Sunday, May 19, 2024

“ලසන්ත ඝාතන සැකකරුවකු වන එස්.එස්.පී. ප්‍රසන්න ජේ. අල්විස් රහස් පොලිස් අධ්‍යක්ෂකකමින් නෙරපන්න” – අහිම්සා වික්‍රමතුංග

මගේ පියා ලසන්ත වික්‍රමතුංග 2009 ජනවාරි 8 වන දින අත්තිඩියහි දී ඝාතනය කරන ලදී. ඔහුගේ ඝාතනය විමර්ශනය කරනු ලබන්නේ රහස් පොලිසිය විසිනි. 2019 ඔක්තෝම්බර් මාසයේදී රහස් පොලසිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළේ 2010 දී ත්‍රස්තවාදී විමර්ශන අංශය (ටීඅයිඩී) එවකට භාරව සිටි නිලධාරි (ඕඅයිසී) ජේෂ්ඨ පොලිස් අධිකාරී.ආර්. ප්‍රසන්න ජේ. අල්විස් මගේ පියාගේ ඝාතකයින්ට ඩුවම් ලබා දීම වැළැක්වීම සඳහා සාක්ෂි යටපත් කර සැකකරුවන් ආරක්ෂා කර තිබෙන බවයි. එවැනි අපරාධවලට වසර හතක් දක්වා සිර ඩුවම් නියම කළ හැකිය.

එවකට වැඩබලන පොලිස්පති වූ වික්‍රමරත්න විසින් ජේෂ්ඨ පොලිස් අධිකාරී.ආර්. ප්‍රසන්න ජේ. අල්විස් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට රහස් පොලිසියට නියෝග කරන ලදී. ජනාධිපතිවරණයෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා හදිසියේම තම අදහස වෙනස් කළේය. ජේෂ්ඨ පොලිස් අධිකාරී අල්විස් කිසි විටෙකත් අත්අඩංගුවට ගත්තේ හෝ අධිකරණයට ඉදිරිපත් කළේ හෝ නැත.

ඒ වෙනුවට, මැයි 21 වන දින නව රහස් පොලිසියේ අධ්‍යක්ෂක ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරී අල්විස් පත් කරන ලෙස රජය කළ ඉල්ලීම පොලිස් කොමිෂන් සභාව විසින් අනුමත කරන ලදී. මිනීමැරුම් සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග කර මාස කිහිපයකට පසු වැඩ බලන පොලිස්පති වික්‍රමරත්න මහතා විසින් පොලිස් අධිකාරී අල්විස්ව රහස් පොලිසිය භාරව කටයුතු කිරීමට පත් කිරීම මගින් පොලිස් කොමිසමට රවටා තිබේ.

මාර්තු 15 වන දින පුජිත් ජයසුන්දර මහතා විශ්‍රාම ගැනීමෙන් පසු වික්‍රමරත්න මහතා පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන්නේ නීතිවිරෝධී ලෙස බව පොලිස් කොමිසම නොදැන සිටිය හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 සී වගන්තියට අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අනුමැතියකින් තොරව කිසිවෙකුට දින 14 කට වැඩි කාලයක් පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ නොහැකිය.

එස්එස්පී අල්විස්ව රහස් පොලිසියේ කවර හෝ භූමිකාවකින් ඉවත් කිරීමටත්, රහස් පොලිසිය අල්විස් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කිරීමටත් වගබලා ගත යුතු යැයි මම ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටිමි. එස්.එස්.පී. අල්විස් අත්අඩංගුවට ගැනීමෙන් වළක්වා රහස් පොලිසියේ ප්‍රධානියා බවට පත්වීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියකින් තොරව වැඩ බලන පොලිස්පති ලෙස පෙනී සිටින වික්‍රමරත්නගෙන් කරුණූ විමසන ලෙසද මම ඉල්ලා සිටිමි.

මිනීමැරුම් සැකකරුවෙකු ශ්‍රී ලංකාවේ ඉහළම රහස් පරීක්ෂක ආයතනයේ ප්‍රධානියා ලෙස පත් කිරීම සඳහා අනුමැතිය දුන් බවට ස්වාධීන පොලිස් කොමිසම සභාව වාර්තා ගතවීම හොඳ දෙයක් නොවේ .

(අහිම්සා වික්‍රමතුංග විසින් නිකුත් කරන ලද නිවේදනයක සිංහල පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි)

Archive

Latest news

Related news