Sunday, July 21, 2024

පාහියින්ගල ලෙනෙන් හමු වූ දුනු ඊතල කොටස් වසර 48,000ක් පැරණි බව සනාථ වෙයි.

ඡායාරූපය, ෆා-හියන් ලෙනෙහෙි (පාහියන්ගල ලෙන) හමුවූ  මෙවළම් සහ සත්ව කොටස්. (Photo courtesy of Michelle Langley)

දුනු හා ඊතල භාවිතය පිළිබඳ සහ පැරණි ඇඳුම් ආයිත්තම් පිළිබඳව අප්‍රිකාවේ පිටත පිහිටි පැරණිතම සාක්ෂි ශ්‍රී ලංකාවේ නිවර්තන කලාපයෙහි සොයාගෙන ඇති බව  පුරාවිද්‍යායන් පසුගිය සිකුරාදා නිවේදනය කළේය.

Science Advances නම් සඟරාවේ පළ වූ නව අධ්‍යයනයකට අනුව විද්‍යාඥයින් විසින් ශ්‍රී ලංකාවෙහි මුල් මිනිස් පදිංචිකරුවන් පිළිබඳ මේ නව සාක්ෂි සොයාගෙන තිබේ.

මෙම සොයා ගැනීම වැසි වනාන්තර කලාපයන්ට මුල් මානවයන් අනුවර්තනයවීම පිළිබඳ වැදගත් සාක්ෂි සපයන්නේ යැයි එම සඟරාව පවසයි.

අප්‍රිකාවෙහි සිට මුල් මානවයින් වසර 48,000කටත් පෙර  දකුණු ආසියාවට සංක්‍රමණය වන්නට ඇති බවට පුරාවිද්‍යාඥයෝ අනුමාන කරති. තවත් සමහර අධ්‍යනයන් පෙන්වන්නේ වසර 200,000කට පෙර කුඩා කන්ඩායම් වශයෙන් මුල් මානවයින් අප්‍රිකාවෙන් පිිටතට ගමන් කිරීම ආරම්භ කර ඇති බවයි. තවද අප්‍රිකාවෙහිදී මුල් මානවයින් වසර ලක්ෂයකට හෝ දෙකකට පෙර ඇදුම් ආයිත්තම් පැළදි බව සනාථ වී තිබේ.

හියන් ලෙන යැයි නම් කර ඇති ගුහාවෙන් සොයාගත් මේ මෙවලම් ආසන්න වශයෙන් අවුරුදු 48,000 ක් පැරණි වන අතර අස්ථි වලින් සාදාගත් ඊතල හිස් භාවිත කළබවට ඒවා සලකුණු පෙන්වයි. වදුරන්ගේ දත්වලින් සාදා ගන්නා ලද දඩයම් මෙවළම් ද ඒ අතර වේ. එහි දි සොයාගත් මෙම මෙවළම් කාබන් පරීක්ෂනය මගින් ඒවා කොතරම් පැරණිදැයි නිශ්චය කරගෙන තිබේ.

පාහියන්ගල ලෙන පිහිටා ඇත්තේ මෙහිය.

ලුතර දිසාවෙහි යටිගම්පිටිය ගමෙහි පිහිටා ඇති මෙම ගුහාව, පාහියන්ගල ලෙන යැයි ජනප්‍රවාදගතව නම් කර ඇතත් එය ෆාහියන් භික්ෂුවට සම්බන්ධයැයි සනාථ කිරීමට සාධක හමුවී නැත.

කඳුකර පෙදෙසෙක පිහිටා ඇති මෙම ලෙනෙහි තිබූ මීට කලින් වසර 37,000ක් පැරණි මිනිස් ඇටකටු සොයාගනු ලැබීය. දකුණු ආසියා කලාපයෙහි දැනට හමුවි ඇති පැරණිතම මිනිස් ජනාවාස පිළිබඳ පැරනිතම සාක්ෂි ඒවාය.

ෆාහියන් ලෙන 1980 දශකයේ සිට දකුණු ආසියාවේ වැදගත්ම පුරාවිද්‍යාත්මක ස්ථානයක් බවට පත්වී ඇති අතර, එහි වන නටබුන් සහ මෙවලම් නිවර්තන කලාපීය තත්වයන් යටතේ පවා ඉතා හොදින් ආරක්ෂා වී තිබේ.

මෙම පර්යේෂන සොය ගැනීම් පිළිබඳ පරීක්ෂන කරන ලද්දේ Max Planck Institute for the Science of Human History in Germany, Griffith University in Australia and Sri Lanka’s Department of Archaeology ආයතන විසිනි.

Archive

Latest news

Related news