Tuesday, July 16, 2024

රට වසංගතයෙන් නිදහස් කියළ දැන ගත්තම මම පොඩි නැටුමක් නැටුවා- නවසීලන්ත අගමැතිනි ආර්ඩෙන්

කොරෝනා වසංගතයෙන් නිදහස් බව ප්‍රකාශයට පත් කළ ලෝකයේ ප්‍රථම රට බවට නවසීලන්තය අද පත්විය. දූපත් රාජයක් වන නවසීලන්තය මෙම ජයග්‍රහණය ලබා ගත්තේ යුද හමුදා හෝ බුද්ධි අංශ යෙදවීමෙන් නොව සිය සෞඛ්‍ය සේවාව වසංගතය පාලනය කිරීමට බලමුළු ගැන්වීමෙනි.

අද වන විට අවසාන කෝවිඩ් රෝගියා වාර්තා වී දින 17ත් පසුවී ගොසිනි. අද වන විට කිසිදු කෝවිඩ් රෝගියකු රෝහල්හි නැත. එනමුත් රටෙහි දේශසීමා වසා දමා තිබේ. 2019වසරෙහි රටෙහි ජනගහනයට මදක් අඩු ප්‍රමාණයක් සංචාරකයින් එරටට පැමිණ තිබියදීත්ය. සංචාරක ව්‍යාපාරය වෙනුුුුුුවෙන් රට විවෘත කිරීමට තවම එරට තීරණය කර නැත.

එරට මුල්ම කොවිඩ් 19 රොගියා වාර්තා වූයේ පෙබරවාරි 28දාය. රටේ දේශපාලන නායකත්වය වහාම ආරක්ෂාකාරී පියවර ප්‍රකාශයට පත් කළේය. එරට තහවුරු වූ රෝගීන් ගණන 28ක් වූ මාර්තු 19දා අර්ධ වසා දැමීමක් ආරම්භ කල ආන්ඩුව 29 මාර්තු 25වනදා වන විට රට සම්පූර්නයෙන්ම වසා දැමුවේය. ( අයියෝ තවම 27යි නේ, ගණන් ගන්න එපා යැයි කීවේ නැත)

එරට ජනගහනය මිලියන 4.8ක් වන නමුත් කරන ලද කෝවිඩ් පරීක්ෂණ ප්‍රමාණය 294,800 තරම් ඉහළය. වාර්තා වූ මරණ 22කි. වාර්තා වූ රොගීන් ගණන 1154ක් විය. සැකකටයුතු රෝගීන් ගණන 350ක් විය.

අද උදෑසන සිය රට වසංගතයෙන් නිදහස් බව පුකාශය පක් ඛල අවස්ථාවෙහි, “මේ සතුටුදායක පුවත දැනගත් අවස්ථාවෙහි ඔබට දැනුණේ කුමක්ද? යැයි ජනමාධ්‍යවේදිනියක ඇයගෙන් ඇසුවාය. සිනහ වෙමින් මයික්‍රපෝනයෙන් මඳක් පසුපසට ගිය ඇය “ මං පොඩ් නැටුමක් නැටුවා. මගේ දුව පුදුම වෙලා වගේ බලාං හිටියා ඇයි මං සාලයේ නටන්නේ කියළා” යැයි කීවාය.

එවැනි සුන්දර හැසිරීමක් අපේක්ෂා කළ හැකි දේශපාලන නායිකාවකට කොපමණ ආත්ම විශ්වාශයක් තිබිය යුතුද? කොතරම් පිවිතුරු හැඟීමක් තිබිය යුතුද?

නවසීලත්න අගමැතිනිය වන ජසින්ඩා ආර්ඩෙන් දේශපාලන නායකත්වයේ ස්‍ත්‍රී දීප්තිමත් ලකුනක් බවට දැන් පත්ව තිබෙන්නේ ඇයගේ සුහදශීලි සහ අධිශ්ඨාන එමෙන්ම  ස්වභාවික ආත්ම ප්‍රකාශනයන් ද නිසාය.

Archive

Latest news

Related news