරීන්ට මේ තොරතුර දීලා නැත්නම් කොහොමද ජනාධිපති දන්නෙත්, අගමැති දන්නෙත්?”

(බීබීසී සිිංහල අඩවියෙන් වෙතින් උපුටා ගැනුණී)

Archive

Latest news

Related news